http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, July 14, 2012

ටෙනී ගේ සිහින සේයා

ප‍්‍රවීන ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහ මහතාගේ මංගල ඡායාරූප ප‍්‍රදර්ශනය මෙම මාසයේ අග පැවැත්විමට නියමිතය.

"සිහින සේයා” ලෙස නම් කර ඇති මේ ප‍්‍රදර්ශනය මෙමස 27, 28, 29 තෙදින පුරා පෙ.ව. 10.00 - ප.ව. 6.00 දක්වා ජාතික කලා භවනේදී පැවැත්වීමට නියමිතය.

යොවුන් ජනතා, තරුණි, සන්ඬේ ඔබ්සවර් මැගසින්, සිළුමිණ වැනි පුවත්පත් වල විශේෂාංග ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කළ එදිරිසිංහ මහතා වසර 12කට අධික කාලයක් පුරාවට සරසවියේ ප‍්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කර ඇත.

මෙරට කලාකරුවන් ගේ ඡායාරූප 300,000 ක පමණ එකතුවක් ඇති එදිරිසිංහ මහතා, ඒ අතුරින් තෝරාගත් ඡායාරූප ගොන්නක් සිය ප‍්‍රථම ඡායාරූප ප‍්‍රදර්ශනයට එක්කිරීමට නියමිතයි.

ඔහුගේ කැමරා කාචයේ සටහන් වූ මෙරට තරු කිහිපයක රුව පහත දැක්වේ.

”සිහින සේයා” සම්බන්ධ මාධ්‍ය හමුවක් පසුගිය 10දා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තිරයේදී පැවැත්විණි.



http://images.shareapic.net/images7/026498344.jpg

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts