http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, May 30, 2014

IQUUS BURCHELLIANTIQUOM

 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

සීබ්‍රා 
අප්‍රිකානු රටවල් නිජබිම කරගත් අලංකාර හා සිත් ඇදගන්නාසුලු සත්ත්වයෙක් ලෙස සීබ්‍රා හැඳින්වේ. අශ්ව කුලයට අයත් මෙම සත්ත්වයා ඉංග්‍රීසි භාෂාවෙන්ද සීබ්‍රා ලෙස හැඳින්වේ. සත්ත්ව උද්‍යානයකදී පමණක් මෙරටදී දක්නට ලැබෙන සීබ්‍රාගේ විද්‍යාත්මක නාමය Iquus burchelliiantiquom ලෙස හැඳින්වේ. එමෙන්ම අප්‍රිකාවේ සීබ්‍රාවන් විශේෂ තුනක් දක්නට ලැබේ.

සීබ්‍රාවන්ට ඇත්තේ නොබෙදුණු කුරයකි. සීබ්‍රාවාගේ ප්‍රමාණය හොඳින් වැඩුණු පෝනියකුට සමාන වේ. උදර ප්‍රදේශයය දක්වා විහිදුණු කළු සහ සුදු ඉරි වැටුණු අව පැහැති දිලිසෙන සුමුදු සමක් සීබ්‍රාට ඇත. මෙම රටාව ශරීරයේ පසු ප්‍රදේශයේ හොඳින්ම පිහිටන අතර පාදවලද අඩක් පමණ මෙම රටාව ඇත. පිරිමි සතා සහ ගැහැනු සතා බෙහෙවින් සමානකමක් දක්වන අතර පිරිමි සතාගේ උඩු ඇන්දේ හොඳින් වැඩුණු ත්‍රිකෝණාකාර රදනක දත් සටන් සඳහා භාවිත කිරීම විශේෂත්වයකි.

මොවුන් ආහාරයට ගන්නා තණකොළ කපාගැනීමට සහ අඹරා ගැනීමට සීබ්‍රාගේ දත් පිහිටා ඇති අතර රංචු ලෙස ජීවත් වන සත්ත්වයෙකි. වසරකට එක් පැටවෙක් පමණක් බිහිකරන සීබ්‍රාගේ ගැබ්කාලය මාස 12කි.  සීබ්‍රාගේ ආයු කාලය වසර 20ක් වේ.

ග්‍රැෆික් නිර්මාණය - විකුම් සොයිසා

සටහන - රෂිනි මෙන්ඩිස්

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts