http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, August 18, 2012

චාලිගේ දුව සමග රගපෑ රූපවාහිනියේ කුරුල්ලා

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
කිසි දිනෙක නළුවෙකු වීමට සිහින නොබැලූ ඔහු ගමෙන් නගරයට ආවේ පරිගණක පාඨමාලාක් හැදෑරීමටය. නමුත් දෝලනය වන ජීවිතය කොහෙන් නවතීද යන්න නොදැන සිටි ඔහුද නතර වූයේ මේ රටේ ජනප‍්‍රිය නළුවෙකු වීමෙනි. පුංචි තිරයේ දී විවිධ වූ චරිත සමග අප හමුවට එන ඔහු අන්කවරෙක් හො නොව ජනපි‍්‍රය නළු චන්දික නානායක්කාරය.

ඔහු බොහෝ දෙනෙක් හදුනන්නේ සුනන්ද ලෙසය. ඒ ඉතිං ඊට පස්සේ ටෙලි නාට්‍යයේ පරිත්‍යාගශීලි නිහඩ චරිතයත් සමගිනි. ඒත් මේ දිනවල විකාශනය වන අමා ටෙලිනාට්‍යයේ ඔහු අප දකින්නේ නාහෙට අහන්නේ නැති දරදඩු චරිතයක් ලෙසිනි. එකී මෙකී නොකී චරිත බොහොමයකය පණ පෙවූ ඔහු ශී‍්‍ර ලංකා මිරර් සති අන්තය හා කතාබහට එක්වූයේ මෙසේය.

චන්දික මේ දවස්වල රූපවාහිණියෙ කුරුල්ලා වෙලා නේද?

එහෙමද?  මටත් ඒක හිතුණා. කුරුල්ලා නොවී කොහොමද?අපි ඉතිං වෘත්තීය විධියට කරන්නේ රගපාන එකනෙ. ඉතිං කුරුල්ලා වෙන එකේ වැරැද්දක් තියෙනවද?
අපෝ නෑ.

හාමුදුරුවො කෙනෙකුත් වුණා කියලා ආරංචියි

ඔව්. ටික කාලෙකට. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන බවතරණ සහ බවසරණ ටෙලි නාට්‍යයේ මම සිවුරක් දාගත්ත හාමුදුරුවො නමක්. ඒකෙදී චිත‍්‍රපටයකුත් නිෂ්පාදනය වෙනවා. ඒ නමින්ම. ටෙලියකයි චිත‍්‍රපටයකයි එකවර රගපාන්න ලැබුණ එක අලූත් අත්දැකීමක්.

ටෙලි නාට්‍යවලින් චිත‍්‍රපට හදන එක සාර්ථකයි කියලා හිතනවද?

ඒක ගැන හරියටම කියන්න බෑ. දුෂ්කර කාර්යයක්. බලමු මොකද වෙන්නේ කියලා. 

දෙකේම එකවර රගපාන එකෙන් ඔයාලගෙ පොකට් එක අවාසි වුණෙ නැද්ද?

අපට ඒ දේ  තේරුණේ පස්සෙනෙ.ටෙලි නාට්‍යක රගපාන ගමන් නොමිලේම චිත‍්‍රපටියකත් රගපාලා. පස්සේ අපි කතා කරගෙන පොඩි මැද මාවතනට ආවා.

ඇත්තද මුලින්ම රගපෑවේ චාලි චැප්ලීන්ගෙ දුවත් එක්ක කියන කථාව
ඔව්. ජෙරල්ඞීන් චැප්ලීන් එක්ක. හිතාගන්නත් බෑ නේද? හැබැයි මම එයත් එක්ක රගපැවා කියලා දැන ගත්තේ අවුරුදු 10කට විතර පස්සේ. රවින්ද්‍ර රන්දෙණිය මහත්මයා තමයි කිවුවේ.

ඒ කුළුදුල් රගපෑම ගැන මතක් කරමුකෝ.

ගමෙන් කොළඹට ඇවිත් ඉගෙන ගන්න කාලේ අහම්ඹෙන් ලැබුණු චාන්ස් එකක්. පාරෙදි නිතර හම්බෙන හිතවතෙක් ඇහුවා ඉතාලි චිත‍්‍රපටියක පොඩි චරිතයක් කරන්න කැමතිද කියලා. මම හා කිවුවා. කොටුව දුම්රියපොළ කල්කටා දුම්රියපොළ විධියට හදලා තිබුණා. මට තිබුණේ ජෙරල්ඞීන් චැප්ලීන් ළගට ගිහිල්ලා ‘ටිකට් ප්ලීස්’ කියන්න විතරයි. (සිනාසෙයි)

ජෙරල්ඞීන් එක්ක රගපෑවට පස්සේ ඉගෙනීමට මොකද වුණේ


පාඨමාලා කිහිපයක්ම කරා . ඒ හැම එකක්ම භාගෙට කරලා නතර කරා. කොහොම හරි අන්තිමේදී මම විවෘත විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබද උපාධියක් ලබා ගත්තා. ඒ වුණාට මම ගමේ ඉන්න කාලේ හොදට ඉගෙන ගත්තා.

ඒ කාලෙත් මතක් කරමු

පැල්මඩුල්ලෙනුත් ඈතට යන්න  ඕන අපේ ගමට යන්න. අපි ඉතිං වෙලේ නියරේ ඇවිද්ද කොල්ලෝ තමයි. තාත්තා විදුහල්පතිවරයෙක්. අම්මා ගෘහනියක්. ඒක හරිම සුන්දර අතීතයක්.

කොහොමහරි දැන් ඔබ සම්මානනීය නළුවෙක්නේ

ටෙලි නාට්‍ය හතලිස් ගාණක රගපෑවා. චිත‍්‍රපටවලත් රගපෑවා. අවස්ථා කිහිපකදී මම ජනපි‍්‍රයම නළුවා වුණා. නැගී එන නළුවා වුණා. මේ ගමන දුෂ්කරයි. ඒත් මම අද යම් ස්ථාවරයක ඉන්නවා. ඒ නිසා තෘප්තිමත්.

විවාහ වෙන්න කල්පනාවක් නැද්ද?
කියන්න බැරි වුණාට දැන් වයස 37යි. (සිනාසෙය) වයස පහුවෙලා. කෙනෙක් හොයාගෙන කේන්දර එහෙම බලාගෙන විවාහ වෙනකොට තවත් කල් යනවා. ඒ කාලේ පෙම්වතියෝ හිටියා. සෙල්ලමට ආශ‍්‍රය කළේ නෑ. නමුත් බදින්න තරම් ආර්ථික ස්ථාවරත්වයක් තිබුණේ නෑ. දැන් ඉතිං ගැලපෙන කෙනා ලැබුණොත් බදිනවා.

මේ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ නිළියක් ඔබ ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා කියන්නේ ඇත්තද?

ඔය කියන නිළියට මම ගොඩක් ගරු කරනවා. මේ කට කතා නිසා දැන් මට මොනවා ලැබුණත් මගේ උත්සහයෙන් මොනවා ලබාගත්තත් ඒ නිළිය දුන්නා , නැත්නම් ඒ නිළිය කියලා දුන්නා කියලා තමයි කියන්නේ. වැඩි ඈතක නෑ ඊයෙත් ඔහොම දෙයක් වුනා. ඉතිං මොනවා කරන්නද මිනිස්සුන්ගෙ කටවල් වහන්න මට බෑනේ.
කටකතා තුරන් වෙලා හැමදේම සාර්ථක වෙන්න කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා.

බොහොම ස්තූතියි.
සංවාදය- ශිරන්තනි මානවඩු

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts