https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label TEKLA KUMUDANI. Show all posts
Showing posts with label TEKLA KUMUDANI. Show all posts

Thursday, October 11, 2012

‘ටිකී’ගේ මගුල අතළග !

නිළියක්, නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් හා මෝස්තර නිරූපිකාවක් වන ටෙක්ලා කුමුදු කුමාරි මේ දිනවල විවාහයට ලක ලැහැස්තිවන බව  වාර්තා වේ.

ඇගේ මංගල්‍ය ලබන වසරේ මුල් කාලයේදී ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

ඇය මෙසේ විවාහවීමට සූදානම් වන්නේ කලා ක්ෂේත‍්‍රයේම අයෙක් සමග බවද පැවසේ.

ඔහු නමින් රෝහණ ජයසිංහ නැමැත්තෙකි.

‘ටිකී’ ලෙස ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකු හඳුන්වන ටෙක්ලා හා රෝහණගේ හාදකම වසර 12ක් පැරණි එකක් බවද වාර්තා වේ.

මේ ආදරයට මුල පිරුවේ පාසල් සමයේදී බවද ‘ටිකී’ පසුගියදා මාධ්‍යට හෙළිකර තිබිනි.

‘ටිකී’ ස්වර්ණවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂවරයෙකු සමග සමීප සම්බන්ධතාවයක් පවැත්වූ බවද පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කර තිබිණි.

ආයුබෝවන් ශ‍්‍රී ලංකා, මියුසික්ස්, හන්ඩ‍්‍රඞ් ප‍්‍රසන්ට් ලයිව් වැඩසටහන් හෙහෙයවීම හරහා ඇය රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්ගේ ආදරය දිනා ගැනීමට ඇය රජකඩුව, සිහින කුමරි, දෙගම්මැදියාව, ඉකිබිඳින තාරකා හා රංගිර ටෙලි හරහා නිළියක් ලෙසද දක්ෂතා දැක්වීමට ඇය සමත් වූවාය.

පුංචි තිරයේ දිස්වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, කාගිල්ස්, සිග්නල් වෙළෙඳ දැන්වීම් හරහාද පේ්‍රක්‍ෂකයාට ළංව සිටී.

ටෙක්ලා නර්තන ශිල්පිනියක් ලෙස ද දස්කම් දැක්වීමට සමත් වූ අතර ඈ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් නර්තන තරගයේ අවසන් තරගකරුවන් 9 දෙනා දක්වා ද පැමිණීමට සමත් වූවාය.

එසේම ඈ රූපලාවන්‍ය ශිල්පිනියක් ද වන අතර ගොඩගම ප‍්‍රදේශයේ පහිටි සැලොන් ටෙක්ලා රූපලාවන්‍යාගාරය ඇගේ ව්‍යාපාරික ස්ථානයයි.

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif











Sunday, September 18, 2011

TEKLA KUMUDANI




Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts