http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, July 19, 2012

රාජේශ් ඛන්නා නික්ම යයි

‘අරාධනා’, ‘හාති මෙරේ සාතී’ ‘ආනන්ද්’ සහ අමර් පේ‍්‍රම්’ ආදී අමරණීය බොලිවුඩ් සිනමාපට හරහා පේ‍්‍රක්ෂකයන් අමන්දානන්දයට පත් කළ 70 දශකයේ සුපිරිතරුව රාජේශ් ඛන්නා ඊයේ (18) ජීවිතයෙන් සමු ගත්තේය.

පසුගිය මාස කිහිපයේ දැඩි ලෙස ගිලන් ව සිටි ඔහු මිය යන විට 69 වැනි වියෙහි පසු වූයේය. ඔහු මියගියේ මුම්බායි නුවර බන්ද්‍රාහි ඔහුගේ නිවසේ දීය. එම අවස්ථාවේ ඔහුගේ හිටපු බිරිය මෙන්ම ප‍්‍රවීණ බොලිවුඞ් නිළියක ද වන ඩිම්පල් කපාඩියා ද රින්කි, ටිව්ලින්කල් යන දූවරුන් දෙදෙනා සහ බෑණනුවන් වන සුපිරි නළු ආක්ෂේ කුමාර් ද ඔහු අසල සිටියේය.

ෆිල්ම්ෆෙයාර් සම්මාන රැසකින් පිදුම් ලැබූ රාජේශ් ඛන්නා උපන්නේ 1942 වසරේ අම්රිත්සාර් නුවරදීය. ඔහුගේ නම වූයේ ජතින් අරෝරාය. පාසල් අවදියේ සිට රංගනයට පි‍්‍රය කළ ඔහු රාජේෂ් ඛන්නා යන නමින් පළමු වරට බොලිවුඞ් සිනමා පටයක රඟපෑවේ 1966 වසරේය. ඒ ‘අක්රිකාත්’ චිත‍්‍රපටයේය. එදා මෙදා තුළ ඔහු රඟපෑ චිත‍්‍රපට ගණන 160 කට ආසන්නය.

රජේෂ් ඛන්නාගේ අභාවය බොලිවුඞ් සිනමාවට පමණක් නොව මුළුමහත් ඉන්දියාවටට විශාල පාඩුවක් යැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. 1991 සිට 96 වසර කාලයේ කොංග‍්‍රස් මන්තී‍්‍රවරයකු ලෙස ද රාජේශ් ඛන්නා කටයුතු කර ඇත.



http://images.shareapic.net/images7/026506082.jpg 



0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts