http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, March 21, 2014

SEMNOPITHECUS VETULUS

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


ශ්‍රීලංකාවට ආවේණික කළු වඳුරා Semnopithecus vetulus යන විද්‍යාත්මක නාමයෙන් හා Purple-faced leaf monkey යන ඉංගී්‍රසි නාමයෙන් හඳුන්වනු ලබයි. කළු වඳුරා බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති සත්ත්වයෙක් ලෙස හැඳින්විය හැකි අතර ඔවුන්ගේ කළු ශරීරයෙහි පිටුපස, මුහුණෙහි සහ වලිගයෙහි තිබෙන සුදු පැහැය අනුව මොවුන් පහසුවෙන් හඳුනා ගත හැකිය.

අතු අතර සිටින කළු වඳුරාගේ හැසිරීම් රටාව නිරීක්‍ෂණය කිරීම ප්‍රියජනක වන අතර අතු මත වාඩිවී සිටින කළු වඳුරා ඇතැම් අවස්ථාවල තේජාන්විත ස්වරූපයක්ද පෙන්නුම් කරයි. මොවුන් ශාකපත්‍ර, දලු, මල් හා ඵල වර්ග ආහාරයට ගනී. උදේ කාලයේ සහ සවස් කාලයේදී ආහාර ලබා ගන්නා කළු වඳුරා දහවල් කාලයේදී විවේකීව සිටී.

නිරන්තරයෙන් මීටර් 25ට වඩා උස වියනෙහි මොවුන් ගත කරන අතර පහළ මට්ටමට පැමිණීම ඉතා කලාතුරකින් සිදුවේ. රංචුවක් ලෙස වාසය කිරීමට ප්‍රිය කරන කළු වඳුරන්ගේ එක් රංචුවක 3-10 අතර සංඛ්‍යාවක් සිටී. වැඩිහිටි පිරිමි සතා රංචුවේ නායකත්වය දරන අතර කණ්ඩායමේ සීමාව ලකුණු කිරීම පිණිස උෟ උස්හඩින් නාද කිරීම සිදු කරයි. ලෝකයේ වැඩිපුරම වඳවීගෙන යෑමේ තර්ජනයට ලක්වී ඇති ක්ෂීරපායි සත්ත්වයාද කළු වඳුරා වේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts