http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, February 21, 2012

අනර්කලීගෙන් තවත් පොල්ලක්

 ජනපි‍්‍රය චිත‍්‍රපට නිළි, දකුණු පළාත් සභා මන්තී‍්‍රනී අනර්කලී ආකර්ශා තවත් ටෙලි නාට්‍යක් සඳහා පොල්ලක් තබා ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඇය මෙවර පොලු තබා ඇත්තේ කොටස් 200 කින් සමන්විත තිසුලදීප තඹවිට අධ්‍යක්‍ෂණය කරනු ලබන ‘ආදරියේ’ ටෙලිනාට්‍ය සඳහාය.

මෙම ටෙලියේ අනර්කලීට නිරූපණය කිරීමට සිදුවී ඇති චරිතය සම්බන්ධයෙන් ඇතිකරගත් මත ගැටුමක් හේතුවෙන් ඇය මෙම ටෙලිය මගහැර ඇතැයි පැවසේ.

අනර්කලී මෙහි රංගනයෙන් දායක වන්නේ ‘නිර්මල’ (ධනංජය සිරිවර්ධන) නැමැති ප‍්‍රධාන නළුවාගේ මිතුරියගේ (අහිංසා) චරිතය සඳහාය.

අහිංසා උගත් උපාධිධාරිනියක් වන අතර නිර්මලට සිත් බැඳී ඇය ඔහුගේ ආදරය පතයි.

නිර්මල මාධ්‍යවේදියකු වන අතර ඔහු විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත සැහැල්ලු ජීවිතයක් ගෙවන ‘අප්සාරි’ (නදීෂා හේමමාලි) හා පෙමින් වෙලෙයි.

අප්සාරි හා නිර්මලගේ පේ‍්‍රමයට හරස්වී නාට්‍ය පුරාම ගැටුම් නිර්මාණය කරනු ලබන්නේ ‘අහිංසා’ නැත්නම් අනර්කලී විසිනි.

නැතහොත් අනර්කලීට නාට්‍ය පුරාම ධනංජයගේ ආදරය හිගා කෑමට සිදුව තිබේ.

මේ නිසා අනර්කලී මෙම ටෙලියෙන් ඉවත්වී ඇතැයි පැවසේ.

ඇය මෙම ටෙලියෙන් ඉවත්වීමට පෙර ‘ආදරියේ’ පිටපත ලියූ රිහාන් රවින්‍ද‍්‍රගෙන් පිටපත වෙනස් කරන ලෙස ඉල්ලීමක් කර අති බවද වාර්තා වේ.

රිහාන් ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර පසුව අනර්කලී ඊට උරණව ටෙලියෙන් ඉවත්ව ගොස් ඇත.

ඇය මෙම ටෙලියේ රූගත කිරීම් සඳහා පැමිණි කෙටි කාලයේදීමෙහි ප‍්‍රධාන නිළියගේ චරිතයට පණපොවන නදීශා හේමමාලි හා වැඩි ඇයි හොඳැයියක් නොතිබුණු බවද නාට්‍ය කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
Anarkali_Akarsha_21.jpg
Anarkali_Akarsha_51.jpg
Anarkali_Akarsha_36.jpg
Anarkali_Akarsha_25.jpg
Anarkali Akarsha hot sl actress

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts