https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Showing posts with label SANGEETHA WEERARATHNE. Show all posts
Showing posts with label SANGEETHA WEERARATHNE. Show all posts

Friday, March 22, 2013

Triumph Bra collection launched with Sangeetha Weerarathne













  https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

Monday, November 5, 2012

SANGEETHA WEERARATHNE HD PHOTOS

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif















Saturday, August 18, 2012

SANGEETHA WEERARATHNE NEW PHOTOS

Tuesday, July 24, 2012

SANGEETHA NEW PHOTOS

http://images.shareapic.net/images7/026512857.jpg 

http://images.shareapic.net/images7/026512858.jpg 

http://images.shareapic.net/images7/026512859.jpg 

http://images.shareapic.net/images7/026512860.jpg

Wednesday, February 22, 2012

SANGEETHA WEERARATHTNE 2012

Monday, October 31, 2011

SANGEETHA WEERARATHNE NEW PHOTOS

SANGEETHA WEERARATHNE NEW PHOTOS

DOWNLOAD FULL ZIP 01  02



http://www.mediafire.com/?0b8dp0psh6ac7hj

http://www.megaupload.com/?d=BQ9BALTF

සංගීතා සියතේ.....

ජනපි‍්‍රය  සහ සම්මානනීය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මවක වූ පසු රංගනයට හා කලා   අංශයේ වෙනත් කටයුතුවලට පසුගිය කාලයේදී දායක වුණේ නැහැ. ඒත් බොහෝදෙනා නැවතත් ඇය ගැන කතා කිරීමට පටන් ගත්තේ ‘ධීවරී’ චිත‍්‍රපටය නිසයි. ඊට අමතරව සංගීතා සියත ටී.වී. ආයතනයේ අලූත් වැඩකටයුත්තකටත් සම්බන්ධ වෙනවා. මේ නිසා ඇය නැවතත් කාර්යය බහුල වෙලා. සංගීතාගේ මේ අලූත් වැඩකටයුතු මෙන්ම ඇයගේ කලා ජීවිතයේ ඉදිරි කටයුතු මොනවගේද? ඇය ඒ ගැන කියාවි.
සංගීතා කෙහොමද ජීවිතය ?
බොහොම හොඳයි.
බොහොම සුන්දරයි. දියණිය නිසා දවස තරමක් කාර්යය බහුලයි. ඊට අමතරව සියත ටී.වී වැඩසටහන් නිසා හොඳටම කාර්යය බහුල වෙලා. මොන දේ වුණත් හැමදාම වගේ ජීවිතය සුන්දරයි.
සියත ටී.වී වෙනුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරනවාද ?
සියත ටී.වී වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් අධීක්‍ෂණය කරනවා.
එහි අරමුණ සියත ටී.වී වෙනුවෙන් හොඳ ප‍්‍රතිචාර ලබා ගැනීමද ? නැත්නම් සියත ගොඩ දැමීමද?
කාන්තාවක ලෙස මේ දක්වා මම සෑහෙන මාධ්‍ය අත්දැකීම් ලබපු කෙනෙක්. ඒ නිසා පේ‍්‍රක්‍ෂකයන්ට ලබාදිය යුත්තේ මොන වගේ දෙයක්ද යන්න පැහැදිලි අදහසක්, දැක්මක් තිබියදී ඇයි මං නිකං ඉන්නෙ කියලා හිතුව. දැනුම අපතේ යවනවාට වඩා ඒ දැනුමෙන් යමක් ජනතාවට දිය යුතුයි.
එය ජනතාවට දැනෙනවා කියල හිතනවා ද?
ඔව්, තිබුණට වඩා මේ වැඩසටහන් නිසා සියතට සෑහෙන ප‍්‍රතිචාර ලැබෙනවා. බොහෝ විට මේ වැඩසටහන්වලින් කතා කරන්නේ හරය ගැනයි. ඉතින් ජීවිතයේ සෑම දෙයකටම අවශ්‍ය වන්නේ හරවත් බවයි. ශ්‍රී ලාංකීය ජනතාව මෝඩ නැහැ. එම නිසා හරයක් ඇති වැඩසටහන් කිරීම වෙනුවෙන් ජනතාව සතුටුවීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.
මේ සියල්ල නිසාද ඔබ අද වඩාත් කාර්යය බහුලයි කිව්වෙ?
අවුරුදු එකහමාරක් විතර දුව නිසා එයාගෙ වැඩ කටයුතුවලට කාර්යය බහුල වුණා. අද ඒ වැඩවලට අමතරව සතියේ දින පහ පුරාම මේ වැඩසටහන් අධීක්‍ෂණය කිරීම වගේම ඒ වෙනුවෙන් වැඩමුළු පවා පවත්වනවා. ඒ නිසා තරමක් කාර්යය බහුලයි.
ඔබ මෙලෙසින් හෝ රූපවාහිනී තිරයට මුහුණ දෙනවා. ඒත් අපේ සමහර ප‍්‍රවීණ ශිල්පිනියන්  කියන්නේ ටෙලි නාට්‍යවල රඟපාන්න අකමැතියි කියලයි. ඔබත් එහෙමද? එහෙම කියන්නේ අලූත් අය එක්ක හැප්පෙන්න බැරි නිසාද?
සිනමාව සහ රූපවාහිනිය කියන්නේ අහසට පොළව වගේ හාත්පසින්ම වෙනස් මාධ්‍ය දෙකක්. රූපවාහිනිය හරහා සිනමාවෙන් බිහි වූ
ආකාරයේ ලොකු තරු බිහිවූණේ නැහැ. සිනමා චරිත වෙතින් බිහිවන ප‍්‍රතිරූපය තරම් පුංචි තිරයේ ප‍්‍රතිිරූපය දැවැන්ත නැහැ. සිනමා තිරයේ රසයට, දෘශ්‍යයට කැමැති වූ රසික පිරිස රූපවාහිනිය නැරඹුවාට වඩා කැමති සිනමාවටයි. මේ නිසා කෙතරම් චරිත දුටුවත් ඇතුළාන්තයෙහි තැන්පත් වෙලා තියෙන්නේ අර සිනමාවේ දැවැන්ත දර්ශන ගැඹුරයි. මෙකී සියල්ල නිසා සිනමාවේ කෙනා රූපවාහිනියට ඇවිත් යමක් කරනවාට වඩා රූපවාහිනී චරිත සඳහා වැඩිපුර දායක වෙන කෙනා සිනමාවට ඇවිත් යමක් කරන්න ආසයි. නමුත් ඔබ ඇහුවේ රූපවාහිනියේ චරිත සමග ගැටෙන්න බැරිද කියලනේ. ඇත්තෙන්ම මට එතැන තරගයක් නැහැ. ප‍්‍රශ්නයකුත් නැහැ. ප‍්‍රතිරූපය ඊට වඩා වැදගත්.
ඒ කියන්නේ ඔබගේ ප‍්‍රතිරූපය රැකගන්න  ඕන නිසා ටෙලි නාට්‍ය රඟපෑමට අකමැතියි කීමද?
දැන් මම වැඩ කරන්නේ සියත නාලිකාවත් එක්ක. මේ හා සාපේක්‍ෂව මගේ කාලය මට කළමනාකරණය කරගන්න සිදු වෙනවා. ඊට අනුකූලව ලැබෙන චරිත සහ සියල්ල ගැන මට හිතන්න සිදුවෙනවා. කොහොමටත් ලැබෙන නිසාම මම චරිත රඟපෑව කෙනෙක් නෙවෙයි.
චරිතයෙහි ගුණය සහ හරය ගැන බැලූවා. ඒ වෙලේම ඊට ලැබෙන වටිනාකම ගැනත් බැලූවා. එදා ඉඳලම මං වැඩ කළේ වෘත්තීය ගරුත්වය ඇතිවයි. මොකද මම එක පාරටම රංගනයට කඩා පාත්වෙච්ච චරිතයක් නෙවෙයි. සංගීතා චරිතයක් රඟපාන්න ගන්නෙ බෙහොම අඩු මුදලක් නෙවෙයි. ඒ වටිනාකම ගැන මම ගොඩාක් දුරට හිතන කෙනෙක්. මේ නිසාම මට වත්මනෙහි බෙහෝ දේ නොලැබී තිබෙනවා. ඒත් ඒවා මට ප‍්‍රශ්න නෙවෙයි. කලාව මගේ ජීවිතය වුණත්, කලාවට හදවතින්ම ආදරය කළත් මම යැපෙන්නෙ ඒ මතින් නෙවෙයි. ඊට වඩා එහි හරය- ගුණය- විනය රැකීම මගේ අරමුණයි. එය අපි නව පරම්පරාවට දිය යුතු ලොකුම ආදර්ශයයි.
මේ දිනවල තිරගත වෙන ‘ධීවරී’ චිත‍්‍රපටය ගැනත් යමක් සඳහන් කරමුද ?
මේ චිත‍්‍රපටයේ මම රඟපෑවේ අවුරුදු 15 කට පමණ පෙරදීයි. එදා මුල් වතාවට මහා රංගවේදීන් වන ජෝ අබේවික‍්‍රමයන්, සිරිල් වික‍්‍රමගේ, ටි‍්‍රලීෂියා ප‍්‍රනාන්දු, ජැක්සන් ඇන්තනි වැනි කලාකරුවන් සමග රඟපාන්න ලැබුණා. එය එදා මගේ රංගන ජීවිතයට ලැබුණු මහා ලොකු අවස්ථාවක් වුණා. අද එය නරඹන විට දැනෙන සතුට හරි ඉහළයි.
ජෝ අබේවික‍්‍රමයන් සමග ඔබට චිත‍්‍රපටයක රඟපාන්න ප‍්‍රථම වතාවට අවස්ථාව ලැබුණේ මේ චිත‍්‍රපටයෙන් කිව්වනේ? ඔහු එදා පැවසූ දේවල් මතකද?
ඇත්තටම එදා මට ලොකුම ප‍්‍රශ්නය වුණේ ඔහුව ආමන්ත‍්‍රණය කළ යුත්තේ කොහොමද කියලයි. අපේ තාත්තා චිත‍්‍රපට කරන අවදියේදී මම ඔහුට කතා කළේ ජෝ අංකල් කියලයි. ඒත් ශිල්පිනියක් ලෙස මට එහෙම කරන්න බැහැ. ඒ ගැන අහන්න තතනමින් සිටියදී ඔහු ඇවිත් ‘කමක් නැහැ, මට ජෝ අංකල් කියන්න දුව’ කීවා. ඊට පස්සෙ ඔහු සමග රඟපෑමේදී පළමු දෙබස සඳහා පිටු තුනක් විතර තිබුණා. මම එහි පෙළගැසීම ගැන ජෝ මහතා සමග කතා කරන්න ගියේ පිටපත සමගයි. ඒත් ජෝ මහතා ඒ සියල්ල කළේ පිටපත නැතිවයි. මට
අදහගන්නවත් බැරි වුණේ ඔහු කොච්චර නම් චරිතය සඳහා ලැහැස්තියක් තිබෙන රංගන ශිල්පියෙක්ද යන්න වැටහුණු නිසයි. ඇත්තටම ඒ වගේ ශ්‍රේෂ්ඨ චරිතයක් සමග රඟපාන්න ලැබීමත් වාසනාවක්.
හැඩගැන්වීම :ධනංජය බණ්ඩාර -- සටහන/ජායාරූප : සඳුන් ගමගේ


Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts