http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, February 29, 2012

THARUKA WANNIARACHCHI TRIP

JACKSON GE PUTHAGE

http://2.bp.blogspot.com/-YLQKqGG4iHc/T0z1TpiBRZI/AAAAAAAAIl0/4H2WnMR1Pos/s1600/JAKA-1.jpg 

http://3.bp.blogspot.com/-ccbIYfdZy-c/T0z1OLIK6jI/AAAAAAAAIlo/Iy7jiiAgSfg/s1600/JACK2.jpg

http://3.bp.blogspot.com/-KXpSoR9GQp8/T0z1QV0Q0PI/AAAAAAAAIls/95OVx5zkVmE/s1600/JACK3.jpg

පොඩි දඟ වැඩ නැතුව නෙමෙයි. . .

පොඩි දඟ වැඩ නැතුව නෙමෙයි. . .
නිවේදිකාවක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට පුංචි තිරයේ රංගන ශිල්පිණිය ලෙස ප්‍රේක්ෂක ඔබ වඩාත් හොඳින් හඳුනාගෙන ඇත. "ජීවිතය ලස්සනයි" ටෙලි නාට්‍යයේ "සුදු නංගී" නම් චරිතය ඔස්සේ ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ ඇයගේ රංගන දායකත්වය මේ දිනවල විකාශය වන "පිනි අග පුළිඟු" සහ "සිහින පුරය" යන ටෙලි නාට්‍යය ඔස්සේ ද දැකබලාගත හැකිය.

ඇය අයෝමි ශානිකා. . .

*සම්පූර්ණ නම

නාගොඩ ගමගේ අයෝමි ශානිකා

*උපන්දිනය

 සැප්තැම්බර් 12

*ලග්නය

තුලා

*පදිංචිය

බත්තරමුල්ල

*උස

අඩි 05


*අයෝමි, ඉතින් කොහොමද ජීවිතේ?

මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා ඒ පැත්තෙන් ටිකක් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ නිසාම පහුගිය කාලේ ගොඩක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිවේදන කටයුතුවලටත් අවස්ථාව ලැබෙන විදිහට දායකවෙනවා. "බහිරව කන්ද" කියලා අලුත්ම ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට සම්බන්ධ වුණා. ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ ඒ ටෙලි නාට්‍ය නිෂ්පාදනය වුණේ. ලොකු වෙනසක් ඇතිකරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී "රජ වත්ත" කියලා අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු ආරම්භ කරන්නත් සූදානමින් ඉන්නවා. "කෝරළේ මහත්තයා" දෙවන කොටසත් මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයි.

*කොහොමද මේ දවස්වල ඔබේ අධ්‍යාපන වැඩ කටයුතු?

අවුරුදු 05 ක් ඉගෙනගත්තා උපාධිය සම්පූර්ණ කරන්න. සෑහෙන දුකක් වින්දා. පළමු වසර විභාගයවත් ලියලා තිබුණේ නෑ "ජීවිතය ලස්සනයි" පටන් ගනිද්දි. ඒ නාට්‍යය තුළදීම මට වසර 03 ක විභාගවලට මුහුණදෙන්න සිද්ධවුණා. ඒ දවස්වල නම් හරිම දුකක් වින්දා. අනිත් සිසුන් පූර්ණකාලීනව අධ්‍යාපනය හදාරද්දි මට රංගන කටයුතුත් එක්ක අධ්‍යාපනය හැදෑරුවා. දෙකම සමබරව අරන් ගියා.   
 
*ඔබ මේ වනවිට ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට වෘත්තීය වශයෙන් කටයුතු කරනවාද?

මම මේ කාලේ සීමාවාසික පුහුණුව ලබනවා. එහිදී අපිට කැමති රෝහලක් ලබාගන්න පුළුවන්. මේ වනවිට බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල සහ නාවින්න ආයුර්වේද රෝහලේ සේවා කටයුතු කරගෙන යනවා.

*පූර්ණ වශයෙන් කලා කටයුතුවලට පමණක් සම්බන්ධවෙන්න ඔබේ කැමැත්තක් නැද්ද?

මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට වැඩ කරන්න ගොඩාක් ආසයි. මගේ පුංචි කාලේ ඉඳන් හීනේ වුණෙත් වෛද්‍යවරියක් වීම. ආයුර්වේදය කියන්නේ මම ඉස්සර පොඩ්ඩක්වත් හිතපු පැත්තක් නෙමෙයි. නමුත් අද මම ගොඩක් ආදරය කරනවා ආයුර්වේදයට. ඒ නිසා මේ දෙකම පුළුවන් තාක් කල් සමබරව අරගෙන යනවා.

*රිදී තිරය සහ වෙනත් කලා නිර්මාණ සඳහා ඔබේ දායකත්වය ලබාදෙන්න අදහසක් නැද්ද?

රිදී තිරය සඳහා හොඳ අවස්ථා 02 ක් ලැබුණා. නමුත් අධ්‍යාපන කටයුතු අවසන් කළ යුතුව තිබුණ නිසා ඒ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒ වගේම මම වේදිකාවටත් ගොඩක් ආදරෙයි. පාසල් කාලේ මම වේදිකා නිර්මාණවලට සම්බන්ධ වුණා. ජයලත් මනෝරත්න මහතාගේ "සුදු රෙදි හොරු" නාට්‍යයට සහ මේ දිනවල නාමෙල් වීරමුණි මහතා‍ගේ "නැට්ටුකාරි" නාට්‍යයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

*මේ වනවිට ඔබ තරුවක් කියලා ඔබ හිතනවාද?

මම නම් පොළවේ පය ගහලා ඉන්න කෙනෙක්. රංගන ශිල්පිණියෝ, ගායක ගායිකාවෝ ඔය හැමෝටම තරු කියලා කියනවා. එහෙම තරුවක් වෙලා බැබළෙන්න පුළුවන් නම් ඒක හොඳ වාසනාවක්. ඒත්, තරු පායනවා බැහැලා යනවා. මම නම් බොහොම සරල, නිහතමානී, කාත් එක්කත් බොහොම සහයෝගයෙන් ඉන්න, බොහොම සාමාන්‍ය කෙනෙක්.   

*කලාව කරලා හම්බකරන්න බෑ කියන අදහසට ඔබ එකඟවෙනවද?

මම එහෙම කියන්නේ නෑ. කලාව වෘත්තිය වශයෙන් කරන බොහෝදෙනෙක් ලංකාවේ ඉන්නවා. ක්ෂේත්‍රයට එන පිරිස වැඩියි. ඒ නිසා එක් අයෙකුට ලැබෙන අවස්ථා ගණන අඩුවෙනවා. ඒ තුළ යම් අස්ථාවරභාවයක් තිබෙන්න පුළුවන්. නමුත් මොළේ කල්පනා කරලා ඕනෑම කලා ශිල්පියෙකු හෝ ශිල්පිණියක තමන් ලබාගන්නා මුදල හොඳ ආයෝජනයක් කරලා තමන්ට ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්න පුළුවන් විදිහට කටයුතු කරනවා නම් මම හිතන්නේ නෑ වරදියි කියලා. තමන්ගේ මොළේ කල්පනා කරලා හොඳ කළමනාකරණයක් තබාගත යුතුයි.

*වර්තමානයේ කලා ශිල්පීන්ගෙන් අන්තර්ජාල වෙබ් අඩවිවලට විවිධ චෝදනා එල්ලවෙනවා. විශේෂයෙන් වගකීමකින් තොරව ජනප්‍රිය චරිත පිළිබඳව විවිධ පුවත් පළකරනවා කියලා. මේ සම්බන්ධව ඔබ දරන අදහස මොකක්ද? 

එවැනි පුවත් පළවුණු බව අහන්න දකින්න ලැබෙනවා. නමුත් අදාළ කෙනා තමයි සත්‍ය සිදුවීම ගැන දන්නේ. ඉතින් සිද්ධියට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් පළවුණාම ඔවුන් ඇත්තෙන්ම අපහසුතාවයට පත්වෙන්න පුළුවන්. කලා ශිල්පියෝ ශිල්පිණියෝ විදිහට අපි හැමවෙලේම අපි ගැන හිතන්න ඕන. සමහර වෙලාවට අපි කරන චරිතයෙන් තමයි අපිව මනින්නේ. සමාජයේ සුප්‍රසිද්ධ චරිතයක් නම් තමන්ගේ චරිතය ගැන දැඩි අවධානයකින් සිටිය යුතුයි. කලා ශිල්පීන් නිතර ජනතා අවධානයට ලක්වෙනවා. ඒ වගේම එතනත් චරිතයක්, ඔවුන් තවදුරටත් සමාජය තුළ ජීවත්විය යුතුය යන කරුණු ගැන ඒ වෙබ් අඩවිවල පුවත් පළකරන්නන් සිතිය යුතුයි.  

*මොකද මේ පුංචි කාලේ ඉඳන් වීදුරු පිඟන් කෝප්ප පෙන්නන්න බෑ කියන්නේ?

ඔය කියන සිද්ධිය වෙනකොට මගේ මල්ලි ඉපදිලත් නෑ. ඒ දවස්වල මම කැමති නෑලු ප්ලාස්ටික් පිඟන්වල කන්න. පෝසිලේන් පිඟන්වලම තමයිලු කන්න ඕන. අම්මා කියන විදිහට මම කාලා ඉවරවෙලා පිඟාන බිම අතඅරිනවලු. මම විතරනේ හිටියෙත්. ඉතින් අම්මලත් කමක් නෑ කියලා මට පාරක්වත් ගහලා නෑ. දුසිමෙන් එකක් බිඳුණට කමක් නෑනේ කියලා ඉවසගෙන ඉඳලා.

*තවමත් දර්ශන තලවලදී පිඟන් කෝප්ප බිඳින සිරිත සමහර අවස්ථාවලදී මතුවෙනවලු නේද? අපිට දැනගන්න ලැබුණා ඔබේ ඒ පුරුද්ද නිසා ශිල්පීන් කිහිපදෙනෙකුත් තුවාල නොවී බේරුණේ අනූනමයෙන් කියලා?

ඒක නම් බොරු කතාවක්. එහෙම කිව්වා නම් ඒ විහිළුවට වෙන්න ඇති. අද වෙනතුරු කාටවත් පිඟන්වලින් ගහලා නෑ.

*පුංචි තිරයේ දී ඔබ නිරූපණය කළ දඟකාර, අහිංසක චරිත අපට දැකගන්න ලැබිලා තියෙනවා. සැබෑ ජීවිතයේදීත් ඔබ දඟකාරද?

මගේ ගෙදර අම්මියි, තාත්තියි, මමයි, මල්ලියි ඉන්නේ. මම කොයිතරම් ලොකු වුණත් එයාලාට තවමත් මං ගැන එහෙම හිතන්නේ නෑ. ඉතින් ඒ නිසා පොඩි දග වැඩ නැතුව නෙමෙයි. නමුත් මම දැන් වෛද්‍යවරියක්, ඒ වගේම මම දැන් වැඩිහිටියෙක්. ඒ නිසා ඒ තරම් දඟකාරකම් කරන්නේ නෑ. ගොඩක් වෙලාවට දර්ශන තලවල ඉන්න සරල, සැහැල්ලු අයෝමි ශානිකා තමයි ගෙදරදි ඉන්නෙත්.
 
*දැන් ඔබේ මව්පියන් කියන්නේ නැද්ද සහකාරයෙක් සොයාගන්නත් කල වයස හරි කියලා?

18 ඉඳන්ම ඔය කාලේ එනවනේ. මං හිතන්නේ ම‍ට තව කාලය තියෙනවා. මුලින්ම සහකරුවෙක් හොයාගෙන ඉන්න ඕන. ඒ වගේම ආදරය කරන කෙනා සහ සහකරු එකම කෙනෙක් විය යුතුයි. නැත්නම් ඉතිං හුළං බැහැපු වාහනයක් වගේ තමයි.

*ආදරය සම්බන්ධව ඔබට තිබෙන්නේ සුන්දර මතකයක්ද? අසුන්දර වේදනාවක්ද?

අසුන්දර දේවල් වැඩියි. අසුන්දර වුණත් මගේ ජීවිතේ ආදරය ගැන විතරක් නෙමෙයි හුඟක් දේවල් මම ජීවිතය ගැන ඉගෙනගන්න පාඩම්. අපි පොතක් කියවලා, කිසියම් වැඩසටහනක් නරඹලා ලබන දැනුමට වඩා අපේ ජීවිතයේ අපි ලබන අත්දැකීම් හරි ලොකුයි. මට මුහුණදෙන්න සිද්ධවුණු අනන්ත අප්‍රමාණ සිදුවීම් ඇති. නමුත් ඒ හැමදෙයක්ම මම හිතන්නේ මගේ ජීවිතයේ හොඳ අත්දැකීම් කියලා. මම කවදාවත් ඒ දේවල්වලින් සැලෙන්නේ නෑ. දුක හිතෙනවා. කඩාවැටෙන අවස්ථා තියෙනවා. නමුත් ඒ හැමදෙයක් ගැනම මම බුද්ධියෙන් හිතලා, හොඳ පාඩම් ඉගෙනගන්නවා. මගේ ජීවිතය මේ විදිහට මම ඉදිරියට ගලාගෙන යන්න දෙනවා.

*ඔබේ විවාහයේ දී සහකරු තෝරාගැනීමේ දී ඔබ මුල් තැනක් දෙන්නේ මොනවගේ කරුණුවලටද?

පළමුවෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ අද කාලේ හොයාගන්න අමාරුම දේ. අවංකකම. කළුනික හොයන්න ඊට වඩා ලේසියි. අද කාලේ අවංක කෙනෙක්ව හොයාගන්න හරි අමාරුයි. ගොඩක් වෙලාවට ඒ පුද්ගලයා පෙන්වන ප්‍රතිරූපය නෙමෙයි ඇත්තම තත්ත්වය. මට හිතාගන්න බෑ මිනිස්සු තමන්ගේ අභ්‍යන්තරය මේ තරම් වහගෙන වෙස් මූණු දාගෙන කොහොම ජීවත්වෙනවද කියලා. අද කාලේ ඉස්සර අපේ ආච්චිලා, සීයලා, අම්මලා, තාත්තලගේ කාලේ වගේ නෙමෙයි. අද අපි ගොඩක්ම දකින්නේ ආදරය නෙමෙයි මායාව. අනිත් දේ තමයි තමන්ට දෙයක් ලබාගන්න අවශ්‍ය නම් ඒ දේ මොන විදිහකින් හරි ලබාගන්න මිනිස්සු ජාතියක් තමයි අද සමාජ‍යේ ඉන්නේ. හොඳින් හෝ නරකින්. මේ වගේ මිනිස්සු එක්ක ජීවත්වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ. මම ගොඩක්ම කැමතියි අහිංසක ගතිගුණ තියෙන කෙනෙක්ට. නපුරු අයට මම ආස නෑ කොහොමටත්. මට ඕනේ වචනෙට සීමාවුණු බොරු සෝබන ආදරයක් නෙමෙයි. ගොඩක් අවංක ආදරයක් තියෙන්න ඕනේ. අවංකවම මං ගැන තියෙන හැඟීම ගැන මම සැලකිලිමත්වෙනවා. ඒ වගේම මගේ අම්මි‍‍‍‍යි, තාත්තියි දෙන්නටත් ආදරය කරන්න ඕනේ. ඒ දෙන්නටත් ගැළපෙන්න ඕනේ. ඔවුන්ගේ එකඟතාවය නැතිව මම කවදාවත් විවාහය ගැන තීරණයක් ගන්නේ නෑ. ඔවුන් තමයි අපිට මේ ලෝකේ ඉන්න හොඳම ආරක්ෂකයෝ දෙන්නා සහ හොඳින්ම විශ්වාසය තැබිය හැකි දෙන්නා. මව්පියන්ගේ අනුමැතිය අරගෙන මටත් ගැළපෙන හොඳ කෙනෙක් තමයි මම හොයන්නේ.

*කලාවට හෝ ආයුර්වේද වෛද්‍ය අංශයට යොමුනොවුණා නම් ඔබේ ජීවිතය මොන වගේ අංශයකට යොමුවෙයිද?

එහෙනම් මේ වනවිට බොහෝදුරට මම විදෙස්ගත වෙලා. මට බටහිර වෛද්‍ය විද්‍යාව හදරාගන්න ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. "ජීවිතය ලස්සනයි" ටෙලි නාට්‍යයේ චරිතය පවා තීරණය නොවුණු අවධියකයි මම හිතුවේ කලාව දාලායන්නේ නෑ ලංකාවේ ඉන්නවා කියලා. වෛද්‍යවරියකුත් නොවුණා නම් බොහෝවිට තොරතුරු තාක්ෂණය පැත්තට යන්න ඉඩ තිබුණා. 

*ඔබේ ජීවිතයේ බිඳවැටුණු සිහින තිබෙනවාද?

උසස් පෙළ කරන කාලේ මගේ සිහිනේ වුණේ බටහිර වෛද්‍යවරියක්වීමයි. නමුත් Z-score එකේ පොඩි ලකුණු ප්‍රමාණයක් මදිවුණා. ඒ සිහිනය බිඳවැටුණාම මට ඒ වෙලාවේ ලොකු දුකක් දැනුණා. නමුත් වෛද්‍යවරියක්වීමට තිබුණු ආසාව නිසාම තමයි අහම්බෙන් මම දැනගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් තිබෙනවා කියලා. ඒ ගැන මට මගේ අන්කල් කෙනෙක් තමයි කි‍ව්වේ. ඔහුටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. අද මම ඒ සිහිනය ගැන දුක්වෙන්නේ නෑ. මොකද එහෙම නොවුණා නම් මට කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොලැබෙන්න තිබුණා.
 
HARD TALK  

*ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලවල්වලදී ශිල්පීන් ඇගයීමට ලක්කෙරෙන ප්‍රමිතීන් පිළිබඳව ඔබ සෑහීමට පත්වෙනවද?

ඔව්.

*ඔබ සමග රංගනයෙන් දායකවුණු කිසියම් රංගන ශිල්පියෙකුගෙන් ඔබට ආදර යෝජනාවක් ඉදිරිපත් වුණු අවස්ථාවක් තියෙනවද?

ඔව්.

*ආදරය කරන යුවලක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතුයි කියලා ඔබ හිතනවාද?

ඔව්.

*ඔබට ඉහළ මුදලක්, ඉහළම ජනප්‍රියත්වයක් හිමිවන ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණයක් වෙනුවෙන් ඔබේ රූපය සැබෑ ලෙසම විරූපී කරගන්න ඔබට සිද්ධවෙනවා(උදා-සමේ පැහැය අදුරු කරගන්න) එහි බලපෑම වසර කිහිපයක්ම පවතින්න පුළුවන්. ඔබ ඒ නිර්මාණය භාරගන්නවද?

ඔව්.

*ඔබේ ප්‍රථම ප්‍රේමයෙන් ඔබට ලැබුණු ප්‍රථම තෑග්ග?

ඔහු විසින්ම ඉටිවලින් නිර්මාණය කරපු සිහිවටනයක්.

*කිසියම් රූගත කිරීමකදී ඔබ අතින් සිදුවුණු වරදක් නිසා කිසියම් ශිල්පියෙකුගෙන් ඔබට බැනුම් අහන්න සිදුවුණු අවස්ථා තියෙනවද? 

ඔව්.

Mystery of Matale Nude Dead Body

NAYANA KUMARI

THANUJA DILHANI

MUTHU THARANGA PHOTOS DOWNLOAD

CHATHURIKA PEIRIS

Tuesday, February 28, 2012

සඳේ ගැයූ ගීය වසර 39ක පසුව


අංජලී පූර්ණිකා ලියනගේ


ඇමරිකාවට එරෙහි 'ජන පවුර'

Designer Wedding Show 2012

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizP8TkgURi9DGEC_vkFAH1bFBoSyhjcPXRPan2WwHC095lkI4AthilWAVNwCSaXihVDVykLjqTZTJg8Z3Wccw3WMBasWM3Fr3adBVjwmstuhDqZbJhbqNZli6bFk3d3rmolqafER5akPhe/s1600/page1.jpg 



http://www.ziddu.com/download/18718060/DESIGERWEEDINGSHOW-2012.rar.html

SAARI VILASITHA

http://www.navaliya.com/2012/02/27/vilasitha.jpg

SACHINI -NAVALIYEN

Chamodhi Thamara












Monday, February 27, 2012

"දෑසින් පෑ" මියුසික් වීඩියෝව හැදුන හැටි

SURESH GAMAGE WEDDING PHOTOS

POOJA NEW STYLE

ANUSHA RAJAPAKSHA NEW PHOTOS -2012

AJITH MUTHUKUMARANA PHOTOS





http://www.ziddu.com/download/18710557/AJITHMUTHUKUMARANAPHOTOS.rar.html

Sunday, February 26, 2012

BLU Energy Drink Now in Sri lanka

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts