http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, April 4, 2014

MAWBIMA SIKURADA VISHESANGAYA 2014-04-04

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 



ලංකාවට ආවේණික පක්‍ෂීන් විශේෂ 33ක් අතුරින් අලංකාරම පක්‍ෂියා ලෙස කැහිබෙල්ලා හැඳින්විය හැකිය.Sri Lanka Blue Magpie යන ඉංග්‍රීසි නාමයෙන් හැඳින්වෙන කැහිබෙල්ලාගේ විද්‍යාත්මක නාමය Urocissa Ornate වේ. ප්‍රමාණයෙන් 42cm - 47cm අතර විශාලව වැඩෙන කැහිබෙල්ලා කපුටකුට වඩා තරමක් කුඩාය. හිස, ගෙල සහ පපුවේ ඉහළ ප්‍රදේශය දුඹුරු පැහැයක් ගනී.

පියාපත් නිල් සහ රතු දුඹුරු පැහැයෙන් දිස්වන අතර දීප්තිමත් නිල් පැහැයෙන් යුත් දිග පෙඳයක් කැහිබෙල්ලාට ඇත. පෙඳයෙහි අග කොටස සුදු පැහැතිය. සිරුරේ යටි පැත්ත නිල් පැහැ වන අතර ඇස් වටා තද රතුපැහැයක් ගනී. වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වන කැහිබෙල්ලා සිංහරාජ වනාන්තරයේදී බහුල වශයෙන් දැකගැනීමට හැකියාවක් ඇත. වනාන්තර විනාශය හා කපුටන් වනාන්තරවලට පැමිණීම කැහිබෙල්ලාට ඇති ප්‍රධානතම තර්ජනය වේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts