http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Monday, September 10, 2012

මේනකා, බෙකම්ව අල්ලයි !

ශී‍්‍ර ලාංකික ජනපි‍්‍රය ටෙලි නිළියක් වන මේනකා මධුවන්ති ලෝක ප‍්‍රසිද්ධ පාපන්දු කී‍්‍රඩක ඩේවිඩ් බෙකම් සමග ජායාරූප ගැනීමට සමත්වී ඇති බව වාර්තා වේ. මේනකා, බෙකම් සමග ජායාරූප ගැනීමට මෙන්ම ඔහු අල්ලා බැලීමටත් සමත්වී ඇත්තේ බැංකොක් හිදී බවද පැවසේ.
ඇය එහිදී බෙකම් පමණක් නොව, ලෝකප‍්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර්වුඩ්ස්ගේ ගොල්ෆ් පන්දුව අල්ලා බැලීමටත්, එළිසබත් මහරැජින, ඩයනා කුමරිය, මහත්මා ගාන්ධි හා බොලිවුඩ් නළු ටොම් කෲස් සමග ජායාරූප ගැනීමටත් සමත් වූ බව පැවසේ.
මේනකා මේ සියලු දෙනාම මුණ ගැසී ඇත්තේ බැංකොක් හි ‘මැඩම් ටූසාඩ්’ඉටි ප‍්‍රතිමා කෞතුකාගාරයේදීය.
ප‍්‍රංශ ජාතික කාන්තාවක් වන මාරි ටුසාඩ් නිර්මාතෘත්වය දරනු ලබන මෙම ඉටි කෞතුකාගාර දම්වැලෙහි ශාඛාවක් ලෙස හොංකොන්හි පිහිටි මේ ඉටි කෞතුකාගාරය කි‍්‍රයාත්මක වේ.
හොංකොංහි පීක් ටවර්හි පිහිටි මෙම කෞතුකාගාරයේ ලොව ජනපි‍්‍රය නළු නිළියන්, දේශපාලඥ්ඥයන්, කී‍්‍රඩකයන්, ගායක ගායිකාවන් හා උගතුන්ගේ ජීවමාන ප‍්‍රමාණයේ ඉටි රූප සියයක් තිබෙන බව පැවසේ.
මෙය ආසියාවේ පිහිටි මැඩම් ටුසාඩ් කෞතුකාර දෙකෙන් එකක් වන අතර ආසියාවේ පිහිටි අනෙක් මැඩම් ටුසාඩ් ඉටි කෞතුකාගාරය පිහිටා ඇතතේ ෂැන්ග්හියිවලය.
ඉටි කෞතුකාගාර දම්වැලෙහි හොංකොන් ශාඛාව ආරම්භ කර ඇත්තේ 2006 වසරේදී බවද පැවසේ.







0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts