http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, January 5, 2012

හැම දෙයක්ම තාවකාලිකයි





සම්පූර්ණ නම - හෙට්ටිආරච්චිගේ රෙබෙකා නිර්මලි පෙරේරා
උපන් දිනය - නොවැම්බර් 27
ආගම - බුද්ධාගම්
පදිංචිය - මත්තේගොඩ
උස - 5 3”
ලග්නය - මිථුන
පවුලේ සාමාජිකයින් - මමයි මගේ දුවයි


ඡායාරූප - මනෝජ් රත්නායක
සිංහල ටෙලි නාට්‍ය කලාවට නව පිටුවක් පෙරළමින් "වෙද හාමි‍නේ" තුළින් මෙරට ප්‍රේක්‍ෂකයින්ගේ හදවත් තුළ පැලපදියම් වූ ඇය නමින් රෙබේකා නිර්මලි පෙරේරාය.
නව වසර උදාවත් සමඟ "තරුවක වතගොත" විශේෂාංගය තුළින් මෙවර newsfirst.lk ඇය සමඟ සොදුරු පිළිසදරක නිරත විය.
සිරස ටී.වී. නාලිකාවේ විකාශයවන "ආදරේ අහස තරම්" ටෙලි නාටය තුළින් ඇය මේ දිනවල ප්‍රේක්ෂක ඔබට සමීප වී සිටී.
රංගන ක්ෂේත්‍රයේ තුළ අත්දැකීම් රාශියක් ඇති ඇය සමඟ මේ සොදුරු පිළිසදරේ නිරත වුණේ "ආදරේ අහස තරම්" ටෙලි නාටයයේ දර්ශන තලයකදීය.

newsfirst pumi
රෙබෙකා මොන වගේ නිර්මාණ තුළින් ද ඔබ ඉදිරියේදි ප්‍රේක්ෂකයින් හමුවට යන්නේ ?
අනුරුද්ධ ජයසිංහගේ ධවල දූවිලි, ලලිත් පන්නිපිටියගේ සංගිලි සහ හේසිරි සෙනරත් පෙරමුණගේ සංජානා කියන චිත්‍රපටි තුළින් ඉදිරියේදි මාව දැක ගන්න පුළුවන්.



ඔබ රංගන ක්ෂේත්‍රයට කොහොමද පිවිසුණේ ? ඒ වගේම එහි රැඳි සිටින්නේ ඇයි ?
ක්ෂේත්‍රයට මම ආවේ අහම්බෙන්, මගේ යාළුවෝ තමයි මේකට මාව යොමු කෙරුවේ. ඇත්තටම මේක හොද ක්ෂේත්‍රයක් කලාව කියන්නේ බොහොම උත්තරීතර දෙයක් මම කලාවට ගොඩක් ආසයි ඒක නිසා මෙහි රුඳී සිටිනවා.

මෙතෙක් ඔබ දායක වූ හොඳම නිර්මාණය මොකක්ද ?
හොඳම නිර්මාණය විදියට ගත්තොත් මම ගොඩක්ම කැමති මගේ පළවෙනි නිර්මාණය වන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයගේ වෙද හාමිනේ. මොකද ඒකෙන් තමයි ජනතාව මාව හඳුනාගත්තේ. එදා ඉදන් අද දක්වාම ප්‍රේක්ෂකයින්ගේ හිතේ මාව ඇඳිලා තිබ්බේ වෙද හාමිනේ කියන චරිතය තුළින් තමයි. ඒකට මිනිස්සුත් ගොඩක් ආදරෙයි මමත් ගොඩක් ආදරෙයි. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක් තියෙනවා. දුම්බර මැණිකේ, බඹර අසපුව, විමලරත්න අධිකාරිගේ ජීවිතේ සුන්දරයි නාට්‍යවලට මම ගොඩක් කැමතියි. ඒ වගේම මම භාර නොගෙන අතඇරලා දාපු නිර්මාණත් ගොඩක් තියෙනවා.

වෙද හාමිනේගේ චරිතයෙන් පස්සේ ලැබුණු චරිත දිහා බැලිමේදි, ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලය තුළ හා දැන් ලැබෙන චරිතවල මොන වගේ වෙනසක්ද ඔබ දකින්නේ?
එක දෙයක් කියන්න ඕන මම ගොඩක් වාසනාවන්තයි එදා සහ අද මට ලැබුණු චරිත දෙස බැලීමේදි එම චරිත ඇත්තටම එකිනෙකට වෙනස්. ක්ෂේත්‍රයට පිවිසි මුල් කාලයේ මම එකම චරිතයකට කොටු වෙලා හිටියා. නමුත් ඊට පස්සේ මට විවිධ චරිත ලැබුණා. ඒක නිසා මට මේක එපා වෙන්නේ නෑ. මමත් තෘප්තියක් ලබනවා.

රංගන ක්ෂේත්‍රයට පිවිසුනේ නැත්නම් මේ වෙනකොට ඔබ කොහෙද ඉන්නේ?
(දිගු සුසුමක් හෙලමින් ).......මම හිතන්නේ රංගනයට පිවිසුනේ නැතත් මම කලාවට සම්බන්ධ දෙයක් කරාවි. රූපලාවන්‍ය කටයුතු මනාලියන් හැඩගැන්වීම ආදි දේවල්වලට මගේ පොඩි කාලේ ඉදලා උනන්දුවක් තිබුණා. ඒ දෙවල් හදාරලත් තියෙනවා. ඒක නිසා සමහර විට මම රූපලාවන්‍ය ශිල්පිනයක් වෙන්න තිබුණා.


newsfirst pumi

රංගන ජීවිතේ අමතක නොවන සිදුවීම ගැන මතක් කළොත්?
ඇත්තටම එකක් කියලා කියන්න අමාරුයි. මට හැම දවසක්ම අමතක නොවන දවසක්.

විවාහය ගැන මොකද හිතන්නේ?
(සුසුම් හෙළමින් ).......ඒක ගැඹුරු මාතෘකාවක් ඇත්තටම සරලව උත්තර දෙන්න අමාරු මාතෘකාවක්.


ඔබේ රූපයේ වෙනස් කර ගන්න අවස්ථාවක් ලැබුණොත් මොකද කරන්නේ?
මගේ පෙනුමට මම කැමතියි. නමුත් මම කෙට්ටු වෙන්න කැමතියි.

ඔබේ ජීවිතයේ වැරදුණු තැනක් ආපස්සට ගිහිල්ලා නිවරුදි කර ගන්න අවස්ථාව ලැබුණොත් මොදකද කරන්නේ ?
ඇත්තටම අපි මේ වෙනකොට කොච්චර දෙබස් කට පාඩම් කරලා තියෙනවද? ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබුණොත් මම කරන්නේ හෝඩියේ පන්තියට ගිහිල්ලා අධ්‍යපානය කියන දේ එක පොතට අරගෙන පිටපත් කියවනවා වගේ පාඩම් කරලා මතක තියා ගන්න එක. මොකද අද අපිට මේවා මතක තියා ගන්න පුළුවන් නම් ඇයි එදා ඒවා අපිට බැරි වුණේ කියලා හිතෙනවා.

රෙබෙකා ඇලඩින්ගේ පුදුම පහන ඔයාට ලැබිලා ප්‍රාර්ථනා තුනක් කරන්න කිව්වොත් මොනවද කරන්නේ ?
(සිනාසෙමින්).... අනේ මන්දා මට එක හිතා ගන්න බෑ.

newsfirst pumiකවදක හරි දේශපාලනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද ?
නැහැ.

ක්ෂේත්‍රයේ රැඳී සිටිමින් දේශපාලනය කරන අය ගැන මොකද හිතන්නේ ?
දේශපාලනය හොදයි. ඒක එක්කෙනාගේ කැමැත්ත. ඒකට මට මුකුත් කියන්න බැහැ. මං කියන්නේ කවුරු කොහොම දේශපාලය කළත් ඒක මහජනතාවට රටට හොද දෙයක් වෙනවන්ම ඒක මම අගය කරනවා.
 
මෙතෙක් කාලයකට කරපු දඟම වැඩේ මොකක්ද?
(සිනාසෙමින්)-----මං පොඩි කාලේ බයිසිකල් පදිනවා, ගස් නගිනවා ඉතින් අපේ ගෙදර තියෙන්නේ කන්දක් උඩ වගේ තැනක. මට පොඩි කාලේ බයිසිකලේ බ්‍රේක් අල්ලන්න තේරෙන්නේ නැහැ. දවසක් මම බයිසිකලේ කෙලින්ම ගිහිල්ලා කම්බි වැටක් තිබ්බ ගහක වැදුණා. ඒ වෙලාවේ මට හොදටම තුවාල වුණා.

සැබෑ ජීවිතයත් රඟපෑමක් වෙලාද?
(සිනාසෙමින්)...හපෝ.......නෑ................කැමරාව ඉදිරිපිටදි විතරයි. සැබෑ ජිවිතයේදි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැණිය කියන තැනේ ඉදගෙන ජීවත් වෙනවා.

දකින්න කැමතිම සිහිනය මොකක්ද? newsfirst pumi
අනේ මම හීන දකින්න ආස නෑ. මොකද ඒවා සැබෑ වෙන්නේ නැතිවුණාම දුකයිනේ.
කලා ක්ෂේත්‍රයෙ වැඩියෙන්ම කැමති කාටද ?
ඇත්තටම ක්ෂේත්‍රෙයේ මම හුඟක්ම ගරු කරන කෙනෙක් කමයි මාලනි ෆොන්සේකා මහත්මිය.ඇය නිහතමානිකම නිරහන්කාරව ජනප්‍රියත්වය ඔළුවේ තියා ගන්නේ නැතුව පොලොවේ පය ගහල ඉන්න කෙනෙක්. ඒ වගේම අපේ පරණ නළුවොන්ටත් මම ගොඩක් කැමතියි. මොකද අපේ පරණ නළුවෝ බොහෝම එකමුතුයි. හරිම සහයෝගයෙන් වැඩ කරනවා.

මේ දිනවල ඔබ රංගනයෙන් දායකවන ආදරේ අහස තරම්  නාට්‍ය යේ අධ්‍යක්ෂවරයාගෙන් සහ නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය මොන වගේද‍?
මට පුද්ගලයෝ වශයෙන් කව්රුත් විශේෂ නැහැ. අපි හැම කෙනාම කරන්නේ රුකියාවක්. ඉතින් අපි එකිනෙකාට ගරු කරන්න ඕන. හැමෝගෙන්ම හොද සහයෝගයක්  ලැබෙනවා.

newsfirst pumiඅන්තර්ජාලය මගින් ඇතිවන විවිධ කටකතා පිළිබඳ රෙබේකා දරන්නේ මොන වගේ අදහසක්ද?
ඇත්තටම අන්තර්ජාලයේ කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි අය දක්වාම විවිධ වයස් කාණ්ඩවල අය සැරි සරනවා. කලා ශිල්පීන් ගැන අන්තර්ජාලය නැතුවත් කට කථා පැතිරෙනවනේ. මාධ්‍යවලින් පත්තරවලින්. ඉතින් මේ කට කථා කියන එක සාමාන්‍ය දෙයක්. අපි හැම කෙනෙක්ම හරි විදියට ජීවත් වෙනව නම් මං හිතන්නේ කට කථා හදන්න අමාරුයි. එහෙම දෙයක් හැදෙනව නම් ඒ බොරුවට. සත්‍ය කවදා හරි ජය ගන්නවා. එහෙම කට කථා යනවනම් ඒව සත්‍ය නම් හිත කැළඹිලා මානසික ගැටලුවලට මුහුණ දෙනවා.
ඉතින් ඒවා අසත්‍ය නම් බොරුවට කලබල  වෙන්න දෙයක් නැහැ. ඒවා ඉබේම නැතිවෙලා යනවා. ඒ හැම දෙයක්ම ඔලුවට අරගෙන ජීවත් වෙන්න ඕනේ නැහැ මේ ජීවත්වෙන ටික කාලේ. අපි සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන්න ඕන.
රෙබේකා ඔබට කට කථා හැදිලා තියෙනවාද?
(කල්පනා කරමින්) ....අනේ මන්දන්නේ නැහැ. මට නම් එහෙම කට කථා හැදිලා නැහැ.
 
නිළියන් ගණිකා වෘත්තියේ නියැලෙනවා කියලා මේ දිනවල ප්‍රවෘත්ති පල වෙනවා. ඇත්තටම මේ නිළියන්ද?
ඇත්තටම මේ මාතෘකාව ගැන කතා කරන්න ලැබිච්ච එක හොදයි. මේ ක්ෂේත්‍රෙය් ඉන්න කලාකාරිණියක් වශයෙන්. ඇත්තටම එහෙම කරලා පුවත් පත්වල දානවනම් ඇයි ඒගොල්ලන්ගේ ඇත්ත තොරතුරු සහ ඇත්ත නම් හෙලි නොකරන්නේ. එහෙම නොකරන එකෙන් අපි හිතමු ඇත්තටම කලාකාරිණියක් කියලා. එහෙනම් ඒක මුළු කලා සංහිතයටම කරන අසාධාරණයක්. මේ සමාජයම පිරිහෙනවා. එතකොට ප්‍රේක්ෂකයෝ මුළු කලා පරපුර දිහාම බලන්නේ අප්පිරියාවෙන් සහ වපර ඇහෙන් බලන්නේ. එතකොට ඒක ලොකු අසාධාරණයක් වෙනව මේකේ හරි විදියට ඉන්න කලාකාරිණියන්ට.
newsfirst pumi
ඉතින් මං කියන්නේ අපි දන්න විදිහට නියම කලාකාරයෙක් කලාවට ආදරේ ඇති කෙනෙක් මං හිතන්නේ කලාව ඉගෙනගෙන ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. ගොඩක් පරිස්සම් විය යුතුයි කලාකරුවෙකු වුණාම. මොකද ප්‍රේක්ෂකයන් රොක් වී සිටින නිසා මින්ස්සු හැම මොහොතකම අවධානයෙන් ඉන්න නිසා බොහෝ අය හුගක් පරිස්සම් වෙනව. අපේ පුද්ගලිකත්වය පවා අපි කැප කරලා පරිස්සම් වෙනවා කලාකරුවන් කියන අය. සමහර වෙලාවට ගෙදරක ජීවිතේ අත්‍යාවශ්‍ය දේවල් වලදි වුවත් අපි විසඳගන්නේ නැහැ. මොකද කලාවට ආදරේයි ආරක්ෂා වෙන්න ඕන රැකෙන්න ඕන නිසා. ඉතින් එහෙම කරන කොට්ඨාශයක් කලාවට ඇවිල්ලා නිලියන් කියන නාමය ලබාගෙන එයින් ඒගොල්ලන් ජනප්‍රිය වෙලා වාසි ලබා ගන්න හදනවා කියලා තමයි අපි හිතන්නේ. ඇත්තටම ඒ ගොල්ලන් ජනප්‍රිය නිලියන් නොවේ. අපිත් හොයල බලනවා ඕව ආරංචි වුණාම කවුද මේ කියලා. අදටත් දැන ගන්න ලැබිලා නැහැ ඇත්තටම මේ ගොල්ලන්ට නිලිය කියන අකුරු ටික දෙන එකත් නිලියට කරන අගෞරවයක්. ඇත්තටම ඔය කියන නිලියන්ගේ නම් අපි ඇත්තටම දන්නේ නැහැ. මාධ්‍යට කියනවා මම දෙයියන්ගේ නාමයෙන් එහෙම දෙයක් කරනවානම් කවුරු හරි ඒ කෙනාගේ පෞද්ගලික විස්තර සහ නම කියන්න කියල හැමෝම දැන ගන්න. නම කිව්වම අපි හොයනවා කවුද කියල. මොකද නැත්නම් අපේ බොහෝ රංගන ශිල්පිනියන් ඉන්නවා ඇත්තටම පුදන්න ඕන අය ඉන්නවා. ඉතින් ඒ මිනිස්සුන්ටත් මේ සමාජය කෙළ ගහනවා.
නවක නිළියන්ට ගණිකා වෘත්තියට එළඹෙන්නේ ඔවුන්ට සිදුවන බලපෑම් නිසා කියල කිව්වොත් ?
මේ සමාජයේ කලා ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ඕන තැනක ඕනම ආයතනයක බලපෑම් වෙනවා. මනුෂයොනේ ජීවත් න්නේ. ඉතින් ඔය බලපෑම් පිරිමි පක්ෂයෙන් ගෑහුණු පක්ෂයට, ගැහැණු පක්ෂයෙන් පිරිමි පක්ෂයට ඕක ස්වභාවධර්මය ලෝකේ හැම තැනම තියෙන දෙයක්. එතකොට තමන් දැන ගන්න ඕන ඒවායෙන් මිදෙන්නේ කොහොමද කියල. මම ඕකට අකමැතිනම් මට බලහත්කාරකමක් කරන්න බැහැ. බලහත්කාරකමක් කළොත් ඒකට නීතියක් තියෙනවා. නීතියෙන් දණ්ඩනයක් ලැබෙනවා. ඒක නිසා බලහත්කාරකමෙන් මිදෙන්න තමන් දැනගන්න ඕන. ඇත්තටම තමන් ඔළුව පාවිච්ච කරන්න ඕන. ඇත්තටම ඔළුවක් දීලා තියෙන්නේ පාවිච්චි කරන්නනේ. අධ්‍යාපනයක් තිබුණත් නැතත් සාමාන්‍යයෙන් සමාජයක ජීවත් වෙන්න දැනුමක් තියෙන්න ඕනේ. මම හිතන්නේ අලුත් ළමයි පොඩි පොඩි දේවල්වලට ආස වෙලා මුදල්වලට ආසවෙලා මේකේ විඳින්න වෙන දේවල් දන්නේ නැතුව. මේ හැම දෙයක්ම තාවකාලිකයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts