http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, July 17, 2012

තවත් ලාංකික රූ රැජිණක් හිංදි සිනමාවට පා තබයි.

   

ජැකලයින් ෆර්නැන්ඩ්ස් ගෙන් පසුව ලාංකික රූ රැජිණක් වන ගම්යා විජයදාස හට හිංදි සිනමාවට පා තැබීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. මේ අනුව හිංදි සිනමාවේ සිටින දෙවන ශ්‍රීලාංකික රූ රැජිණ වන්නේ ගම්යා යි.

2009 වසරේ දී මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් ඇය නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළ අතර සිංහළ සිනමාවට දායක වන්නට ආරාධනා ලැබුනත් ඒ පිළිබඳව ඇය සෑහීමකට පත් නොවුන නිසා ප්‍රතික්ශේප කළ බවයි දැනගන්නට ලැබෙන්නේ.

ඇය විසින් හිංදි චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ලුව් රාජන් ගේ මීළඟ සිනමා නිර්මාණයක් සඳහා ගිවිසුම් අත්සන් කර ඇතැයි සඳහන්.

ගම්යා දායක වන සිනමා පටය ගැන තොරතුරු හෙලි කිරීමට මැලිකමක් දක්වන අතරම ඇයට ඒ චරිතය පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමට අවසරයක් නැති බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ නමුත් එම චිත්‍රපටය තරුණ ජවයෙන් පිරි හොඳ නිර්මාණයක් බවට පමණක් දැනට පැවසිය හැකි බවත් ගම්යා ප්‍රකාශ කළා.

මේ වසර අවසන් වන විට තිරගත වීමට නියමිත මෙම සිනමා පටයට පෙරත් ඇය සංගීතමය නාට්‍ය සඳහා දායක වී තිබෙන නිසා චිත්‍රපටයේ රඟපෑමේදී කිසිඳු අපහසුතාවයකට පත් වුනේ නැති බවයි ඇය පවසන්නේ.

"මම, ස්වභාවයෙන්ම ඉතා විචිත්‍රවත් වන උඩරට නර්ථනය වසර 15 ක් තිස්සේම ප්‍රගුණ කළ පුහුණු නර්ථන ශිල්පිනියක්. ඒ නිසා මෙම ගීත වලට නර්ථන ඉදිරිපත් කිරීමේදී කිසිඳු අපහසුතාවයකට මුහුණ දුන්නෙ නැහැ. ගොඩක් සතුටින් විනෝදයෙන් මම මේ චිත්‍රපටයට දායක වුනේ. ඒ වගේම එක් භූමිකාවකට විතරක් සීමා වීමට මගේ බලාපොරොත්තුවක් නැහැ" ලෙසයි.

හිංදි සිනමාවේ සිටින ශ්‍රී ලාංකිකයකු වන ජැකලයින් පිළිබඳව විමසූ විට ඇය පැවසූවේ මෙවැන්නක්.

"මම තවම ඇයව හමු වී නැහැ. අඩුම තරමින් ඇයට කතා කරලවත් නැහැ. ඒත් මම ඇය සමඟ කතාබහ කරන්න ආසාවෙන් ඉන්නේ. මගෙ රටේම කෙනෙක් ඉතා දක්ෂ නිළියක් ලෙස හිංදි සිනමාවට ඇතුල් වී තිබීම හරිම සතුටු දායකයි"
http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 





0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts