http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, August 11, 2012

‘දැන් මම සිටු දියණියක්’

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgDz6odPuTLN7h79snNKSo_OMvhTicZLAuJbwC6JvLvQaXqO1wB3VyhvvE6vvyjMJxq2nrfdjQqxcajjRWhInW7npxsngDz81Cd3RYA3uloxiTcKSdOC9AU3jT0KHWvzvHOQzyFbacmoBOo/s1600/Z%2540Z+%25286%2529.jpg
සිටු මැදුර, ඡායා වැනි ටෙලිනාට්‍ය ඔස්සේ මේ දිනවල පුංචි තිරයේදී අපට හමුවන මේනකා මධුවන්ති දක්ෂ රංගන ශිල්පිණියකි. එසේම ඇය පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් රංගන ශිල්පිණියකි. මේනකාගේ මේ දිනවල කලා කටයුතු පිළිබඳව ඇය ශ‍්‍රී ලංකා මිරර් සමඟ දොඩමළු වූයේ මෙසේය.


මේනකා මේ දවස්වල සිටු මැදුරක නේද?

ඔව්. ටික කාලයකට සිටු දියණියක් වුණා. නැත්නම් දැන් මම සිටු දියණියක්. සිටු මැදුර රූගත කිරීම් එක්ක හරිම සතුටින් කල් ගෙවනවා.

සිටු මැදුරේ රගපාන්න ලැබිම ඔබේ ජීවිතයට මොන වගේ අත්දැකීමක්ද එක් කළේ.

ඇත්තටම මුලින්ම අධ්‍යක්ෂකවරා මතක් කරන්න  ඕන. කි‍්‍රස්ටි ෂෙල්ටන් ප‍්‍රනාන්දු මහත්මයා. ඔහුගෙන් ලැබෙන ගුරුහරුකම් මගේ රංගන ජීවිතයට ලොකු අත්වැළක්. ප‍්‍රවීණයන්ගේ ඇසුර ඇතිව වැඩ කරන්න ලැබීම භාග්‍යක්. ඒ වගේම මට ලැබිලා තියෙන චරිතයටත් මම කැමතියි. ඒ චරිතය මගින් මට ලොකු දෙයක් කරන්න පුළුවන්.

ඔබ කලා ක්ෂේත‍්‍රයට පැමිණේන්නේ නර්තන ශිල්පිණියක් විදියට?

ඔව් මම සිරස ඩාන්සින් ස්ටාර්ස් 2වැනි අදියරට  සහභාගී වුණා. එතෙනදි තමයි හැමෝම මාව හදුණා ගත්තේ.

ඔබට නිළියක් වීමට වාසනාව ලැබෙන්නේ කොහොමද?

මම මුලින්ම රගපෑවේ 2011 දී අරුණ පත්තිණිගේ මහත්මයාගේ ‘‘ද හෝප්’’ කියන චිත‍්‍රපටයේ. එක ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවලට ඉදිරිපත් කෙරුණු  චිත‍්‍රපටියක්. මම වගේම ගොඩක් අලූත් අය යොදාගෙන තමයි ඒ චිත‍්‍රපටය නිර්මාණය කෙරුණේ.

ඔබට රංගනය කියන විෂය දැනෙන්නේ මොන විදියටද?

ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මම රංගනය හදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් වැඩකරද්දි අපට පහසුවෙන් ඒ දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. උප්පතතියෙන්ම රංගන හැකියාව පිහිටලා තියෙනවා නම් වැඩ කරද්දි ලේසියි.ඊට හැදෑරුමකුත් එකතු වුනානම් තවත් වටිනවා.

ඔබ අනෙකුත් අය අතර සුහදශීලී චරිතයක්ද?

ඇත්තටම මම කැමතියි සැහැල්ලූවෙන් ඉන්න. හැමෝමත් එක්ක ගොඩක් හොඳින් ඉන්න. ඒත් වැරුද්ද විඳදරා ගෙන ඉන්න නම් කැමති නෑ.

ප‍්‍රවීණයන්ගෙන් ඔබට ගුරුහරකම් ලැබෙනවාද?

ඇත්තටම ඔව්. ඒත් කණගාටුයි කියන්න.ඒ අය සියයට 1ක් විතර තමයි නවක නළුවෙක් හෝ නිළියක් බාරගන්නේ. නවකයෝ ඉදිරියට යනවට බහුතරයක් දෙනා කැමති නෑ.

නිළියක් වෙන එක ඔබේ හීනයක් වී තිබුණද?

නෑ. මම ඉගෙන ගත්තේ බැංකු නිළධාරියක් වෙන්න. ඒත් හැකියාවත් එක්ක මට අහම්බෙන් නිළියක් වෙන්න අවස්ථාව ලැබුණා.

නිවාඩු වෙලාවට මොකද කරන්නේ.

චිත‍්‍රපටි බලන එකම තමයි. ඒක වෘත්තීය ජීවිතයටත් අදාල නිසා පාඩු නැති නිවාඩුවක් ගෙවනවා.

පවුලේ විස්තර ටිකකුත් කියමු.
නංගියි මමයි අම්මයි තාත්තයි ඉන්නේ. ඒ අයගෙන් මගේ වෘත්තීය කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා

ආදරවන්තයෙක් ඉන්නවද
ඒක නම් කියන්න බෑ. මෙහෙම කියන්නම් . හොද කෙනෙක් හම්බවුණ වහාම විවාහ වෙනවා.

මොනවද අනාගත බලාපොරොත්තු
දක්ෂ රංගන ශිල්පිණියක් වෙලා සම්මානයක් දිනා ගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව

සංවාදය- ශිරන්තනි මානවඩු

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0ehK2thoalFgM1mtifBxO8woDmlABRdvOCMVyo5ezDw5PvoiXio-pu2hXY53rjtNTSgJTxjimu7aKvId9s070S3Q9UPTlA3F7PD_iWjCjv70ieF295KhLLdAjhlu07dATyCs1ewPXAZQg/s1600/Z%2540Z+%25283%2529.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9bQH6NlL31a7p4PBA3zwjrYzJX7zCxwim6Cvr4n4wuAiSy47l1aJ5tF4ehyphenhyphenqv0M4EHUS60fbWdHOe4C3Pk3R-P1UJtQMOZv1aLHpmN0IYz9U8yZLuA9MBPSgQpvuNNfuabTk23mXiLWOM/s1600/Z%2540Z+%252813%2529.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQONCGMtqDge5QFKqzJhm1Bowhq08xI-ccPU2kVsQGhlM-flLqYwpABDQu-FkPqM-oI6XOYr2WJLK6FElmw0iDk7TTJxNb1xQO2D8H9-juT1_2vFda3Cj8gtlKdZHBbRxEZfWu4ZDmNhQB/s1600/Z%2540Z+%25287%2529.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjiWgPXi0dbKiyd6V0pxsFz-UlLAlTQ6GMVDjtYUT49Iv3ePilgSMCJWs3ydMzKbEOXzC0Ubi73T0XWz5_7bLsDrpA8g7bZ9qvdRX_WigV3vzScdYlOKxCdRqtBv4Ibifn3b8KjDzXzpOZp/s1600/Z%2540Z.jpg



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts