http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, May 16, 2014

GIRAFFE

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif
ජිරාෆ් 
සත්ත්ව ලෝකයේ උසම සත්ත්වයා ලෙස ජිරාෆ් හැඳින්වේ. ජිරාෆ්ගේ විද්‍යාත්මක නාමය Giraffa cameloparadalis වේ. Giraffide යන කුලයට අයත් වන ජිරාෆ් වියළි කලාපීය රටවල ජීවත් වේ. අප්‍රිකානු රටවල් තමන්ගේ නිජ භූමිය කරගත් ජිරාෆ් ඉතියෝපියාව, නයිජීරියාව, සුඩානය, උගන්ඩාව හා සිම්බාබය යන රටවල බහුලව දැකිය හැකිය. උස අතුවල ඇති දලු කෑම සඳහා ඉතා දිගු බෙල්ලක් ජිරාෆ්ට ස්වභාවයෙන්ම ලැබී ඇත.

රංචු වශයෙන් ජීවත් වන ජිරාෆ් ඉතාම සහයෝගිතාවයෙන් කටයුතු කරන සත්ත්වයෙකි. ජිරාෆ් වරකට එක් පැටවකු බිහි කරන අතර ළා දුඹුරු පාට සමෙහි සුදු පාට වෛරන් දක්නට ලැබේ. කාන්තාර වැනි වියළි බිම්වල ඇවිද යෑම සඳහා දිගු දෙපා මෙන්ම ශක්තිමත් කුරද ජිරාෆ්ට ලැබී ඇත. රටවල් අතර රාජ්‍යතාන්ත්‍රික සතුන් හුවමාරුවලදී ජිරාෆ් ඉතා වැදගත් සත්ත්වයකු වේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts