http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, August 7, 2012

මම නයිට් ක්ලබ් ගියේ 16 ඉදන් - රෝසිගේ දියණිය තිසාක්‍යා

රූ රැජිනක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන රෝසි සේනානායකගේ නම මාධ්‍යයට හුරු වුවත් ඇයගේ පවුලේ උදවිය මාධ්‍යයට මෙතෙක් කල් මුහුණ දුන්නේ නැත.

පහතින් පලවන්නේ රෝසි සේනානායකගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායකගේ සම්මුඛ සාකච්ජාවකි.

අම්මගේ නම
රෝසි සේනානායක

ඔයාගේ සම්පුර්ණ නම
තිසක්‍යා මායා සේනානායක

ඉහලම අධ්‍යාපන සුදුසුකම්
මම එංගලන්තයේ විලාසිතා නිර්මාණකරණය පිලිබඳ උපාධියක් හැදෑරුවා..ලඟදි තමයි ලංකාවට ආවේ.

ලංකාවේ ජොබ් එකක කරනවද?
මම හිතන්නේ අපේ හැකියාවල් පෙන්නන්න මෙහේ තැනක් නෑ ..ඒ ලංකාවේ විලාසිතා සිදුවන්නේ ඉල්ලුමට පමණයි. එතැනදී අපේ හැකියාවල් එකතැන පල වෙනවා.

කොට ඇඳුම් අදිනවද?
ඔව් අදිනවා..මට ගැලපෙන නිසා..අම්මලනම් කැමති නැහැ.එයා කියන දේත් අහල මට ගැලපෙන් විදිහට කොට ඇඳුම් අදිනවා. දැන්නම් කොට ඇඳුම් අදින්න බැහැ මම මහත් වෙලා.


ඔයාට නියිට් ලයිෆ් එකක් තියෙනවද?
ඔව් අපි එලියට යනවා..මම එලියට යන්න පටන් ගත්තේ අවරුදු 16 දී මගේ අයියත් එක්ක. දැන්නම් මාසෙකට සැරයක් විතර

මැති ඇමති පුත්තු නයිට් ක්ලබ් වල චන්ඩි වෙනවා නේද?
එකනම් මට කතා කරන්න බැහැ. මම ක්ලබ් යන්නේ ගෙදර අයත් එක්ක.අනික මම බොන්නෙත් නැහැ. හෙරොයින් බිල ඇතුලෙදි
ඇඟේ හැපුනම රණ්ඩු වෙන අය ඉන්නවා. අපි එහෙම නැහැ.අපේ පාඩුවේ එනවා..අපේ පාඩුවේ යනවා.

අපි අපේ අම්මගේ දේශපාලන හයිය අරගෙන නැහැ. ක්ලබ් ගියා කියල බොන්නම ඕන නැහැ.තව දෙයක් කියන්න ඕන. ශ්‍රී ලංකාවේ ළමයි ක්ලබ් යන්න පටන් ගන්නේ වයස 14,15,16 වගේ වයස් වල ඉඳල..මේ තත්වය භයානකයි. මේ දවසක ක්ලබ් ගිහින් එද්දී කොල්ලෙක් එලියට ආව ලේ පෙරාගෙන.ඕක තමයි ලංකාවේ දේශපාලන පුත්තුන්ගේ යැවිල්ල.

පෙම්වතෙක් ඉන්නවද?
ඔව් ඉන්නවා..දැන් අවරුදු තුනහමාරක පරණ ආදරයක් තමයි තියෙන්නේ.

එයාගේ නම කියන්න කැමතිද?
අපෝ දැන්ම කියන්න බැහැ..පුලුවන්නම් හොයාගන්න.

දැනට පාවිච්චිකරන වාහෙනේ මොකද්ද?
ගෙදර තියන එක මට ලොකු වැඩි. එක නිසා මගේ පෙම්වතා මට මෙහෙන් පොඩි වාහනයක් අරන් දුන්න. VITZ එකක්..පොඩි සුදු කාර් එකක්.

වාහනේ හප්පගෙන නැද්ද?
ගිය සතියේ හැප්පුන. ත්‍රිවිල් එකක. ලොකුවට හැපුනේ නැහැ වෙලාවට. ඒ මනුස්සය මගෙන් සල්ලි ඉල්ලුව. මම සල්ලි දීල ආව.




0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts