http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, February 14, 2013

මගේ පෙම්වතා කලාවට සම්බන්ධ කෙනෙක්

http://www.mirrorarts.lk/media/k2/items/cache/2dee5982cbdc2b7b7b3c545e34831370_XL.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 
මෑත කාලයේ පුංචි තිරයට එක් වූ නව යොවුන් නිළියක් වන චමූපා ගොඩගේ ඔබේ ආලින්දයේ මිතුරියක් වුණේි"රිදී සිත්තම්"තුළින්. මේ දිනවල සෑම සෙනසුරාදාවකම රාත්‍රි 9 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන  "තුම්මන්තැන්න” ටෙලි නාට්‍යය තුළිනුත් ඉරිදා රෑ 9 ට විකාශය වන  "යාය 4” ටෙලි නාට්‍යයෙනුත් ඇය ඔබ හමුවනවා.
චමුපා  කතාබහකට එකතු වන ප්‍රථම අවස්ථාව හින්දා මුලින්ම පුද්ගලික තොරතුරු ටිකක් කතා කියමු.
දැන් මගෙ පදිංචිය බත්තරමුල්ල. නමුත් මම ඉපදුනේ හැදුනේ වැඩුනේ නුවර. ඉගෙනගත්තේ මහමායා බාලිකා විදුහ‍ලේ. ගණකාධිකරණය ගැන සිංගප්පූරුවේ වැඩිදුර හැදෑරුවා. දැනටත් මාකටිං පිළිබඳ හදාරනවා.වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ගමන් තමයි රඟපාන්නේ. මතුදාක අධ්‍යාපනය තුළින් යම් ක්‍ෂේත්‍රයක යෙදෙන අතර තමයි රඟපෑමට හිතාගෙන ඉන්නේ.
චමූපා රූප රාජිනි තරගයකින් නිළිකමට එක්වූ යෞවනියක්?.
මම 2011 මිස් ශ්‍රී ලංකා තරගයේ තුන්වැනි ස්ථානය හිමි කරගත්තා. ඒ හරහා තමයි  "රිදී සිත්තම්” ටෙලි නාට්‍යයට එකතු වන්න ලැබුණේ. හැබැයි මම හා හා පුරා ටෙලි නාට්‍ය යක රඟපෑවේ අවුරුදු 16 දී විතර.
මොකක්ද ඒ නාට්‍යය?
 "දෝණි” ටෙලි නාට්‍යය.ඒකේ මම රඟපෑවේ දිගට ගලාගෙන ගිය ප්‍රධාන චරිතයක් නමෛයි. මම රඟපෑවේ නිවේදිකාවක චරිතයක්.
මතකද මුලින්ම රඟපෑ ජවනිකාව?
උසාවියක ඉඳන් මාලිනි ෆොන්සේකා මහත්මිය එළියට යද්දී එතුමියව සම්මුඛ සාකච්ඡාවකට යොදාගන්න තැත්කරන ජවනිකාවක්.මුලින්ම කැමරාවක් ඉදිරියේ අපේ ප්‍රවීණම රංගන ශිල්පිනිය සමග රඟපාන්න ලැබිම ලොකු සතුටක්.
ඒ ගමන එතැනින් නතරවෙලා යළිත් වතාවක් ඔබ නිළිකමට ආවා?
මම සාමාන්‍ය පෙළ කරලා විදෙස් ගත වුණා. උසස් අධ්‍යාපනය ලැබුවේ සිංගප්පූරුවේ දී.හැබැයි ඒ රටේ ඉන්න කාලෙත් මම මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට  කටයුතු කළා.
සිංගප්පූරුව වගෙ රටක මෝස්තර නිරූපණ ශිල්පයෙ යෙදෙන්න චමූපගෙ උසත් බලපාන්න ඇති?
මගෙ උස අඩි 5 යි අඟල් 8 යි. සිංගප්පූරුවේ විතරක් නමෛයි ලංකාවට ඇවිල්ලත් මම මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කළා. මගෙ උස මේ සඳහා උපකාරී වුණා තමයි. ඒත් සිංගප්පූරුවේ මෝස්තර නිරූපණ ශිල්පිනියක් වීම පහසු වුණා. ඒ ගැන ගොඩක් හදාරන්න ඕනා.
නිළියක් විදියට ඔය උස වාසියක්ද අවාසියක්ද?
අවාසියක් වන අවස්ථාත් තියෙනවා.මට රඟපාන්න වෙන්නේ මගෙ උසට සරිලන නළුවන් සමග විතරයිනේ. ඒක අවාසියක්.
චමූපා නිළියක් වන්න හීන මැවුවේ පුංචි කාලෙ ඉඳන්ද?
නැහැ.මම කවදාවත් නිළියක් වන්න හිතුවේ නැහැ.මගෙ තාත්තා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්.ඔහු තමයි හර්ෂ ගොඩගේ. ඒ නිසා කලාව හා කලාකරුවන් මට නුහුරු නැහැ.නුවර පැත්තේ චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් රූ ගත කළොත් අනිවාර්යයෙන්ම ඒ නළුනිළි පිරිස අපේ ගෙදර එනවා. මම තාත්තත් එක්ක දර්ශන තලවලට ගිහිල්ලත් තියනවා. ඒත් රඟපෑමේ ආශාවක් මට තිබුණෙ නැහැ."දෝණි"ටෙලි නාට්‍යයටත් මුලදි  බැහැ කියල කිවුවා.තාත්තා නිසා තමයි සම්බන්ධ වුණේ.
ඒ කා‍ලේ ටෙලි නාට්‍ය චිත්‍රපට බලන්න වත් ආශාවක් තිබුණෙ නැද්ද?
නිළියක් වීමේ අදහසක් තිබුණෙ නැතුවට කලාවට ඇල්මක් තිබුණා. ඒක වෙන්න ඇති අද මම නිළිකමට එකතු වුණේ.ටෙලි නාට්‍ය, චිත්‍රපට බලන්න ආශා කළා.හින්දි  චිත්‍රපටවලට  ගොඩක් ආශා කළා. පුංචිම කා‍ලේ හින්දි චිත්‍රපටයක් යනකොට අනිත් වැඩ නතර කරලා හරි ඒක නරඹනවා. මේ හින්දම ටී.වී. එකේ හින්දි චිත්‍රපට නැරඹීමේ තහනම් නියෝගයකුත් ගෙදරින් මට පනවලා තිබුණා.
චමූපගෙ උපන්දිනය දැනගන්න  හිතවතුන් කැමති වේවි.
1991 -06-08 වැනිදා
සුන්දර තාරුණ්‍යයේ ඉන්න මේ වගේ සුන්දර නිළියොත් එක්ක කතා කරන්න සුන්දරම මාතෘකාවක් තියෙනවා
 මම දන්නවා ඔය අහන්න යන දේ. ඒ ගැන දැන්ම නෙමෙයි නියම වේලාවට කියන්නම්.
ඒ කියන්නේ දැනට රහසක් විදියට තබාගත්තට ජීවිතය ළඟ සුවිශේෂ කෙනෙක් ඉන්නවා කියන එක නේද?
 ඔව්
එයා කලාවට සම්බන්ධ කෙනෙක්ද?
ඔව්, කලාවට සම්බන්ධ කෙනෙක්.
නළුවෙක්ද?
 එච්චර විස්තර කියන්න බැහැ. කලාවට සම්බන්ධයි කියල කිවුවම ඇති.
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01
Page Animation   Champa 01

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts