http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, April 18, 2013

OSHADI -SARSAVI COVER

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

එකිනෙකට වෙනස් චරිත තුළින් ඔබේ හදවත දිනා ගත් ඇය රංගනයට අමතරව නිවේදනයට ද එක ලෙස දස්කම් දක්වන්නීය. ඕෂධී හේවාමද්දුම මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය වසරේ තිරගත වූ මහින්දාගමනය චිත්‍රපටයේ අනුලා බිසවගේ චරිතයට පණ පොවමින් සිය රංගන ජීවිතයේ සුවිශේෂි කඩ ඉමක් පසු කළාය. මේ දිනවල අති සාර්ථක අන්දමින් තිරගත වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සුජාතා සිටු දියණියගේ චරිතයට පණ පොවන්නේ ද ඇයයි.

මිචෙල් ෆොන්සේකාගේ ‘සැඩ සුළං’ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනනයට පිවිසි ඇය දේදුනු පාලම, පූජා, මිරි¼ගුª නදිය, වසන්ත කුසලාන, කුවෙර වර, තිමිර, කාව්‍යා, මයුර අසපුව, සුභා, ඇබෑර්තු ඇත වැනි ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් තුළ නොමැකෙන මතක සටහන් තබමින් 2007 වසරේ පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය ලෙස ද සම්මානයට පාත්‍ර වූවාය. 2010 වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේ දී ‘සිනිඳු පියාපත්’ ටෙලි සිත්තමේ රංගනය වෙනුවෙන් ද කුසලතා සම්මානයක් දිනා ගැනීමට ඕෂධී සමත් වූවාය.

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ළමා නිවේදිකාවක ලෙස නිවේදන ක්ෂේත්‍රයට පිවිසෙමින් ඕෂධී රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරමින් නිවේදන කටයුතු සඳහා ද සිය දායකත්වය ලබා දෙන්නීය. චාමික හත්ලහවත්තගේ ‘හරි අපූරු දවසක්’ වේදිකා නාට්‍යයෙන් වේදිකාවට පය තැබූ ඇය ‘ඩාන්ස් ස්ටාර් ඩාන්ස්’ වැඩසටහනට සහභාගි වෙමින් සිය නර්තන හැකියාවන් ද ගෙන හැර දැක්වූවාය. මේ දිනවල තම ආදරණීය පුතුගේ සුරතල් සමඟින් කාර්යබහුල ඕෂධී රංගන ජීවිතයෙන් මඳක් දුරස් වුව ද ඉදිරියේදී අලුත් නිර්මාණ සමඟින් ඔබ හමුවට පැමිණීමට සූදානම්. ඕෂධී සිය සිඟිති පුතු සමඟින් වූ සොඳුරු සේයා රුවකින් අද සරසවිය මුල් පිටුව සැරසේ.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts