http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, August 20, 2012

ඒක අහඹු සිදුවීමක්

 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

2011 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුයේද ඇයයි. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසිණි. පසුව රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරයේ දස්කම් දක්වන්නටත් ඇයට අවස්ථාව උදාවිණි. මේ දිනවල තුන්මං තැන්න සහ රිදී සිත්තම් යන ටෙලි නාට්‍ය තුළින් ද ඇගේ රංගන හැකියාවන් දැක ගත හැකිය.



ඇය චමූපා ගොඩගේ.....

*සම්පූර්ණ නම

චමූපා ගොඩගේ

*උපන්දිනය

ජුනි25

*ලග්නය

සිංහ

*පදිංචිය

මාළඹේ

*උස

අඩි 5 යි අඟල් 6

*චමූපා, ඉතින් කොහොමද ජීවිතේ?

හොඳින් ඉන්නවා.


*ක්ෂේත්‍ර කිහිපයක දායකත්වය සපයන කෙනෙක් ලෙස ඔබ ඔබේ වෘත්තීය ලෙස තෝරාගෙන තිබෙන්නේ මොකක්ද?

මේ දිනවලනම් සම්පූර්ණ කාලය කැප කරලා තියෙන්නේ රංගනය වෙනුවෙන්. නමුත් මම එක ක්ෂේත්‍රයකට කොටු වෙන්න කැමති නැහැ. ඒ නිසා මම නිරූපණය අතඅරින්නේ නැහැ.  මම කැමතියි ක්ෂේත්‍ර දෙක තුනක කටයුතු කරන්න.


*රංගන ශිල්පිණියක් දක්වා ඔබ පැමිණි ගමන ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම මේ ක්ෂේත්‍රයට පිවිසුණේ දෙරණ මිස් ශ්‍රී ලංකා තරඟයෙන්. අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුළ මට ලොකු ගමනක් එන්න පුළුවන් වුණා. ඒකට ගොඩක් අය මට උදව් කළා. හරි විදිහට කෙටි කාලයක් තුළ ලොකු ගමනක් ආවා. ඒ ගැන මට ගොඩක් සන්තෝශයි.


*කලා ක්ෂේත්‍රයට පිවිසෙනවා කියන එක ඔබගේ සිහිනයක්ද? නැතිනම් අහඹු සිදුවීමක් ද?

නැහැ. ඇත්තටම ඒක අහඹු සිදුවීමක්. දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වීමේ පටන්ම ඒක අහඹු සිදුවීමක් වුණා.



*දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වීමට මඟ පෑදුනේ කොහොමද?

ඇත්තටම මම අවුරුදු 4 ½ ක් ලංකාවේ හිටියේ නැහැ. මම හිටියේ සිංගප්පූරුවේ. නිවාඩුවකට තමයි ලංකාවට ආවේ. ආසාවට වගේ අයැදුම් කරා. මේ තරම් දුර එන්න ලැබෙයි කියලා කොහෙත්ම බලාපොරොත්තු වුනේ නැහැ. වාසනාවකට වගේ එතනින් මට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව උදාවුණා.


*අහඹු සිදුවීමකින් මිස් ශ්‍රී ලංකා තරඟයට සහභාගී වෙලා ලබපු ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

හුඟාක් සතුටුයි. දෙරණ නිසා තමයි ඇත්තටම මට හරියට මේ තැනට එන්න ලැ‍බුණේ. ඒ ගැන හිතද්දී ගොඩක් සතුටුයි.


*ඔබ ක්ෂේත්‍රයට පිවිසීම දක්වා කාලය සහ ක්ෂේත්‍රයට පිවිසුණු පසු නවක ශිල්පිණියක ලෙස ප්‍රවීණයින්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

හොඳ සහයෝගයක් ලැබුණා. සාමාන්‍යයෙන් අපි කවුරුත් දන්න දෙයක් තමයි නවක ශිල්පී ශිල්පීනියන් එක්ක ප්‍රවීණයින්ගේ ගැටීමක් තියනවා කියන එක. නමුත් මටනම් ක්ෂේත්‍රයේ මේ දක්වා හිටපු කාලය ඇතුළත ඒ වගේ කිසිම අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණේ නැහැ. මම පටන්ගත්ත තැන සිටම කටයුතු කරේ ප්‍රවීණම අය එක්ක. ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් වගේ හොඳ නමක් තියාගෙන ඉන්න ප්‍රවීණයින් එක්ක රංගනයේ යෙදෙද්දී හොඳ සහයෝගයක් ලැබුණා.


*නිරූපණය හා රංගනය හැරුණු කොට ඔබට තියෙන වෙනත් හැකියාවන් මොනවාද?

වෙනත්  හැකියාවන් මොනවද කියන්න මමනම් දන්නේ නැහැ. මම අධ්‍යාපනය හැදෑරෑ ගණකාධිකරණය ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා.


*මේ වෙද්දි අධ්‍යාපන කටයුතු නතර කරලද තියෙන්නේ?

ඔව්. මේ වෙද්දී අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම නතර කරලා තියෙන්නේ. දැන් අවුරුද්දක් විතර වෙනවා ඒ දේවල් නතරකරලා. ලබන දෙසැම්බර් මාසයෙන් පස්සේ නැවතත් අධ්‍යාපන කටුයුතුවලට යොමුවෙන්න බලාපොරොත්තුවක් තියනවා.


*මේ ක්ෂේත්‍රයේ ඉන්න එක අධ්‍යාපන කටයුතුවලට බාධාවක්ද?

ඇත්තටම මටනම් ඒ දෙකම එකපාර කරන්න අමාරුයි. ඒ නිසා තමයි මම පූර්ණ කාලීනව රංගනයේ යෙදෙන්නේ. ඉදිරියේ දී නැවතත් අධ්‍යාපන කටුයුතුවල නිරතවෙන්න බලාපොරොත්තුවක් තියනවා.


*රංගන ගෞරවනීය වෘත්තියක් නෙමෙයි කියලා කවුරුහරි කිව්වොත් ඔබ ඒ අදහසට එකඟ වෙනවාද?

ඒකට එකඟ වෙන්න බැහැ. මොකද රංගනය කියන දේ ‍ගෞරවනීය වෘත්තියක් කරනොගන්නේ සමහර අය විතරයි. ඒ නිසා ඒ දෙය හැමෝටම අදාළ වෙන්නේ නැහැ. ඒ වගේමයි වෘත්තියේ තැන තියලා වැඩ කරන අයත් ඉන්නවා. ඒ නිසා හරි විදිහට වැඩ කරොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.


*ක්ෂේත්‍රයේ ඔබ විසින් පනවාගත් සීමා මායිම් තියනවාද? 

සීමා මායිම් තියනවා. මම වැඩ බාරගන්නේ ගොඩක් අඩුවෙන්. තෝරා බේරා ගැනීම් එක්ක තමයි මම නිර්මාණවලට දායකත්වය සපයන්නේ.


*එහෙම තෝරා බේරා ගැනීම් කරන්න විශේෂ හේතුවක් තියනවද?

වැඩ ගොඩක් බාරගන්න නෙමෙයි මට ඕන. එකක් හරි කමක් නෑ කරන දේ හරියට කරන්නයි මට ඕන.


*චමූපාගේ පවුලේ තොරතුරු කිව්වොත්?

මමයි, අයියයි, තාත්තයි අම්මයි. තාත්තත් කලාවට සම්බන්ධයි. හිටපු කලා අධ්‍යක්ෂකවරයෙක්. දැනට ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරනවා. අයියත් කලාවට සම්බන්ධයි.


*පවුලේ ගොඩක් දෙනෙක් කලාවට සම්බන්ධ නිසා ඒ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

ගොඩක් හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන්ම තාත්තා හැමදේටම ‍උදව් කරනවා. මගේ වැඩ පවා කතාකරලා බාර ගන්නේ තාත්තා තමයි.


* තරුණ ජනප්‍රිය කලා ශිල්පිණියක් හැටියට ආදරය කියන දේ ගැන මොකද හිතන්නේ?

ආදරය ගැන කියන්න මම දන්නේ නැහැ. වෙලාවකට සුන්දරයි.   


*මේ වෙද්දි ආදරවන්තියක් ද?

ඔව්


* ඒ පිළිබඳ විස්තර කියන්න කැමතියි නම් අපි කැමතියි දැනගන්න...

විස්තර දැන්ම කියන්නේ නැහැ. නමුත් වෙලාව ආවම මුලින්ම දෙරණට කියන්නම්.


* ඔබ ආදරය විඳින කෙනෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ මොන වගේ ආදරයක්ද?

අවංක ආදරයක්


*බේ විවේක කාලය ගත කරන්න කැමකි මොන විදිහටද?

විවේක කාලය නිදහසේ ගත කරන්න කැමතියි. ඇවිදින්න යන්න ගොඩක් කැමතියි. මොකද වැඩත් එක්ක ඒ නිදහස අපිට ලැබෙන අවස්ථාව අඩු නිසා. ඒ නිසා වැඩි සද්දයක් නැති නිදහසේ ඉන්න පුළුවන් තැනක ඉන්න කැමතියි.


*ඔබ ඔබේ ජීවිතයේ දී වඩාත්ම ශෝකයට පත්වුණ අවස්ථාව ගැන මතක් කළොත්?

විශේෂ අවස්ථාවක් මටනම් මතක නෑ. නමුත් මම පොඩි පොඩි දේවල්වලටත් හිත රිද්දගන්න කෙනෙක්. සාමාන්‍යයෙන් යාළුවෙක් මොනවහරි කිව්වත් හිත රිද්දවගන්නවා.


*ජීවිතයේ පසුතැවුණු අවස්ථා තියෙනවද?

මට මොනවහරි දෙයක් වුනාම ඒ වෙලාවට පසුතැවෙනවා. එතනින් එහාට හිතන්නේ නැහැ. මම මානසිකව ගොඩක් වැටෙන කෙනෙක්. නමුත් මම ඒකට හිත හදාගත්තට පස්සේ ඒ ගැන පොඩ්ඩක්වත් මම හිතන්නේ නැහැ.


*ජීවිතයේ වැඩියෙන්ම සතුටුවුණ අවස්ථාව මතකද?

දැනටනම් මිස් ශ්‍රී ලංකා තරගයේ ජයග්‍රහණය කරපු අවස්ථාව තමයි මම වැඩියෙන්ම සතුටු වුණ අවස්ථාව.


*කලා ක්ෂේත්‍රයට පිවිසියේ නැත්තම් ඔබ අද වෙනකොට කොයි වගේ ක්ෂේත්‍රයක ඉන්න කෙනෙක් වෙයිද?

ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ඉඳියි. මොකද මම ඉගෙන ගත්තෙත් ඒක නිසා.


*එහෙම නැතුව විශේෂ ආසාවක් තියෙන දෙයක් තිබුණද? කුඩා කාලයේ පටන්ම බොහෝ දෙනාගේ හිත්වල විවිධ වූ ආශාවන් තියනවානේ. ඒ වගේ දෙයක්....

එහෙම ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳන් මම ගණකාධිකරණ ක්ෂේත්‍රයට ආශාවක් තිබුණා. ඒ කියන්නේ බැංකුවක වැඩ කරන්න වගේ ආශාවන් තිබුණා.



*හදිසියේම රංගන කටයුතුවලින් ඉවත් වෙන්න සිදුවුණොත් ඔබේ ඉදිරි කාලය කොහොමද ගත කරන්නේ?

ඉවත් වෙන්න ඇත්තටම අදහසක් තියෙනවා. මගේ අධ්‍යාපන කටයුතු සඳහා ඉදිරි වසර දෙකක කාලය ඇතුළත කෙටි කාලීනව හෝ රංගනයට සමුදෙන්න අදහසක් තියෙනවා. ඊට පස්සේ ටික කලකට හෝ විදේශගත වෙනවා.


HARD TALK 

*ජීවිතයේ වැදගත් කටයුතුවලදී ජෝතිෂ්‍යට මුල්තැනක් දෙනවද?

ඔව්.


*කවදාහරි දවසක ඔබගේ පෙම්වතා හෝ සැමියා කිසිදු හේතු පැහැදිලි කිරීමකින් තොරව ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න කියලා බල කළොත් ඔබ ගන්න තීරණය මොකක්ද?

අනිවාර්යයෙන්ම ඉවත්වෙනවා.


*කාන්තාවක් සැමවිටම මුල් තැන ලබාදිය යුත්තේ පෞද්ලික ජීවිතයට ද නොඑසේ නම් වෘත්තියට ද?

පෞද්ගලික ජීවිතයට.


*ක්ෂේත්‍රයේ ශිල්පියෙකු පිළිබඳව ඔබට ආදරයක් හෝ ආකර්ෂණයක් ඇතිවුණ අවස්ථාවක් තියෙනවද?

නැහැ.


*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණය වෙනුවෙන් සැකසුණු නිර්මාණයකට ඉතා ඉහළ මුදලක් යටතේ ඔබට දායකවීමට අවස්ථාව  ලැබුණහොත් එය භාරගන්නවාද?

කොහෙමත් නැහැ.


*ඔබේ ප්‍රථම ප්‍රේමය කොපමණ කාලයක් පැවතුනාද?

ඒක පෞද්ගලික දෙයක්. මම කියන්න කැමති නැහැ.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts