http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Sunday, August 5, 2012

මහනුවරම සසල කරමින් සැරිසරන අත්භූත සිසුවිය ගේ ඡායාරූපය සත්‍ය ද ?



මේ දිනවල අන්තර්ජාලයේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇති කාගෙත් කතා බහට ලක්ව ඇති ඡායාරූපයක් වන මහනුවර බාලිකා‍ පාසලේ සැරිසරන අත්භූත සිසුවියගේ ඡායාරූපයයි මේ.

මේ පිළිබදව බොහෝ දෙනා විවිධ මත පළ කරන අතර පහත දැක්වෙන්න ඡායාරූපකරණය පිළිබද ඉහළ දැනුමක් ලැබූ අයෙක් තාක්ෂණික තත්ත්වයෙන් මෙම ඡායාරූපය විස්තර කළ ආකාරයයි.

“මෙම ඡායාරූප ගැනීම සඳහා හැම විට ම භාවිතා වන්නේ චලනය වන වස්තුවට සාපේක්ෂ ව අඩු ද්වාර වේගයකි. චලනය වන අරමුණට සමගාමී ව කැමරාව ද චලනය කරවීමෙන් චලනය වන වස්තුවේ වේගය සාපේක්ෂ ව ශූන්ය වෙයි. කැමරාව ද චලනය වන නිසා අඩු ද්වාර වේගය තුළ අවට පරිසරය ඇදී ගිය ආකාරයෙන් සටහන් වෙයි. මෙම ඡායාරූපවල අරමුණ වන්නේ ම එහි වලනය වන වේගය පෙන්වීම ය. එමෙන්ම ප්‍රධාන වස්තුවේ කිසියම් හෝ තැනක් පැහැදිලි ව නාභි ගත ව තිබීම සුදුසු වුව ද, එය මූලික සාධකයක් වන්නේ ද නැත. අගය කිරීමක දී, සමස්ත පින්තූරයේ ම ඇති පින්තාරුමය Painting ස්වභාවය ගැන පමණක් සැලකිළිමත් වෙයි”

මෙම ඡායාරූපයට මෙලෙස විග්‍රහයක් ලැබීමේදී හෙද උත්සවය සංවිධානය කළ හෙද පාලිකාවක් පැවසූවේ සැරසිලි කිරීමට සම්බන්ධ වූ කිසිවෙකු සුදු ඇදුමෙන්, සුදු සපත්තු දමා නොසිටි බවයි. තවද පිටස්තර කිසිම කෙනෙක් එතැන නොසිටි අතර තනි කකුලක් ඇති අයෙක් කිසිම අයුරකින් සැරසිලි වලට සහභාගී නොවූ බවයි.

තවද මෙම ඡායාරූපය ඩිජිටල් කැමරාවකින් ගත් එකක් වන අතර නිර්මාණය කළ තැනූවක් නොවන බව පැහැදිලි කරුණකි.

එසේනම් මෙය සැබවින්ම අනතුරින් මියගිය පාසල් සිසුවියගේම අත්භූත ඡායාරූපයක් විය හැකියි. තම පාසලට බෙහෙවින් ආදරය කළ ඇය තම පාසල අවට සැරිසරනවා විහ හැකිය.

කෙසේ නමුත් මෙහි සත්‍ය තවමත් හෙළිදරව් කරගැනීමට කිසිවෙකු සමත් වී නැත.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts