http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, April 25, 2013

නිළි රැජන මාලිනී ෆොන්සේකා. . . ඔබට සුබ උපන් දිනයක් වේවා!

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා නම් වූ ඇය සිංහල සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පිනියක ලෙසට චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ලෙස ද රිදී තිරයේ හා පුංචි තිරයේ සිය ප්‍රතිභාව පෙන්නුම් කළ නිසාම හෙළ සිනමා රැජන ලෙස ජනතා ගෞරවයට පත්ව සිටින්නීය. හොඳම නිළිය, හොඳම සහාය නිළිය, දක්ෂතම නිළිය, ජනප්‍රියම නිළිය ලෙස ද සම්මාන විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන නිළි රැජන මාලිනිය මේ වසරේදී සිය කලා දිවියේ අභිමානවත් 50 වැනි වසර සමරන්නීය.
1968 වසරේදී තිස්ස ලියනසූරියගේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මාලිනී ෆොන්සේකා මේ දක්වා චිත්‍රපට 150 ට අධික සංඛ්‍යාවකට සිය රංගන දායකත්වය ලබා දී තිිබේ. ‘නිධානය’, ‘පෙම්බර මධු’, ‘දෙවියනි ඔබ කොහිද’, ‘බඹරු ඇවිත්’, ‘වසන්තයේ දවසක්’, ‘හිඟන කොල්ලා’, ‘එයා දැන් ලොකුª ළමයෙක්’, ‘බැද්දේගම’, ‘ආරාධනා’, ‘සොල්දාදු උන්නැහේ’, ‘යස ඉසුරු’, ‘අන්තිම රැය’ වැනි සිනමා නිර්මාණ තුළින් විචාරක සහ ප්‍රේක්ෂක අගැයීම නොමඳව දිනා ගත්තාය. ‘සසර චේතනා’ තුළින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසි ඇය ‘අහිංසා’, ‘ස්ත්‍රී’, ‘සඳ මඬල’ නිර්මාණයන් ද සිනමාවට දායාද කළාය.
රංගන ශිල්පිනියකට ලැබිය හැකි උපරිම අගැයුමට ලක්ව දේශීය හා ජාත්‍යන්තර ගෞරවාදරයට පාත්‍ර වෙමින් 1975 වසරේදී ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සම්මාන උළෙලේදී සම්මානනීය වූ ඇය, එකම චරිතයක් සඳහා අන්තර් ජාතික මට්ටමේ සම්මාන ද්විත්වයක් ලබමින් ‘ආකාස කුසුම්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2008 වසරේ 39 වැනි ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේදී රජත මයුර සම්මානයෙන් සහ 2009 වසරේ ඉතාලිියේ පැවැති 7 වැනි ලෙවාන්තේ ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ලොව විශිෂ්ටතම නිළියට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. එසේම තෙවැනි ආසියා පැසිපික් සිනමා උළෙලේ දී ලොව හොඳම නිළියන්ගේ නිර්දේශිත නම් 5 අතරට පැමිණි මාලිනී ෆොන්සේකා ආසියාවේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම රංගන ශිල්පීන් 25 දෙනා අතරට ද තේරී පත් වෙමින් ලාංකේය අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගියාය.
දශක පහක් පුරාවට රසික හදවත් සනසාළූ හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය නිළි මාලිනී ෆොන්සේකා 2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වෙමින් ජනතා සේවයට කැප වී සිටින්නීය. අද සරසවිය කවරය සැරසෙන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ අලංකාර සේයාරුවකිනි.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts