http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, July 21, 2012

දැන් තමයි සතුටින්ම ඉන්නේ... අයේෂා සඳමාලි

අයේෂා කීකරුයි
ඒවගේම සැරයි...
දුලිප්


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihLfgGkg4qxEAxDZOiHguNwECPhPuePWRftdev4i3AEkJLoW3tPg4HB1iYQO3_ZR8D2VHtipAMoMLKWN_t_pITXiz3_HVW1GEapSXFjQ_-kcFEkU88Zmr-e-NbuM3Dc8HHe-uzpvtVVeg/s1600/Ayesha1.jpg
මේ අවුරුද්ද පටන් ගන්න කොට කලා ලෝකයේ අපට නිතර දකින්න ලැබුණේ වගේම අහන්න ලැබුණේ මඟුල්තුලාවන්. හැබැයි දැන්නම් නිතර අහන්න දකින්න ලැබෙන්නේ නිළියන් මව් පදවිය ලබන පුවත්. නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා අපිට පොඩි ආරංචියක්‌ ලැබුණා. ඒ ආරංචිය ඔබට කියන්න අපි ඇයගේ නිවහනට ගොඩවැදුනා.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ?

ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.
මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?

ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

බබෙක්‌ ගැන බලාපොරොත්තුවෙලා කොච්චර කල්ද?

ඒ දවස්‌වල ඉඳන් මම රූපවාහිනි වැඩසටහන්වලට වගේම පුවත්පත්වලට කියලා තියෙනවා මගේ තියෙන ලොකුම සිහිනය මවක්‌ වීම කියලා. තව නොබෝ දිනකින් මගේ හීනය සැබෑවෙනවා. මම මවක්‌ වෙනවා. ගැහැනියක්‌ විදිහට ලබන්න පුළුවන් උත්තරීතරම දේ ලබන්න මම සූදානමින් ඉන්නවා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?

මම නම් ඇත්තටම කැමැති දුවෙකුට. නමුත් මට ලැබෙන්නේ පුතෙක්‌. පුතෙක්‌ වුණත් දුවෙක්‌ වුණත් බොහොම සතුටෙන් භාරගන්නවා.

එතකොට සැමියා කැමැති ?

එයා නම් කැමැති පුතෙකුට.

පවුලට එකතුවන අලුත් අමුත්තාගේ වෙනස ඉදිරියේදී විඳින්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

හරිම ලොකු වෙනසක්‌ වේවි. අපි දෙන්න විවාහ වෙලා අවුරුදු හයක්‌ වෙනවා. අපි දෙන්නාගේ ජීවිතවලටත් වෙනසක්‌ ඕනෑ වෙලයි තිබුණේ. ඒ නිසා මම හිතනවා ලොකු වෙනසක්‌ දැනේවි කියලා. එය වචනවලින් කියන්න බැරි තරම්.

දුලිප්ගෙන් මේ වෙලාවේ මොනවාගේ සහායක්‌ද ලැබෙන්නේ ?

ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. මගේ පිටුපසින් හිටපු දැවැන්තම හස්‌තය විදිහට සැමියාව හඳුන්වාදෙන්න පුළුවන්. බබෙක්‌ ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු දවසේ ඉඳන් මට දැනෙන්නේ එයාට මාව ලොකු කරදරයක්‌ කියලා. මොකද ඒ තරමට මගේ වැඩකටයුතු කරන්නේ මගේ සැමියා.

මවක්‌ වීමත් සමග කලාවෙන් ඈත්වෙන්නද සූදානම?

මම පසුගිය දවස්‌වල පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වුණා. ඒ හින්දා මට කලා කටයුතුවලට දායක වෙන්න බැරිවුණා. රණවිරු රියල් ස්‌ටාර් තමයි මම අන්තිමට කරපු වැඩසටහන. මෙවරත් ඒ වැඩසටහනට ආරාධනා ලැබුණා. නමුත් ඒ වන විටත් මම අම්මා කෙනකු වෙලයි හිටියේ. මම මව් පදවිය ලබන්න ඕනෑ කාලයක, තවත් ඒක පහුකරන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. ජීවිතයේ කොච්චර දේවල් කළත් ආපසු හැරී බලද්දී දැන් තමයි ජීවිතයේ සතුටුවෙන්න පුළුවන් කාලය ඇවිත් තියෙන්නේ.

මවක්‌ වෙලා කලා කටයුතු කරනවාට සැමියා විරුද්ධ නැතිද?

ඉස්‌සර නම් අපි දෙන්නා විතරයි. ඉදිරියේදී ලොකු වගකීමක්‌ පැවරෙනවා. සැමියා ගොඩක්‌ කාර්ය බහුල වුණොත් මට දරුවත් එක්‌කම ඉන්න වුණොත් වැඩකරන්න බැරිවෙයි.

ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන්නේ මොකක්‌ නිසාද?

ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන දවස ඉදිරියේදී තමයි තියෙන්නේ.

අපි මේ කතාබහට අයේෂාගේ සැමියා වන දුලිප්වත් එකතුකරගත්තා.

දුලිප්, අයේෂාට මොන වගේ සහයෝගයක්‌ද මේ වෙලාවේ ලබාදෙන්නේ ?

මට පුළුවන් සහයෝගය හැමවෙලාවේම ලබාදීලා තියෙනවා.

ඉදිරියේදී අයේෂාව කලාවෙන් ඈත්කරනවාද දුලිප් ?

මම කවදාවත් අයේෂාට සීමාවන් දාලා නැහැ. මම එයාගේ හැකියාවන් දකිනවා. ඒ හැකියාවන්වලට ඉඩදීලා තියෙනවා. ඉතිං ඉදිරියටත් ළමයාගේ කටයුතු බලාගෙන එයාගේ හැකියාවන් ඉදිරියට ගෙනියන්න මම ඉඩදීලා තියෙනවා.

අයේෂා ඔබ කියන දේ පිළිපදිනවාද?

බොහෝ දුරට පිළිපදිනවා. එයා දන්නවා මම දීලා තියෙන නිදහස. මම දීපු නිදහස එයා අයුතු ලෙස ප්‍රයෝජනයට අරගෙන නැහැ.

අයේෂා කියන්නේ කීකරු බිරිඳක්‌ද?

කීකරුත් තියෙනවා. ඒ වගේම සැරයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts