http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, October 2, 2012

දොස්තර අයෝමිගෙන් පත්තර බෙහෙත් !

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 
 මේ දවස්වල විකාශයවන සිහිනපුරය හා අලුත් ගෙදර හරහා රූපවාහිනියෙන් දකින්න ලැබෙන නාගොඩ ගමගේ අයෝමි ශානිකා නැත්නම් ‘සුදු නංගි’ සීමාවාසික වෛද්‍යවරියක් ලෙස බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ සේවයේ යෙදී සිටී.

ඇය සිය ජනපි‍්‍රයත්වය හා වෘත්තීමය සුදුසුකම පදනම්කරගනිමින් පත්තර බෙහහෙත් සැපයීමට නැත්නම් සගරාවක් හරහා ආයුරේද බෙහෙත් පිළිබඳව දැනුවත් කිරීමට සූදානම්වන බව ‘මිරර්’ හට වාර්තා වේ.

මේවන විට අයෝමි මේ සගරාව ‘ආයු’ ලෙස නම් කිරීමට ද සැලසුම් කර තිබේ.

ඇය සිය හිතවතෙක් සමග මේ සගරාව මුද‍්‍රණය කිරීමට සැරසෙන අතර මේ සඳහා ආයුරේද ප‍්‍රවීනයන්ගේ ලිපි එක් කිරීමටද ඇය අදහස් කර ඇත.

කෙසේවුවද අදාළ සගරාව තුන් මසකට වරක් මුද‍්‍රණය කිරීමටද ඇය සැලැසුම්කර තිබේ.

මෙහි මංගල කලාපය ලබන දෙසැම්බරයේ කළඑළි බසින බවද ‘මිරර්’ වෙත වාර්තා වේ.

ආයුර්වේද වෛද්‍යවරියක් වන සුදු නංගි කාලාව පැත්තෙන්ද ඇත්වී නැති අතර ඈ ඉදිරියේදී විකාශය වීමට නියමිත තරුවකට පෙම්කළෙමි, කෝරළේ මහත්තයා, චායා, දෙරණ ගමන, මං අවුලංඥං හා බහිරවකන්ද යන ටෙලිවල චරිත මවන බවද පැවසේ.

පවුලේ ආදරය විදින අයෝමිට විශේෂ ආදරයක් නම් දැන් නැති බවද මේ අතර වාර්තා වේ.

ආයුර්වේදයේ කියන්නේ ආහාර, විහරණ හා මානසික සෞඛ්‍ය සමබරව තබා ගැනීම බව පවසන අයෝමි මෙරට සිදුවන්නේ ආයුර්වේදය රූපලාවන්‍යට යොදාගනිමින් බොරුකරන එක බවද පවසන්නීය.

http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

පින්තුර සියල්ල මෙතනින් භාගත කරන්න


 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts