http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, July 7, 2012

රණවිරු රියල් ස්ටාර් මිෂන්ii ජය අයෝමි පෙරේරාට

ලොව ප්‍රථම "මිලිටරි රියලිටි" වැඩසටහන වන "රණවිරු රියල් ස්ටාර් මිෂන්ii" ප්‍රසංගය සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේ දී ඊයේ (06) රාත්‍රී අති උත්කර්ෂවත් අයුරින්  පැවති අතර, එහිදී  අවසාන මහා තරගයට තරඟ කළ තරඟකරුවන් පස්දෙනෙකු අතරින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා ඉංජිනේරු සෙබළ අයෝමි පෙරේරා ජයග්‍රාහී කිරුළ හිමි කර ගත්තාය.

ඒ අනුව, රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ දෙවන අදියරේ සුපිරි කිරුළ දිනාගන්නාගත් ඇයට රුපියල් මිලියන 17ක් වටිනා නවීන නිවසක් පිරිනැමුණි.

ආරක්ෂක හමුදාවන්ගේ සැගවුණු ගායන කුසලතාවයන් ජාතික තලයට හදුන්වා දීමේ අරමුණින්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව බිහි වූ
"මිලිටරි රියලිටි" දෙවන අධියර අවසන් මහා තරගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන්ඊයේ රාත්‍රියේ පවත්වන ලද්දේ මනරම් ගැයුම් හා රැඟුම් සමඟිනි.



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYU2fCKpxYXwcARUGwqzhnRDDEcpoH_y188FTB8ma0n39e2ckelJpx9bGrvbKW2cnkC1T6muswy5DrUpWhO4QvxmwdyPLgNzLU15tlYCXLb-qzz0pRrhH39sndqDuDES22gGTDa86dRE8/s1600/Ranawi.jpg

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts