https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label MAWBIMA VISHESANGA. Show all posts
Showing posts with label MAWBIMA VISHESANGA. Show all posts

Friday, May 30, 2014

IQUUS BURCHELLIANTIQUOM

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

සීබ්‍රා 
අප්‍රිකානු රටවල් නිජබිම කරගත් අලංකාර හා සිත් ඇදගන්නාසුලු සත්ත්වයෙක් ලෙස සීබ්‍රා හැඳින්වේ. අශ්ව කුලයට අයත් මෙම සත්ත්වයා ඉංග්‍රීසි භාෂාවෙන්ද සීබ්‍රා ලෙස හැඳින්වේ. සත්ත්ව උද්‍යානයකදී පමණක් මෙරටදී දක්නට ලැබෙන සීබ්‍රාගේ විද්‍යාත්මක නාමය Iquus burchelliiantiquom ලෙස හැඳින්වේ. එමෙන්ම අප්‍රිකාවේ සීබ්‍රාවන් විශේෂ තුනක් දක්නට ලැබේ.

සීබ්‍රාවන්ට ඇත්තේ නොබෙදුණු කුරයකි. සීබ්‍රාවාගේ ප්‍රමාණය හොඳින් වැඩුණු පෝනියකුට සමාන වේ. උදර ප්‍රදේශයය දක්වා විහිදුණු කළු සහ සුදු ඉරි වැටුණු අව පැහැති දිලිසෙන සුමුදු සමක් සීබ්‍රාට ඇත. මෙම රටාව ශරීරයේ පසු ප්‍රදේශයේ හොඳින්ම පිහිටන අතර පාදවලද අඩක් පමණ මෙම රටාව ඇත. පිරිමි සතා සහ ගැහැනු සතා බෙහෙවින් සමානකමක් දක්වන අතර පිරිමි සතාගේ උඩු ඇන්දේ හොඳින් වැඩුණු ත්‍රිකෝණාකාර රදනක දත් සටන් සඳහා භාවිත කිරීම විශේෂත්වයකි.

මොවුන් ආහාරයට ගන්නා තණකොළ කපාගැනීමට සහ අඹරා ගැනීමට සීබ්‍රාගේ දත් පිහිටා ඇති අතර රංචු ලෙස ජීවත් වන සත්ත්වයෙකි. වසරකට එක් පැටවෙක් පමණක් බිහිකරන සීබ්‍රාගේ ගැබ්කාලය මාස 12කි.  සීබ්‍රාගේ ආයු කාලය වසර 20ක් වේ.

ග්‍රැෆික් නිර්මාණය - විකුම් සොයිසා

සටහන - රෂිනි මෙන්ඩිස්

Friday, May 23, 2014

MAWBIMA CINEMA 2014-05-23

MAWBIMA VISHESANGAYA 2014-05-23

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

බල්ලා
 ක්‍ෂීරපායී සිවුපා සතකු ලෙස බල්ලා හැඳින්වේ. ඉංගී්‍රසි භාෂාවෙන් Dog ලෙස හැඳින්වෙන බල්ලා ලෝකයටම පොදු සතෙකු ලෙස ව්‍යාප්ත වී ඇත. මිනිසා විසින් පළමුවෙන්ම හීලෑ කළ සතකු ලෙස බල්ලා හැඳින්වෙන අතර බල්ලන් විශේෂ 20 පමණ ලෝකය පුරා දක්නට ඇත. විවිධ නව සොයාගැනීම් පරීක්‍ෂණ කටයුතු කිරීම සඳහා විශේෂයෙන් යොදාගනු ලබන්නේ බල්ලන්ය. සඳු මතට පළමුවෙන්ම යවන ලද්දේ ද ‘ලයිකා’ නම් බැල්ලියකි.

ගෘහාශ්‍රිතව ජීවත්වන බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis Iupus familiaris ලෙස හඳුන්වයි. විවිධ වර්ණයන් හා විවිධ ප්‍රමාණයන්වල බල්ලන් දැකිය හැකිවේ. විශේෂයෙන්ම සුරතලුන් ලෙස ඇතිකරන ලබන බල්ලා ඉතාම කෙළෙහිගුණ දන්නා සතෙකු වන අතර අපරාධ පරීක්‍ෂණ කටයුතු සඳහාද බල්ලන් යොදාගනු ලබයි. සාමාන්‍යයෙන් වරකට පැටවුන් 4 - 5 අතර සංඛ්‍යාවක් බිහි කරයි.  නිවෙස්වල ආරක්‍ෂාව සඳහාද ඇතිකිරීම විශේෂත්වයකි.


සටහන - රෂිනි මෙන්ඩිස්
ග්‍රැෆික් නිර්මාණය - විකුම් සොයිසා

Thursday, May 22, 2014

MAWBIMA 2014-05-22 VISHESANGAYA

Friday, May 16, 2014

GIRAFFE

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
ජිරාෆ් 
සත්ත්ව ලෝකයේ උසම සත්ත්වයා ලෙස ජිරාෆ් හැඳින්වේ. ජිරාෆ්ගේ විද්‍යාත්මක නාමය Giraffa cameloparadalis වේ. Giraffide යන කුලයට අයත් වන ජිරාෆ් වියළි කලාපීය රටවල ජීවත් වේ. අප්‍රිකානු රටවල් තමන්ගේ නිජ භූමිය කරගත් ජිරාෆ් ඉතියෝපියාව, නයිජීරියාව, සුඩානය, උගන්ඩාව හා සිම්බාබය යන රටවල බහුලව දැකිය හැකිය. උස අතුවල ඇති දලු කෑම සඳහා ඉතා දිගු බෙල්ලක් ජිරාෆ්ට ස්වභාවයෙන්ම ලැබී ඇත.

රංචු වශයෙන් ජීවත් වන ජිරාෆ් ඉතාම සහයෝගිතාවයෙන් කටයුතු කරන සත්ත්වයෙකි. ජිරාෆ් වරකට එක් පැටවකු බිහි කරන අතර ළා දුඹුරු පාට සමෙහි සුදු පාට වෛරන් දක්නට ලැබේ. කාන්තාර වැනි වියළි බිම්වල ඇවිද යෑම සඳහා දිගු දෙපා මෙන්ම ශක්තිමත් කුරද ජිරාෆ්ට ලැබී ඇත. රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සතුන් හුවමාරුවලදී ජිරාෆ් ඉතා වැදගත් සත්ත්වයකු වේ.

Sunday, May 4, 2014

MAWBIMA SURASA 2014-05-05

Friday, April 25, 2014

MAWBIMA 2014-04-25 VISHESANGAYA

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

කොළ දිවියා
ලංකාවේ හා ඉන්දියාවේ පමණක් දැකිය හැකි සත්ත්වයකු ලෙස කොළ දිවියා හැඳින්විය හැකිය.  Rusty Sportted Cat යන ඉංගී්‍රසි නාමයෙන් හැඳින්වෙන කොළ දිවියා Prionailurus rubiginosus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.

ලෝකයේ ජීවත්වන කැලෑ බළලුන් අතරින් කුඩාම කැලෑ බළල් විශේෂය කොළ දිවියා වේ. නිවර්තන තෙත් වනාන්තර, සිංහරාජය, හෝර්ටන්තැන්න, නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශවල හා වියළි හා අතරමැදි කලාපයේ කැලෑ හා ශුෂ්ක ප්‍රදේශවල කටු පඳුරු සහිත ලඳු කැළෑවලද කොළ දිවියා ජීවත් වේ. ඉතා කුලෑටි සතකු වන කොළ දිවියා වාසස්ථානවලට අනුවර්තනය විය හැකි සතකු ලෙස  හැඳින්විය හැකිය.

සාමාන්‍යයෙන් නිවෙසේ ජීවත් වන කුඩා බළලකුගේ ප්‍රමාණයට සමාන කොළ දිවියා කලාතුරකින් දක්නට ලැබේ. රාත්‍රි කාලයට දඩයම් කරන සත්ත්වයකු ලෙස කොළ දිවියා හැඳින්වේ. කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, කුකුළන්, උරගයන් මොහුගේ ප්‍රධාන ආහාරයන්ය. අවුරුද්දට එක්වරක් පමණක් පැටුවන් බිහි කරන අතර, වරකට පැටවුන් 1 - 3 සංඛ්‍යාවක් බිහි කරයි. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එම රතු පාට ලප හිස මත හා කොන්දේ දාර ලෙස පිහිටයි. සාමාන්‍ය දිග අඟල් 18ක් පමණ වේ.

වලිගය ඔවුන්ගේ ශරීරයේ දිගින් භාගයක් පමණ වීමද විශේෂත්වයකි. කොළ දිවියා මැරීම හෝ හිංසා කිරීම ශ්‍රී  ලංකා වනජීවී සංරක්‍ෂණ පනතට අනුව නීති විරෝධී වේ. කොළ දිවියා සංරක්‍ෂිත සත්ත්ව කොටසක් වන අතර පරිසරයේ ආහාර සමතුලිතතාව රැක ගැනීමට ඉතා වැදගත් මෙහෙයක් කොළ දිවියා ඉටු කරයි.

Friday, April 11, 2014

MAWBIMA VISHESANGAYA 2014-04-11

MAWBIMA CINEMA ARTICLE 2014-04-11

Friday, April 4, 2014

MAWBIMA SIKURADA VISHESANGAYA 2014-04-04

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 



ලංකාවට ආවේණික පක්‍ෂීන් විශේෂ 33ක් අතුරින් අලංකාරම පක්‍ෂියා ලෙස කැහිබෙල්ලා හැඳින්විය හැකිය.Sri Lanka Blue Magpie යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන කැහිබෙල්ලාගේ විද්‍යාත්මක නාමය Urocissa Ornate වේ. ප්‍රමාණයෙන් 42cm - 47cm අතර විශාලව වැඩෙන කැහිබෙල්ලා කපුටකුට වඩා තරමක් කුඩාය. හිස, ගෙල සහ පපුවේ ඉහළ ප්‍රදේශය දුඹුරු පැහැයක් ගනී.

පියාපත් නිල් සහ රතු දුඹුරු පැහැයෙන් දිස්වන අතර දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිග පෙඳයක් කැහිබෙල්ලාට ඇත. පෙඳයෙහි අග කොටස සුදු පැහැතිය. සිරුරේ යටි පැත්ත නිල් පැහැ වන අතර ඇස් වටා තද රතුපැහැයක් ගනී. වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වන කැහිබෙල්ලා සිංහරාජ වනාන්තරයේදී බහුල වශයෙන් දැකගැනීමට හැකියාවක් ඇත. වනාන්තර විනාශය හා කපුටන් වනාන්තරවලට පැමිණීම කැහිබෙල්ලාට ඇති ප්‍රධානතම තර්ජනය වේ.

Friday, March 21, 2014

SEMNOPITHECUS VETULUS

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


ශ්‍රීලංකාවට ආවේණික කළු වඳුරා Semnopithecus vetulus යන විද්‍යාත්මක නාමයෙන් හා Purple-faced leaf monkey යන ඉංගී්‍රසි නාමයෙන් හඳුන්වනු ලබයි. කළු වඳුරා බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති සත්ත්වයෙක් ලෙස හැඳින්විය හැකි අතර ඔවුන්ගේ කළු ශරීරයෙහි පිටුපස, මුහුණෙහි සහ වලිගයෙහි තිබෙන සුදු පැහැය අනුව මොවුන් පහසුවෙන් හඳුනා ගත හැකිය.

අතු අතර සිටින කළු වඳුරාගේ හැසිරීම් රටාව නිරීක්‍ෂණය කිරීම ප්‍රියජනක වන අතර අතු මත වාඩිවී සිටින කළු වඳුරා ඇතැම් අවස්ථාවල තේජාන්විත ස්වරූපයක්ද පෙන්නුම් කරයි. මොවුන් ශාකපත්‍ර, දලු, මල් හා ඵල වර්ග ආහාරයට ගනී. උදේ කාලයේ සහ සවස් කාලයේදී ආහාර ලබා ගන්නා කළු වඳුරා දහවල් කාලයේදී විවේකීව සිටී.

නිරන්තරයෙන් මීටර් 25ට වඩා උස වියනෙහි මොවුන් ගත කරන අතර පහළ මට්ටමට පැමිණීම ඉතා කලාතුරකින් සිදුවේ. රංචුවක් ලෙස වාසය කිරීමට ප්‍රිය කරන කළු වඳුරන්ගේ එක් රංචුවක 3-10 අතර සංඛ්‍යාවක් සිටී. වැඩිහිටි පිරිමි සතා රංචුවේ නායකත්වය දරන අතර කණ්ඩායමේ සීමාව ලකුණු කිරීම පිණිස උෟ උස්හඩින් නාද කිරීම සිදු කරයි. ලෝකයේ වැඩිපුරම වඳවීගෙන යෑමේ තර්ජනයට ලක්වී ඇති ක්ෂීරපායි සත්ත්වයාද කළු වඳුරා වේ.

Friday, March 14, 2014

SRI LANKAN HANGING PARROT

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts