http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Thursday, May 9, 2013

SARASAVI COVER -2013-05-09

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif


කාංචනා මෙන්ඩිස්. ළාබාල වියේදීම ධර්මසේන පතිරාජගේ ‘සුබ අනාගතයක්’ ටෙලි නාට්‍යයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස පුංචි තිරයේදී මෙන්ම රිදී තිරයේත් විවිධ චරිත මැවූ දක්ෂ රංගන ශිල්පිනියක්.
‘ඉසුරු යෝගය’, ‘මුව දඩයම’, ‘සති පූජා’, ‘අකරදාරුව’, ‘සව්සිරි උයන’, ‘බිඳෙන බැඳුම’, ‘දහස්ගව් දුර’, ‘සඳ මද්දහන’, ‘දූ කුමරියෝ’, ‘මඟුල් සක්වල’, ‘දෙවැනි කැමැත්ත’, ‘භාර්යාවෝ’, ‘ස්වයංජාත’ වැනි ටෙලි නාට්‍යවලින් ප්‍රේක්ෂක සිත් තුළ නොමැකෙන මතක සටහන් තැබූ ඇය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැඟි සම්මානනීය වීමට තරම් වාසනාවන්ත වූවාය. පුංචි තිරය සේම ‘රාජ්‍ය සේවය පිණිසයි’ චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි කාංචනා ‘සුදු සෙවණැලි’, ‘සක්මන් මළුව’, ‘රෝස වසන්තේ’, ‘පුර සක්මන’ ‘හාට් එෆ්. එම්.’ ආදී සිනමා නිර්මාණ රැසකින් සිය කුසලතා පූර්ණ රංගන ප්‍රතිභාව පෙන්නුම් කළාය.
කාංචනා මෙන්ඩිස් සම්මානනීය රංගන ශිල්පිනියක වෙමින් රාජ්‍ය සේවය පිණිසයි චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මාන උළෙලේ හොඳම සහාය නිළිය, රෝස වසන්තේ චිත්‍රපටය වෙනුවෙන් සරසවිය සම්මාන උළෙලේ කුසලතා සම්මානය, සුමති ටෙලි සම්මාන උළෙලේ ‘සහස් ගව්දුර’ ටෙලි නාට්‍ය හා ජනප්‍රිය නිළිය සහ ‘සති පූජා’ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. අද සරසවිය මුල් පිටුව සැරසෙන්නේ කාංචනා මෙන්ඩිස් සහ ඇයගේ පුතු සෙනිත රයන් රණවකගේ අලංකාර සේයාරුවකිනි.


0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts