http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, August 18, 2012

චංචල රේඛාත් ටෙලියක් වෙයි






https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

සුනෙත් මාලිංග ලොකුහේවා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන චංචල රේඛා ටෙලි නිර්මාණයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවේ.

චංචල රේඛා චිත‍්‍රපටය පාදක කරගත් මෙම ටෙලි නිර්මාණය චිත‍්‍රපටයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් නිර්මාණය කිරීමට උත්සහ කරන බව එහි අධ්‍යක්ෂකවරයා අප සමග පැවසීය.

චිත‍්‍රපටයේ එන ගාමිණි ෆොන්සේකා මහත්මයාගේ චරිතය මෙහිදී නිරූපණය කරන්නේ ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලක විසිනි.

දිනක්ෂි පි‍්‍රයසාද්, නදීකා ගුණසේකර, සාරංග දිසාසේකර, මේනකා මධුවන්ති, මුතු තරංගා, සරත් කොතලාවල, කාවිංග පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, නිල්මිණි කෝට්ටේගොඩ  සහ ගේ‍්‍රස් ආරියවිමල් යන අය මේ සදහා රංගනයෙන් එක්වෙති.

මෙහි අධ්‍යක්ෂණය මෙන්ම තිර පිටපත් රචනයද සිදුකර ඇත්තේ සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි.

කැමරාකරණයෙන් ප‍්‍රභාත් රෝෂන්ද, සංස්කරණයෙන්  ශාන් අල්විස් ද, සහය අධ්‍යක්ෂණයෙන් ධනුෂ්ක ජයවර්ධනද, කලා අධ්‍යක්ෂණයෙන් ඇහැලියගොඩ සෝමතිලකද, වේෂ නිරූපණයෙන් තාරක අධිකාරීද මේ සදහා දායකත්වය සපයන අතර ආචාර්ය ජගත් විජේනායක මෙහි නිෂ්පාදන දායකත්වය දරයි.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts