https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label SHALANI THARAKA. Show all posts
Showing posts with label SHALANI THARAKA. Show all posts

Wednesday, December 25, 2013

SHALANI THARAKA XMAS PHOTOS

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif









Tuesday, December 3, 2013

Hemal Ranasinghe and Shalani Tharaka Wivaha Bridal show

Tuesday, December 25, 2012

SHALANI THARAKA NEW FASHION

Tuesday, January 31, 2012

Korean Giya Shalani Tharaka Kiyana Sindu Photo Collection

Tuesday, January 24, 2012

මිහිරංගි...

ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්...


සම්පූර්ණ නම:
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා
උපන්නෙ කොහෙද?:
බලන්ගොඩදී
වයස:
අවුරැදු 21 යි
සමත් විභාග:
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ
ඉගෙන ගත් පාසල:
බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ්
ලග්නය: කුම්භ
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පවුලේ විස්තර ?
අම්මා, තාත්තා, අයියා, නංගි

උසස් පෙළ සමත් කිව්වා නේද ?
ඔව්.

එතැනින් එහාට අධ්‍යාපනය නොකළේ ?
සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ.

ඇයි ඒ ?
දන්නේ නැහැ.

මොනවගේ උනන්දුවක්ද තිබුණේ ?
කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ.

ගුවන් සේවිකා සිහිනය ?
ඒක දැන් නැහැ.

දැන් ගුවන් සේවයට යන්න බැරිද ?
බැහැ කියලා හිතෙනවා.

ඔබට එක අරමුණක් නැහැ වගෙයි ?
අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ.

මොකක්ද අරමුණ ?
අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ.

ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ?
මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක‍්ද ?
කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්.

ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ?
ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි.

එතකොට රඟපෑම වෘත්තිය නොවේද ?
වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා.

කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ?
ඒ පරිසරය ගැන පොඩි කාලයේ ඉඳලම මට පැහැදීමක් තිබුණෙ නැහැ.

දෙමාපියන් හරස් වුණේ නැද්ද ?
කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ.

ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ?
මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා.

සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ?  මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ?
දැනට එච්චරයි.

ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ?
දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා.

මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ?
මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා.

ඔබ හරි මුරණ්ඩුයි නේද ?
ටිකක් විතර.

ඇයි එහෙම වෙන්නේ ?
ඒ මගේ හැටි.

ඇත්තටම ඔබ කවුද ?
මම ශලනි.

කොහොම කෙනෙක්ද ?
මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා.

තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ?
අසම්මත දේවල් කරලා නැහැ.

ආදරේ දී වුණත් එහෙමද ?
ඔව්.

පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ?
මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි.

ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ?
ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා.

මොකටද ?
නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න.

සංගීතයත් පුළුවන්ද ?
තරමක් දුරට.

සිහින පියාපත් ‍"මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ?
ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.
සටහන / ඡායාරුප - සඳුන් ගමගේ

Sunday, January 22, 2012

SHALANI THARAKA 2012 -WITH NUWAN

Wednesday, January 11, 2012

Shalani tharaka NEW photos -2012

Shalani tharaka NEW photos

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts