http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, January 30, 2013

බුද්ධ චරිතයට නිගරු කළ සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය

සමන් වීරමන් නමැති පුද්ගලයෙකු විසින් අධ්‍යක්ෂණය කාරනා ලද ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නමැති චිත්‍රපටියක් මේ දිනවල සිනමාහල් වල ප්‍රදර්ශනය වේ.

මෙහි කතාවේ මුල් කොටස දිවෙන්නේ සිදුහත් කුමරු ගිහිගෙහ හැරගොස් බුද්ධත්වය ලබා ගැනීම තෙක් කොටසය.

ඉන් පසු නැවත කතාවේ මුල් හරියට ගොස් සිදුහත් උපතේ සිට ගිහිගෙය හැරයාම තෙක් කතාව දිවෙයි.


මෙම චිත්‍රපටිය කොතරම් හොඳදැයි කිවහොත් එය බැලීමට වියදම් කල මුදලින් කපුටන්ට ආප්ප අරං දුන්නානම් ඊට වඩා හොඳයි කියා සිතෙන අන්දමේ අග්‍රගන්‍ය නිර්මාණයකි. දුර්වල තිර රචනය, දෙබස්, ආලෝකකරණය කාරනා නිසා ලොව බිහිකළ ශ්‍රේෂ්ඨම පුද්ගලයා වූ බුදුරජානන් වහන්සේ ගේ චරිතයට සිදුකල ඇති හානිය අතිමහත්ය.

ඉතා අඩුවියදමින් නොසැලකිල්ලෙන් සදා ඇති මෙම චිත්‍රපටයේ අරමුණ උපරිම ලාභ සෙවීම මිස අන් කිසිවක් නොවේ. චිත්‍රපටිය බැලීමේදී පැහැදිලිව පෙනෙනා අන්දමට මෙහි අධ්‍යක්ෂකවරයාට බුද්ධ චරිතය පිලිබදව කිසිදු හැගීමක් නැත. තමන් කලයුත්තේ මොකක්ද කියා අධ්‍යක්‍ෂවරයා දන්නේ නැත.

මෙහි ඇති සාමාන්‍ය සෙසු චරිත දෙස බැලීමේදී පෙනෙන්නේ ඔහේ කැමරාව ඉදිරියේ පෙනී සිටිනවාට අමතරව වෙන කිසිවක් කරන්නේ නැති බවය. චන්න ඇමති ලෙස රඟපාන සාරංග දිසාසේකරට සිය සුපුරුදු මෙගා ටෙලිනාට්‍ය භූමිකාවෙන් මිදීමට මෙහිදීද හැකිව නැත. ඔතෑනි අන්දමට තිරයේ පෙනි සිටි.

රන්ජන් රාමනායක සියසුපුරුදු හැට්ටයක් වැනි කමිසය හා තඩි බෙල්ට් එක මෙහිදීත් පැළද ඇත්දැයි කියා සාධාරණ චකිතයක් ලියුම්කරුට චිත්‍රපටිය නැරඹීමට පෙර තිබුණි. එය එසේ නොවීම සතුටට කරුණකි. රන්ජන්ගේ රඟපෑම් ගැන කතා නොකර සිටීම වඩා යහපත්ය.

දේවදත්ත ගේ රංගනය බලාගෙන සිටීමට අපුලක් වන අන්දමේ අධිරංගනයකි. යසෝධරා දේවිය ලෙස රඟපාන අන්චල් සිං යම්කසි අන්දමේ සාර්ථකත්වයක් සිය චරිතයට කිරීමට උත්සහ කරන මුත් දුර්වල අධ්‍යක්ෂණය හමුවේ ඇයට කල හැකි දේ සීමිතය.

උදාහරණයක් ලෙස සිදුහත් උපත සිදුවන දර්ශනය චිත්‍රපටියේ නොතිබුනා නම් තවත් හොදය.

සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතය දමා ඇත්තේ ඔතෑනි සොමාරියෙකු ලෙසය. බුදුරජාණන්වහන්සේ යනු ලොව බිහිවූ අග්‍රගන්‍යම සමාජ ක්‍රියාධරයෙකි. එවැන්නෙක්ගේ තරුණ කාලය සොමාරියෙකු වන්නේ කෙසේද ? මේ පිලිබදව මෙහි අධ්‍යක්ෂකවරයා යයි කියා ගන්නා තැනැත්තා බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුය.

මෙහි චරිත තෝරා ගැනීමේදී එක් චරිතයක් නම් නිවැරදිව තෝරා ගෙන ඇත. ඒ උදයන්ති මාර දුතිකාවක් ලෙස රංගනයේ යෙදීම නං ටක්කෙටම ගත් තීන්දුවකි. 



සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ජායාරූප එකතුවක් පහතින්.

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhzMxiMiPWxad1pXH6lA841eVw_eBnKUC70l1R3gQFdRWpiucmRBET23n9-JLlPfu7ZZfGU5vjbUCYnZLASEDYbl8-0JEhdhlG5jCodnksYhcUSj7C0v671Eoi3Ql8a32GPMiXi4KcYe_RV/s1600/Preview.jpg 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZSLaIGq29bGe9_CMDWBGTw3IefPIJT5-QtK-Y7JiAagBFaNrsQM2f5CstK7PyXmqV3lU-phOS5MzQgCNGO3tMKCa5X1Mg_vkCaSxtgcQ31Shx8z2UHelbjGFv5HDz1psuTaJFlz4Hjnvd/s1600/fblink.gif 


http://freepicdownload.webs.com/newpm2012/24ozp0o.png 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts