https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label VISHESANGA. Show all posts
Showing posts with label VISHESANGA. Show all posts

Friday, February 28, 2014

SRI LANKAN GREEN PIT VIPER

Sri Lankan Green Pit Viper ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන ලංකාවට ආවේණික සර්පයකු වන පලාපොළඟා Trimeresurus trigonocephalus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි. “ලෝරියල්” සිදුරු සහිත පොළඟුන් කණ්ඩායමට මෙම සර්පයා අයත් වේ. රුක්වාසී සර්පයකු වන පලාපොළඟා නිශාචර වන අතර බොහෝ විට අලසව ගස්වල නිදා සිටින බව දැකිය හැකි වේ. මුහුදු මට්ටමේ සිට කඳුකර දක්වාම ව්‍යාප්ත වී ඇත.

විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ වැවිලි සහිත ප්‍රදේශවල පලාපොළඟා බහුලව දක්නට ලැබේ. ඉක්මනින් කෝප නොවන සර්පයකු ලෙස හැඳින්වෙන පලාපොළඟා නිලට හුරු කොළ පාටින් යුතුවේ. උදරය ප්‍රදේශය කහ පාටට හුරු කොළ පැහැති අතර ශරීරයේ තැනින් තැන කළු පැහැති පැල්ලම් දක්නට ඇත. හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා පලාපොළඟාගේ ඇස හා නාසය අතර ලෝරියල් සිදුර දක්නට ලැබේ. දිග අඩි 4 පමණ වන වල්ගය කෙටි සර්පයෙක් වේ.

පලාපොළඟා අයත් කුලය “වයිපරිචේ” වන හෙයින් බෝවීම පැටවුන් මඟින් සිදුවේ. මෙම වර්ගයේ ගැහැනු සතකු වරකට පැටවුන් 5ත් 30ත් අතර සංඛ්‍යාවක් බිහි කරයි.කුරුල්ලන්, මීයන් හා ගෙම්බන් වැනි සතුන් ආහාරයට ගන්නා පලාපොළඟා මඳ විෂ සර්ප කාණ්ඩයට අයත් වන නමුත් දෂ්ට කළ ස්ථානය ඉදිමුම දින කිහිපයක් පවතින අතර එම ස්ථානය පැසවීමට හෝ කුණුවීමට ඉඩක් ඇති අතර මෙතෙක් මරණ කිසිවක් වාර්තා වී නැත. කැලෑ එළිපෙහෙළි කිරීම නිසා වාසභූමි අහිමි වී යෑම මෙම සර්පයාට විශාල තර්ජනයක් වී ඇති අතර ලංකාවට ආවේණික පලාපොළඟා වඳවී ගියහොත් ලොවටම අහිමි වී යනු ඇත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts