http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, March 7, 2013

බෙන්තර රූපසුන්දරිය ගීතා සමන්මලී කුමාරසිංහ

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif

සිංහල සිනමාවේ රූමත්කමත් වාසනාවන්ත හැකියාවත් එකවර ලද නිළිය කවුරුන්දැයි කවුරු හෝ ඇසුවහොත් ඒ කවුරුදැයි කියන්නට අවැසි නැත. ඇය ගීතා සමන්මලී කුමාරසිංහයි. බෙන්තර රූපසුන්දරිය ලෙස දොරට වැඩි ගීතා එකවර චිත්‍රපට තුනකට ගිවිසුම් අත්සන් කිරීමට තරම් වාසනාවන්ත වූවාය.
ලස්සන කෙල්ල චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන ඇය වාසනා හා චණ්ඩි පුතා චිත්‍රපටවල රඟපෑවේ එකල සිනමාවේ සුපිරිතම නළුවන් වූ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග හා තිස්ස විජේසුරේන්ද්‍ර සමඟිනි. මරුවා සමඟ වාසේ, අංජානා, කොටි වලිගය, සිරිබෝ අයියා, යුක්තියද ශක්තියද, ජය සිකුරුයි, පෙම්බර මධූ, මහගෙදර, කරුමක්කාරයෝ වැනි අතිශය ජනපි‍්‍රය එමෙන්ම සම්භාවනීය සහ ප්‍රධාන ප්‍රවාහයේ චිත්‍රපටවල ද එකලෙස සම්මානයට පාත්‍ර වෙමින් කීර්තියට පත් වූවාය. ‘රත්තතිනම් රත්තමේ’ ඇයගේ කුසලතාව දකුණු ඉන්දියාවට ද ගෙන ගිය චිත්‍රපටයකි.
පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගයේ අනන්තය වැනි චිත්‍රපට නිෂ්පාදනයෙන් ද චිත්‍රපට ක්ෂේත්‍රය සඳහා දායක වෙමින් ගීතා සරසවිය සම්මාන උළෙලේ අසමසම වාර්තාවක් තැබුවේ ජනපි‍්‍රය නිළිය හා හොඳම නිළිය යන සම්මාන දෙකද ඇතුළුව හොඳම නිෂ්පාදිකාව හා ජනපි‍්‍රය ම නිෂ්පාදිකාව යන සම්මාන හතරම එකවරම දිනා ගනිමිනි. ගීතා අද වඩාත් පුළුල් වූ සමාජ මෙහෙවරක යෙදෙන්නේ ඇය උපන් දකුණු පළාතේ ඇය සතු ශක්තියෙන් විශාල මෙහෙයක් කරමිනි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts