http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, May 8, 2012

මඟුල් පොටෝ ගන්න ගිය ඡායාරූප ශිල්පියා ආදායමෙන් භාගයක් හෝටලයට ගෙවලා

http://www.lankadeepa.lk/images/deiyosakki.gif
මංගල උත්සවයකට පිංතූර ගැනීමට ගිය ඡායාරූප ශිල්පියකුට මීගමුව ප‍්‍රදේශයේ හෝටලයක තපින්නට සිදුවිය.
ඔහු මීරිගම ප‍්‍රදේශයේ ඡායාරූප ශිල්පියෙකි. සිය ඥාතියකුගේ ඇරයුමින් පසුගිය සතියේ වැඩක් බාර ගත්තේ උදව්වක් වශයෙනි. මැයි පලමුවැනිදා හවස් යාමයේ සිට ලක ලැහැස්ති වූ මේ ඡායාරූප ශිල්පියා දෙවැනිදා හිමිදිරියේම මීගමුව ප‍්‍රදේශයේ නියමිත හෝටලය බලා පිටත් වූයේය.
පෙරවරු අටවන විට සියල්ල සූදානම් කෙරෙන බව පවසා තිබුණත් එහි මංගල උත්සවයක කිසිදු ලකුණක් දැක ගැනීමට තිබුණේ නැත.
මනාලියගේ පාර්ශ්වයේ කිසිවෙක් පැමිණ ද නැත. සේවක පිරිසක් තණකොළ කැපීමේ යෙදී සිටිනුද ඔහුට දැකිය හැකිවිය.
ටික වේලාවක් බලා සිටි ඡායාරූප ශිල්පියා හෝටලයේ පිළිගැනීමේ නිලධාරි හමුවී කතාබහක නිරත විය. මහත්තයා ඔය කියන මංගල්ලය තියෙන්නේ හෙට උදේටයි. අද නම් අපිට වැඩක් නැහැ පිළිගැනීමේ නිලධාරියාගේ ප‍්‍රකාශයත් සමග අන්දමන්ද වූ ඡායාරූප ශිල්පියා සිය දිනපොත බැලීය. එහි දිනය හරිය.
තමන්ට මේ කටයුත්ත පැවරූ ඥාතියාට කතා කළ පසු දිනය වරද්දාගෙන දින පොතේ සටහන් කර ගැනීම නිසා මේ අකරතැබ්බය වූ බව ඡායාරූප ශිල්පියා තේරුම් ගත්තේය.
එම හෝටලයේම කාමරයක් කුලියට ගත් ඔහු එදා එහි නතරව පසුදා මංගල උත්සවය ආවරණය කර ගමට ගියේ තමන්ගේ ආදායමෙන් කොටසක් හෝටලයේ කාමර ගාස්තුව ලෙස ගෙවීමෙන් අනතුරුවය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts