http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Friday, May 9, 2014

MAWBIMA 2014-05-09 VISHESANGA

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


වෙසක් උත්සවය ආදරණීය දුවේ පුතේ වෙසක් මස පසළොස්වක පෝය දිනයට ඇත්තේ තව දින 04ක් වගේ කෙටි කාලයක්. ලෝකෙ පුරා විසිරිලා පැතිරිලා ඉන්න බොහොමයක් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන්පෑම යන තෙමඟුල සමරන්නෙ මේ දවසෙයි. වෙසක් උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. වෙසක් කියලා අපි සිංහලෙන් කියන්නේ පාලි භාෂාවෙන් විශාඛ කියන එකයි. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් වෛශාක්‍ය මංගල්‍ය කියලා කියන්නෙත් අපේ වෙසක් උත්සවයටයි.

වෙසක් කියලා කියන විට අපට අමතක කරන්න බැරි රටක් තමයි අතීතයේ ජම්බුද්දීපය කියල හඳුන්වපු අපේ අසල්වැසි රට වන ඉන්දියාව, ඉන්දියාවේ දී වෙසක් යන්න හඳුන්වන්න විශාඛ පූජා, බුද්ධ පූර්ණිම, බුද්ධ ජයන්ති කියල කියනවා. බංග්ලාදේශයේ සහ නේපාලයත් වෙසක් යන්න හඳුන්වන්න මේ නම් භාවිත කරනවා. ඒ වගේම තායිලන්තයේ විසාඛ බුචා, වියට්නාමයේ පට් ඩාන්  ඉන්දුනීසියාවේ වෛශාඛ්, චීනයේ ෆො ඩැන්  ටිබෙට් රටේ සාගා ඩාවා, ලාඕසයේ වික්ශාඛා බුක්ෂාමියන්මාරයේ ක-සොනෙ-ලා-ප්යාඑ  කියලා කියන්නෙත් වෙසක්වලට.

අපේ රට හැරුණුවිට මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, සිංගප්පූරුව, වියට්නාමය, ඉන්දුනීසියාව, හොංකොං සහ තායිවානය කියන බොහොමයක් ආසියානු රටවල වෙසක් දිනය ප්‍රසිද්ධ නිවාඩු දිනයක්. වෙසක් කූඩු, වෙසක් තොරණ ආදිය තනමින් වැඩිහිටියන් සමඟ එකතුවෙලා දන්සල් ආදිය සංවිධානය කරමින් ඔබත් මේ දිනවල ලහි ලහියේ වෙසක් උත්සවය සඳහා සූදානම් වෙනවා ඇති. එහෙම නම් ඔබත් මේ වෙසක් නිවාඩුව සතුටින් ගත කරන්න, අර්ථවත්ව ගත කරන්න. ඔබට පින්බර වෙසක් මංගල්‍යයක්.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts