http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, April 25, 2014

MAWBIMA 2014-04-25 VISHESANGAYA

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

කොළ දිවියා
ලංකාවේ හා ඉන්දියාවේ පමණක් දැකිය හැකි සත්ත්වයකු ලෙස කොළ දිවියා හැඳින්විය හැකිය.  Rusty Sportted Cat යන ඉංගී්‍රසි නාමයෙන් හැඳින්වෙන කොළ දිවියා Prionailurus rubiginosus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ.

ලෝකයේ ජීවත්වන කැලෑ බළලුන් අතරින් කුඩාම කැලෑ බළල් විශේෂය කොළ දිවියා වේ. නිවර්තන තෙත් වනාන්තර, සිංහරාජය, හෝර්ටන්තැන්න, නුවරඑළිය වැනි කඳුකර ප්‍රදේශවල හා වියළි හා අතරමැදි කලාපයේ කැලෑ හා ශුෂ්ක ප්‍රදේශවල කටු පඳුරු සහිත ලඳු කැළෑවලද කොළ දිවියා ජීවත් වේ. ඉතා කුලෑටි සතකු වන කොළ දිවියා වාසස්ථානවලට අනුවර්තනය විය හැකි සතකු ලෙස  හැඳින්විය හැකිය.

සාමාන්‍යයෙන් නිවෙසේ ජීවත් වන කුඩා බළලකුගේ ප්‍රමාණයට සමාන කොළ දිවියා කලාතුරකින් දක්නට ලැබේ. රාත්‍රි කාලයට දඩයම් කරන සත්ත්වයකු ලෙස කොළ දිවියා හැඳින්වේ. කෘමීන්, කුඩා කුරුල්ලන්, මීයන්, කුකුළන්, උරගයන් මොහුගේ ප්‍රධාන ආහාරයන්ය. අවුරුද්දට එක්වරක් පමණක් පැටුවන් බිහි කරන අතර, වරකට පැටවුන් 1 - 3 සංඛ්‍යාවක් බිහි කරයි. මොවුන්ගේ හමේ මලකඩ රතු පාට පැල්ලම් ඇත. එම රතු පාට ලප හිස මත හා කොන්දේ දාර ලෙස පිහිටයි. සාමාන්‍ය දිග අඟල් 18ක් පමණ වේ.

වලිගය ඔවුන්ගේ ශරීරයේ දිගින් භාගයක් පමණ වීමද විශේෂත්වයකි. කොළ දිවියා මැරීම හෝ හිංසා කිරීම ශ්‍රී  ලංකා වනජීවී සංරක්‍ෂණ පනතට අනුව නීති විරෝධී වේ. කොළ දිවියා සංරක්‍ෂිත සත්ත්ව කොටසක් වන අතර පරිසරයේ ආහාර සමතුලිතතාව රැක ගැනීමට ඉතා වැදගත් මෙහෙයක් කොළ දිවියා ඉටු කරයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts