http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, January 24, 2012

මිහිරංගි...

ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්...


සම්පූර්ණ නම:
ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා
උපන්නෙ කොහෙද?:
බලන්ගොඩදී
වයස:
අවුරැදු 21 යි
සමත් විභාග:
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ
ඉගෙන ගත් පාසල:
බලංගොඩ ශාන්ත ඇග්නට් සහ ශිෂ්‍යත්ව සමත්ව මීගමුව නිව්ස්ටඩ්
ලග්නය: කුම්භ
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පවුලේ විස්තර ?
අම්මා, තාත්තා, අයියා, නංගි

උසස් පෙළ සමත් කිව්වා නේද ?
ඔව්.

එතැනින් එහාට අධ්‍යාපනය නොකළේ ?
සරසවි වරම් දක්වා සුදුසුකම් තිබුණා. ඒත් එදා ඉඳලම සරසවිය මට එතරම් ප්‍රියජනක වුණේ නැහැ. සරසවි උනන්දුව තිබුණේ නැහැ.

ඇයි ඒ ?
දන්නේ නැහැ.

මොනවගේ උනන්දුවක්ද තිබුණේ ?
කුඩා කාලයේ ඉඳලම චිත්‍රපට නරඹන්න ආසා කළා. ලොකු වෙද්දි ගුවන් සේවිකාවක වෙන්න හිතුණා. ඔෆිස් ජොබ් එකකට කවදාවත් කැමති වුණේ නැහැ.

ගුවන් සේවිකා සිහිනය ?
ඒක දැන් නැහැ.

දැන් ගුවන් සේවයට යන්න බැරිද ?
බැහැ කියලා හිතෙනවා.

ඔබට එක අරමුණක් නැහැ වගෙයි ?
අරමුණක් නැතිව කාටවත් වැඩ කරන්න බැහැ.

මොකක්ද අරමුණ ?
අහම්බෙන් ආපු රඟපෑමේ ගමන හොඳට කරමින් මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම තමයි අරමුණ.

ඒ කියන්නේ ජනප්‍රියත්වය ආභරණයක් කරගෙන කටයුතු කිරීම ද ?
මට ජනප්‍රිය උණ රෝගය නැහැ. ඒක එහෙම අයගෙන් අහන්න. සමහර අය ආව ගමන් පිපිරිලා යනවා. ඊට පස්සෙ හිටපු තැන් සොයා ගන්නත් බැහැ. මම ඒ රුල්ලෙ කෙනෙක් නෙවෙයි.

ඒ කියන්නේ ඔබ වඩා ජනප්‍රිය චරිතයක‍්ද ?
කොහෙත්ම නැහැ. සාමාන්‍ය පිරිසක් දන්න හඳුනන කෙනෙක්.

ඔබගේ තරමට අනුවද වැඩ කරන්නේ ?
ඔව්, අනිවාර්යෙන්ම එහෙමයි.

එතකොට රඟපෑම වෘත්තිය නොවේද ?
වෘත්තියම නෙවෙයි. මගේ හීනය සාර්ථක ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. නමුත් දැනට රංගනයට උපරිම කැපවීම කරනවා.

කැම්පස් යන්න හැමෝටම වරම් ලැබෙන්නෙ නැහැ. ඒක පිනක්. ඔබ ඒ පිනට පයින් ගහලා කිව්වොත් ?
ඒ පරිසරය ගැන පොඩි කාලයේ ඉඳලම මට පැහැදීමක් තිබුණෙ නැහැ.

දෙමාපියන් හරස් වුණේ නැද්ද ?
කිසිදේකට මට බල කළේ නැහැ. අපට යහපත් මාර්ගය කියලා දුන්නාට අපේ ජීවිතවලට සීමා දැම්මෙ නැහැ.

ඒ කියන්නෙ ඉගෙන ගෙන පිළිගත් තනතුරක් අවශ්‍ය නැහැ කියන එකද ?
මේ ලැබුණු දේට මම උපරිමව ගරු කරනවා. ඒ වගේම කැපවෙනවා.

සිරස කුමරියගෙන් පසුව, රංගනයට, ඊ ළඟට දැන්වීම්වලට පෙනී සිටි ඔබ තරු වැඩසටහන්වලට අමතරව වැඩසටහන් නිවේදනයටත් එක් වුණා ඊළඟට මොනවද කරන්නෙ?  මොනවද ඉතුරු වෙලා තියෙන්නේ ?
දැනට එච්චරයි.

ඒ සියල්ල හොඳින් කළා කියලා හිතෙනවද ?
දන්නෙ නැහැ. ලැබුණු දේ උපරිමයෙන් කළා.

මේ සියල්ල කරන්නෙ මුදල් මුල් කරගෙනද ?
මුදල් අවශ්‍යයි. ඒත් මුදල් මුල් කරගෙනම නෙවෙයි. මම කාටවත් මේ දක්වා අත පාලා නැහැ. ලැබෙන දේ සතුටින් බාරගෙන ජීවත්වෙනවා.

ඔබ හරි මුරණ්ඩුයි නේද ?
ටිකක් විතර.

ඇයි එහෙම වෙන්නේ ?
ඒ මගේ හැටි.

ඇත්තටම ඔබ කවුද ?
මම ශලනි.

කොහොම කෙනෙක්ද ?
මගේ පිටතින් එකක්. ඇතුළාන්තයෙන් එකක් කියලා දෙබිඩි ජීවිතයක් නැහැ. මවා ගත්ත ලෝකයක් නැහැ. ඉක්මනට කේන්ති යනවා. ඒ මොහොතේදීම සෑම දෙයක්ම විසඳගන්නවා.

තරුණියක ලෙස සම්මතයට අනුව ජීවිතය ගෙවනවා කියලා හිතෙනවාද ?
අසම්මත දේවල් කරලා නැහැ.

ආදරේ දී වුණත් එහෙමද ?
ඔව්.

පෙම්වතුන් කීප දෙනෙකුට එකවර ආදරය කිරීම ?
මට එහෙම පහත් මානසිකත්වයක් නැහැ. යම්කිසි කෙනෙකුට හිත ගියොත් ගියාම තමයි. එතකොට මම එයාට උපරිමයෙන් ආදරය කරාවි.

ළඟදී විදෙස් සංචාරයකට යනවා නේද ?
ඔව්, කොරියා සහ ලන්ඩන් යනවා.

මොකටද ?
නර්තන සහ සංගීත ප්‍රසංගවලට සහභාගී වෙන්න.

සංගීතයත් පුළුවන්ද ?
තරමක් දුරට.

සිහින පියාපත් ‍"මිහිරංගි" ගැන ඔබට හිතෙන්නේ කොහොමද ?
ලොකු වෙනසක්. හැබැයි ඒ මම නෙවෙයි. මම කළ වෙනස්ම චරිතයක්. මට ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. ඒ නිසා මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතියි කියලා කියන්න කැමතියි.

සටහන / ඡායාරුප - සඳුන් ගමගේ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts