http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, May 8, 2012

නිල් තැටි 101 සමග 02ක් මාට්ටු


 
අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි තොගයක් සමඟ වෙළඳ සැල් හිමියන් දෙදෙනෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉංගිරිය වෙළෙඳ සංකීර්ණයේ වීඩියෝ සැලක තිබී මෙම සංයුක්ත තැටි තොගය සොයා ගෙන ඇත.
එහි තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 101 ක් සොයා ගත් බව පොලීසිය පවසයි.
එම තැටි සකස්කිරීම සඳහා උපයෝගී කරගත් පරිගණකයක් ඇතුළු අමතර උපාංග කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි පැවසේ.
සැකකරුවන් දෙදෙනා හොරණ මහේස්ත‍‍‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඉංගිරිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts