http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, May 23, 2014

MAWBIMA VISHESANGAYA 2014-05-23

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

බල්ලා
 ක්‍ෂීරපායී සිවුපා සතකු ලෙස බල්ලා හැඳින්වේ. ඉංගී්‍රසි භාෂාවෙන් Dog ලෙස හැඳින්වෙන බල්ලා ලෝකයටම පොදු සතෙකු ලෙස ව්‍යාප්ත වී ඇත. මිනිසා විසින් පළමුවෙන්ම හීලෑ කළ සතකු ලෙස බල්ලා හැඳින්වෙන අතර බල්ලන් විශේෂ 20 පමණ ලෝකය පුරා දක්නට ඇත. විවිධ නව සොයාගැනීම් පරීක්‍ෂණ කටයුතු කිරීම සඳහා විශේෂයෙන් යොදාගනු ලබන්නේ බල්ලන්ය. සඳු මතට පළමුවෙන්ම යවන ලද්දේ ද ‘ලයිකා’ නම් බැල්ලියකි.

ගෘහාශ්‍රිතව ජීවත්වන බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis Iupus familiaris ලෙස හඳුන්වයි. විවිධ වර්ණයන් හා විවිධ ප්‍රමාණයන්වල බල්ලන් දැකිය හැකිවේ. විශේෂයෙන්ම සුරතලුන් ලෙස ඇතිකරන ලබන බල්ලා ඉතාම කෙළෙහිගුණ දන්නා සතෙකු වන අතර අපරාධ පරීක්‍ෂණ කටයුතු සඳහාද බල්ලන් යොදාගනු ලබයි. සාමාන්‍යයෙන් වරකට පැටවුන් 4 - 5 අතර සංඛ්‍යාවක් බිහි කරයි.  නිවෙස්වල ආරක්‍ෂාව සඳහාද ඇතිකිරීම විශේෂත්වයකි.


සටහන - රෂිනි මෙන්ඩිස්
ග්‍රැෆික් නිර්මාණය - විකුම් සොයිසා

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts