http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, August 24, 2012

‘විඳවමින්’ ජීවත් විය යුතු නැහැ- නිරෝෂා

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
නිරෝෂා විරාජිනීට මෙරට සංගීත ක්‍ෂේත්‍රය තුළ හිමි විය යුතු තැන ඇගේ ආදරණීය ප්‍රේක්ෂ්කයින් සේම විචාරකයිනුත් මේ වන විට හිමි කරදී හමාරය. ඇගේ සුවිශේෂී මධුර හඬ, සංගීත ඥානය එක්තැන් කරමින් බිහි වූ ගීත චිරාත් කාලයක් අප සිත් තුළ නින්නාද දෙනු ඇති. එබැවින් අපි නිරෝෂා අපේ කතා බහට එකතු කර ගනිමු.

එළිමහන් ප්‍රසංගවල නිරෝෂා දැන් දකින්න ලැබෙන්නෙ අඩුවෙන්. මොකක් ද මේ පසුබෑම ?

එළිමහන් ප්‍රසංග වටා රොක් වන්නේ නටන්න කැමැති රසික පිරිස්. ශාලා තුළට එන්නේ ගීත රස විඳින්න කැමැති පිරිස්. මං හිතන්නෙ මගෙ ගීත හරියන්නේ ඔය දෙවැනි පිරිසට.

නමුත් ක්‍ෂේත්‍රයට පැමිණි මුල්කාලයේ නම් ඔහොම හිතුවෙ නැහැ නේද ?

ඒ කාලෙ. එළිමහන් ප්‍රසංග වේදිකාවේ සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න වැනි ප්‍රවීණයන් සිටියා මතක ඇතිනේ. අද එළිමහන් ප්‍රසංග එදාට වඩා ගොඩක් වෙනස්. ඒ ගැන වැඩිපුර කතා කරන්න මම කැමැති නැහැ.
අනික් කාරණේ රාත්‍රියේ. නිදි මරාගෙන ප්‍රසංගවල ගීත කියලා පහුවදා අනෙක් කටයුතුවලට බාධා කර ගන්න මම කැමැති නැහැ.

ශාලා තුළ ප්‍රසංග කරද්දී පටිගත කළ ගීත විකාශය වන අතරේ ගායක ගායිකාවෝ බොරුවට දෙතොල් සොලවනවා කියලා චෝදනා තියෙනවා ...?

යම් යම් හේතූන් මත සුවිශේෂ අවස්ථාවල විතරක් ඔය දේ කෙරෙනවා. ලංකාවේ විතරක් නමෛයි පිටරටවලත් එය සාමාන්‍ය දෙයක්. මමත් එවැනි අවස්ථාවලට දායක වෙලා තියෙනවා. ඒත් ‍පොදුවේ ගත්තම නම් ගීතය ප්‍රචාරය කරලා දෙතොල් සොලවන්න මට අවශ්‍ය නැහැ.

එහෙම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අය කවුද?

ගීතයක් ගායනා කරන්න බැරිව තාක්ෂණයේ පිහිටෙන් ගායක ගායිකාවන් වූ අයට ගොඩ එන්න තියන එකම ක්‍රමය තමයි ඒක.

එවැනි අය ගැන ජනතාව දැනුවත් කිරීම ඔබේ යුතුකමක්නේ ?

නැහැ. නැහැ. ඒක මට කීයටවත් අදාළ නැහැ.

නමුත් එවැනි අයත් නිරෝෂාට අභියෝගයක් වෙන වෙලාවල් ඇති ?

එවැනි අය දක්ෂතා ඇති කිසිම කෙනකුට අභියෝගයක් වන්නේ නැහැ. ඒ වගේ අය එනවා යනවා. පවතින්නෙ නැහැ.

අභියෝගය තියෙන්නේ දක්ෂතා ඇති අය අතරද ?

ඇත්තෙන්ම ඔව්.

උරේෂා රවිහාරි නිරෝෂාට අභියෝගයක්ද ?

ඇත්තම ඇත්ත කතා කරනවා නම් කලාව තුළ නමෛයි කාර්යාලයක් තුළ වුවත් එකිනෙකා අතර වෘත්තීය තරගයක් පවතිනවානේ. පන්තියක සිසු සිසුවියෝ අතරත් ඒ විදියට එකි’නෙකා අතර තරගය පවතිනවා. ඒ තරගය තමයි කෙනෙකුගේ පැවැත්මට දියුණුවට ශක්තියක් වෙන්නේ.

උරේෂයි නිරෝෂයි අතරේ පෞද්ගලික අමනාපයක් තිබෙනවා නේද?

පෞද්ගලික මට්ටමින් කිසිම අමනාපයක් තරහක් අපි අතරේ නැහැ.

එතකොට උරේෂා නිරෝෂා වෘත්තීය තරගයේදී දිනන්නෙ කවුද ?

අපි දෙන්නම දක්ෂයි. අපි දෙන්නම වෙන වෙනම කැමැති අය ඉන්නවා. දෙන්න ගෙම ගීතවලට කැමැති අයත් ඉන්නවා. ඒ කියන්නේ දෙන්නම දිනුම්.

නමුත් චිත්‍රපට පසුබිම් ගායනයේ දී නම් වැඩි අවස්ථා ලැබෙන්නේ උරේෂාට ?

මම ගායනා කළ චිත්‍රපට පසුබිම් ගී ප්‍රමාණය දිහා විතරක් බලලා චිත්‍රපට පසුබිම් ගීත සඳහා මට ලැබෙන ආරාධනා ප්‍රමාණය තීරණය කරන්න එපා. ලැබෙන ආරාධනා බොහොමයක් ප්‍රතික්‍ෂේප කරන අවස්ථාත් තියෙනවා.

නිරෝෂා ආරාධනා භාරගන්නේ මොන පදනමක් මතද ?

අපේ රටේ සංගීතමය චිත්‍රපටයක වුණත් සංගීතය වෙනුවෙන් වෙන් කරන මුදල අඩුයි. මම අය කරන මුදලට
නිෂ්පාදකවරු අකමැති වන අවස්ථා තියෙනවා. අනික චිත්‍රපටය කරන අධ්‍යක්ෂවරයා කවුද කියන එක පවා මට බලනවා. මගෙ හඬ මුසු කරන චිත්‍රපටයේ නිර්මාණශීලී බවත් මට වැදගත්නේ. එවැනි කාරණා සම්පූර්ණ නොවීම මත මම ආරාධනා
ප්‍රතික්‍ෂේප කරන්න වනවා. ඒ වගේ හේතු මත ඇතැම් චිත්‍රපටවලට මාව අවශ්‍ය වුණත් ආරාධනා නොකර ඉන්න අවස්ථාත් තියෙනවා.

ඔය කියන විදියට උරේෂාට වැඩි අවස්ථා ලැබෙන හේතුව එයා අය කරන මුදල අඩු වීම, නැතිනම් ඇය නිරෝෂා වගේ චිත්‍රපටයේ ගුණාත්මක බවට අදාළ කරුණු හොයා නොබලා ගී ගැයීම හෝ විය යුතුයි නේද ?

ඒ ගැන අදහසක් පළ කරන්න මට බැහැ.
අනික උරේෂයි මමයි අතර නැති ප්‍රශ්නයක් මතු කරන්න මේ පුවත් පත් සාකච්ඡාව හේතුවක් විය යුතු නැහැ. චිත්‍රපට පසුබිම් ගීත ගැන අපි දෙන්නව සම්බන්ධ කරලා කතා කරන ප්‍රශ්න මෙතනින් නතර කරමු නේද ?

කලාකාරියක් වුණත් නිරෝෂා හරිම දැඩි කාන්තාවක් කියලා මම කිව්වොත් ?

එහෙම කියන අය ඉන්නවා. ඒත් මම බොහොම මෘදු සංවේදී හිතක් තියෙන කෙනෙක්.

එහෙම අය ආදරයෙන් පරදින අවස්ථා වගේම එහෙම අයගේ විවාහය කඩා වැටෙන අවස්ථා බහුලයි ?

මම නම් කවමදාවත් ආදරයෙන් පැරදීලා නැහැ.

එතකොට පැරදුණේ නිරෝෂට ආදරේ කරපු අයද?

එකම අම්මගෙ කුසින් ඉපදුණු දරුවන් අතරත් වෙනස්කම් බොහෝ තියෙනවා. නාඳුනන දෙදෙනෙක් ආදරයෙන් බැඳිලා එක වහලක් යටට එකතු වෙන්නේ ජීවිත කාලෙම එකට ජීවත් වෙන්න. ඒත් ඒක කරන්න බැරි නම්,
නොගැළපෙනවා නම් කතා බහ කරලා දෙදෙනා වෙන්වනවා. ඒකෙන් දෙදෙනාම පැරදෙන්නේ නැහැ.

ඒ වුණාට දික්කසාදය හොඳ දෙයක් ‍නෙවෙයි නේද?

විවාහය හා දික්කසාදය පෞද්ගලිකයි. විවාහ වෙලා හෝ දික්කසාද වෙලා නීති විරෝධී සදාචාර සහ සමාජ විරෝධී දේවල් කරනවා නම් තමයි වැරදි. අපි අවුරුදු දාහක් ජීවත් වන්න ඉපදුණු අය නමෛයි. ඒ හින්දා විවාහය මුල් කරගෙන හෝ විඳවමින් ජීවත් විය යුතුත් නැහැ.

තමන්ට නොගැළපෙනවා යැයි සිතන සැමියන් සමග දුක්බර ජීවිත ගෙවන  ගම්පළාත්වල බිරින්දෑවරුන් මේ ලිපිය කියවන බව නිරොෂා දන්නවද ?

අපි කරන්නේ කළ හැකි දේවල්. කළ යුත්තේත් කළ හැකි දේ. අනික් අය කරන හැමදේම මට කරන්න බැහැ. මම කරන හැමදේම අනිත් අයට කරන්න බැහැ. කළයුතුත් නැහැ. මම ස්වාධීන ගැහැනියක්. සැමියාගෙන් යැපෙන ගැහැනියක් නමෛයි. ඒ පසුබිම මත මම ගත් තීරණ එවන් පසුබිමක් නැති කාන්තාවකට ආදර්ශයක් විය යුතු නැහැ. කවුරුන් හෝ එහෙම කරන්න හදනවා නම් ඒක මෝඩ කමක්.

මවක් වීම ගැහැනියකගේ පරම වගකීමක් කියලා පිළිගන්නවද?

තමන්ගේ දරුවකු සමාජයට තිළිණ කිරීම යුතුකමක්. ඒ දේ නොකර සමාජය වෙනුවෙන් ලොකු යුතුකමක් ඉටුකරන කාන්තාවන් සමාජයේ ඉන්නවා. දරුවන් ලක්ෂ ගණනකට මවක් වුණු තෙරේසා මව්තුමිය හොඳ උදාහරණයක්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts