http://3.bp.blogspot.com/-rbtCgaCqjGI/UHmX_g1PO6I/AAAAAAAAELA/f5HZ2ES2XfQ/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, November 15, 2011

තරුෂි පෙරේරා...

මම කඩා බිඳගෙන යන කෙනෙක් නෙමේ. . .
වෙළඳ දැන්වීම් සඳහා දායකත්වය සපයමින් සිය කලා දිවිය ඇරඹි ඇය ප්‍රේක්ෂක ඔබ වඩාත් හොඳින් හඳුනාගත්තේ පුංචි තිරයේ රංගන ශිල්පිණියක ලෙසය. මේ වනවිට ටෙලි නිර්මාණ 30 ට වැඩි ප්‍රමාණයක් සඳහා දායකත්වය ලබා දී ඇය "රන් සමනළයෝ", "ඕලු" සහ "පිනිබිඳු" වැනි ටෙලි නාට්‍ය ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි.

ඇය තරුෂි පෙරේරා...

 

ඡායා -ඡානක කඳනාරච්චි

*සම්පූර්ණ නම

තරුෂි සුරම්‍යා පෙරේරා

*උපන්දිනය

මැයි 31

*ලග්නය

තුලා

*උස

අඩි 5 අඟල් 3

*පදිංචිය

නුගේගොඩ

*
තරුෂි, මුලින්ම අපි කතාකරමු මේ දවස්වල ඔබේ වැඩ කටයුතු ගැන?

අලුත්ම ටෙලි නාට්‍ය 02 ට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ නාට්‍ය 02 ම මම බාරගන්න සුදුසුයි කියන තත්ත්වයේ තියෙනවා. මම හිතනවා වෙනසක් කරන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ඇඳුම් නිර්මාණය පැත්තටත් මම මේ දවස්වල යොමුවෙලා ඉන්නවා.

*
මේ දක්වා ඔබේ කලා කටයුතු ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

සෑහීමට පත්වෙන්න ලොකු කැපකිරීමකුත් අවශ්‍යයි. මම එහෙම ලොකු කැපකිරීම් කරලා නෑ. කලා ක්ෂේත්‍රයේ මට ලැබෙන සීමාව තුළදී මම නිර්මාණයක් වෙනුවෙන් කරල තියෙන කැපකිරීම මට ලැබෙන ඉඩත් එක්ක මම කරලා තියෙනවා. ඒ තත්ත්වයත් එක්ක මට සෑහීමට පත්වෙන්න පුළුවන්. සමහර නිර්මාණ තියෙනවා මේ වනවිට ප්‍රේක්ෂකයින්ට ඒ ගැන හොඳ මතකයක් තියෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. නමුත් මම හිතනවා චරිතයක් තුළ මීට වඩා යමක් කරන්න පුළුවන් නම්, පුළුවන් ඉඩක් මට ලැබෙනවා නම් මම හිතනවා ප්‍රේක්ෂකයින් තුළ හොඳ මතකයක් තියන්න පුළුවන් කියලා.  

 

‍*ශ්‍රී ලංකාවේ කලා ශිල්පීන්ට හිමිවන්නේ අඩු සමාජ වටිනාකමක් කියලා ක්ෂේත්‍රය තුළ මතයක් නිර්මාණය වී ති‍බෙනවා. ඔබ ඒ මතයට එකඟද?
දෙපැත්තක් තියෙනවා. එක් පැත්තකින් ඇත්ත. එක පැත්තකින් අපේ වගකීමකුත් තියෙනවා. ඒ වගේම නිර්මාණ පැත්තෙන් ගත්තොත් හොඳ නිර්මාණ බිහිවිය යුතුයි. නිර්මාණ සඳහා ඊට සුදුසුම අය තෝරාගත යුතුයි. ඒ සුදුසුම අය තෝරගත්තම ඔවුන්ගෙන් උපරිමය ගත යුතුයි. මේකට එක්අයෙක් බලපාන්නේ නෑ. නිර්මාණයක් කියන්නේ සාමූහික කලාවක්. හැමෝටම ඒ පිළිබඳ හැඟීමක් තියෙනවා නම් මම හිතන්නේ නිර්මාණයක් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් 100% සතුටුවිය හැකි මට්ටමක වටිනාකමක් නෑ.

*නිර්මාණයක් සඳහා ඔබ අයකරන නිශ්චිත වටිනාකමක් තියෙනවද?

මම මුලින්ම මුදලට වඩා චරිතය ගැන සැලකිලිමත් වෙනවා. මම පොඩි වෙලාවක් අරගෙන කල්පනා කරලා තමයි ඒ ගැන තීරණය කරන්නේ. මම මිලට වඩා චරිතයට මුල්තැන දෙනවා. එතනදි මම මෙතෙක් ආව ගමනත් එක්ක මම මට දෙන වටිනාකමක් තියෙනවා. මම ඉන්න තැනට ඒ වටිනාකම දෙන්න ඕන.  
*කලා ක්ෂේත්‍රයේ විවිධ නිර්මාණවලදී අදාළ නිර්මාණවලට දායක වන ශිල්පීන් අතර විවිධ මත ගැටුම් ඇතිවන අවස්ථා ගැන අහන්න දකින්න ලැබෙනවා. ඔබ එවැනි අත්දැකීම්වලට මුහුණදුන් අවස්ථා නැද්ද?
මත ගැටුම් දෙවිදිහකට ගන්න පුළුවන්. කලා නිර්මාණය ඇතුළත ඇතිවන මත ගැටුම් සහ නිර්මාණයට පටහැනිව පෞද්ගලිකව ඇතිවන මත ගැටුම්. මම මගේ නිර්මාණයක් තුළට එවැනි මත ගැටුම් අදාළ කරගන්නේ නෑ. නිර්මාණයක් සඳහා උපරිම දායකත්වය ලබාදේදි මම ඒ සඳහා හැමකෙනෙක්ගෙන්ම සහය බලාපොරොත්තු වෙනවා. එතනදි වගකිවයුතු පුද්ගලයින්ගෙන් කිසියම් අඩුපාඩුවක් වෙනවා නම් ඒ සම්බන්ධව කතාකරනවා ඇරෙන්න මත ගැටුම් එක්ක යන්නේ නෑ. මොකද ඕනම කෙනෙක්ගේ දුර්වලකම්, අඩුපාඩු ඇතිවෙන්න පුළුවන්.

 

*කලා ක්ෂේත්‍රයේ ඕනෑම අංශයකින් ජනප්‍රියත්වයක් ලබාගැනීමට නම් කලා ශිල්පිණියන් බොහෝ කැපකිරීම් සිදුකළ යුතුයි කියන අදහසට ඔබ එකඟද?
කැපකිරීම් විවිධයි. කිහිපයක් ගත්තොත් අනිවාර්යයෙන්ම නිර්මාණය සඳහා, චරිතය සඳහා කැපකිරීමක් අවශ්‍ය වෙනවා. ඕනෑම වෘත්තියක් සඳහා කැපකිරීමක් අවශ්‍යයි. රංගන ශිල්පිණියන්ට එල්ල වන චෝදනා ගැන කතාකළොත් ඊට වගකිවයුත්තේ එම ශිල්පිණියන් පමණක් නොවේ. එම කැපකිරීමට භාජනය කරගන්න පුද්ගලයොත් ඉන්නවා. සුදුසු නුසුදුසු හැමෝම ක්ෂේත්‍රයට ඇවිත් තියෙනවා. වර්තමානයේ මම ක්ෂේත්‍රයට පා තබනවා නම් ගොඩක්දුරට දෙපාරක් හිතන්නේ නෑ නෑවිත් ඉඳීවි. ඕක තමා ඇත්ත තත්ත්වය. නමුත් මම ක්ෂේත්‍රයට එන මුල් කාලයේ, දැනට අවුරුදු 10 ට විතර කලින් මගේ දෛවයේ ලියැවිලා තිබුණු දේත් එක්ක මට හොඳ නිර්මාණ, හොඳ වෙළඳ දැන්වීම් එක්ක මට කඩාබිඳගෙන යන්න නැති හොඳ අවස්ථා ලැබුණා. ගෙදරින් කිව්වේ මේ ගමන යන්න එපා කියලා. මං ආව පුංචි ගමනක් තුළ මම එන්න තැන ගැන මගේ මව්පියන් දැනුවත් වුණා. මම හිතනවා දැන් තියෙන තත්ත්වය නම් ඒ තරම් සුදුසු මදි. කොහේ වුණත් කසල ගොඩවල්වල තියෙන කසල ඉවත්කර ඒ දේවල් එළිකරලා ගන්න ඕන. බුද්ධිමත් මිනිසුන් වුණාම මිනිස්සුත් හිතන්න ඕන කසල ගොඩක හැමදේම තියෙනවා කියලා. මම කියන්නෑ නිළිය විතරක් කියලා. හැම පැත්තක්ම ඒ සඳහා වගකිවයුතුයි. මාධ්‍යයේ සිටම ඒ සඳහා වගකිවයුතුයි.

*ජනප්‍රියකලා ශිල්පිණියකට හැදෙන කටකතා ඇයගේ පෞද්ගලික ජීවිතයටත් බලපානවා කියලා ඔබ හිතනවාද?

අනිවාර්යයෙන්ම බලපානවා. මම වරදක් කළා, නොකළා කියන දෙය පිළිගන්න ආත්ම ශක්තියක් මට තියෙනවා. වරදක් වුණත් ඒ සඳහා සාධාරණ හේතුවක් තිබිය යුතුයි. කළු චරිතක් වුණත් එම තත්ත්වය ඇතිවෙන්න බලපෑ පසුබිමක් තියෙනවා. වැරදි පාරක් ළඟින් ගියත් කුණු ගෑවෙන අවස්ථා තියෙනවා. අපිට හරි සීමාසහිතව තමයි කටයුතු කරන්න වෙන්නේ.  

*ඔබේ පවුලේ සාමාජිකයින් කලාවට සම්බන්ධද?

මගේ ලොකු තාත්තා වේදිකා හා ටෙලි නාට්‍යවලට කලා අධ්‍යක්ෂවරයෙකු ලෙස සම්බන්ධ වුණා. මම ක්ෂේත්‍රයට එද්දි මුලින්ම පාඨමාලාවක් හැදෑරුවා. මම උසස් පෙළ කළෙත් කලා අංශයෙන්. ඒ හැකියාව අදටත් මගේ ළඟ තියෙනවා. ගායනය, නර්තනය, චිත්‍ර මේ හැම හැකියාවක්ම මට සහජයෙන් ලැබිලා තියෙනවා. ඒකත් එක්ක මම හිතන්නේ මගේ වාසනාවට ලැබුණු තැනක්. මම කිසිදෙයකට කඩාගෙන බිඳගෙන යන කෙනෙක් නෙමෙයි. යනා පාරේ තියෙන හොඳ, නරක දෙක වෙන්කරගෙන යන කෙනෙක්.

*තරුෂි, කොහොමද ඔබේ පවුලේ විස්තර?

මගේ පවුලේ අම්මයි, තාත්තායි, නංගිලා දෙන්නයි, මල්ලියි. තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධයි. මගේ එක නංගි කෙනෙක් විවාහකයි. මගේ නංගි යුනියන් ඇපරල් ආයතනයේ මානව සම්පත් කළමනාකාරිණියක ලෙස සේවය කරනවා. මගේ මල්ලි බැංකු ක්ෂේත්‍රයේ සේවය කරන්නේ. අපේ පවුලෙන් කලාවට සම්බන්ධ මම විතරයි.

*ඔබේ ගතවූ ජීවිතයේ ඔබ වඩාත්ම ආදරය කරන ඒ වගේම වඩාත්ම හොඳින් මතකයේ රැඳිලා තියෙන කාලය ගැන කතාකළොත්?

සොඳුරුම අත්දැකීම් ගොඩක්ම තිබුණේ පුංචිම පුංචි කාලේ. අද අපිට වගකීම් වැඩියි. ගොඩක් තැන්වලදි දහසැරයක් හිතලා බලලා තමයි අපි ඉස්සරහට අඩිය තියන්නේ.  පුංචි කාලේ ඔය කිසිදෙයක් නෑ. අපිට හිතුණු දේ කළා. ලස්සනම පරිසරයක් තිබුණා. වගකීම් නෑ. අද වෙද්දි එහෙම බෑ.

*ඇත්තද ක්ෂේත්‍රයේ වැඩ කරද්දි සමහර වෙලාවට ටිකක් තරහයනවා කියන්නේ?

මෑතකදී මගේ යාළුවෙක් මට කියලා තියෙනවා මට ටිකක් තරහයනවා වැඩියි කියලා. අනවශ්‍ය විහිළු, අනවශ්‍ය කතාබහ වැනි දේවල්වලට මම එතරම් කැමති නෑ. ඒ ඇරෙන්න මම කරන කාර්යයට මුල්තැන දෙනවා.

*ඔබේ පෞද්ගලික ජීවිතයේ හෝ වෘත්තීය ජීවිතයේ දී ඔබ වඩාත් සංවේදී වුණු අවස්ථාවක් ගැන මතක්කළොත්?

මම ක්ෂේත්‍රයට ආව මුල්කාලේ ඉඳන්ම බොහෝදෙනෙක් එක්ක ගොඩක් අඩුවෙන් කතාකළ කෙනෙක්. දැන් මම වැඩියෙන් කතාකරනවා. මුල්කාලේදී මම අඬපු අවස්ථා තිබුණා. ක්ෂේත්‍රයේ ඇතැම් ජනප්‍රිය නිළියන්ගෙන් අපි කියනවා කැපිලි කියලා, ඒ දේවල්වලට මුහුණුදුන් අවස්ථාවලදී මම අඬපු අවස්ථා තිබුණා. නමුත් පසුව මම තනියෙන්ම හිතලා තීරණය කළා මම කවදාවත් අඬන්නේ නෑ මම තනියෙන්ම මේ ගමන යනවා කියලා.
 
*දැනගන්න පුළුවන්ද මේ වනවිට ඔබ සැබෑ ජීවිතයේදීත් ආදරණීය පෙම්වතියක්ද කියලා?

කෙටි උත්තරයක් දුන්නොත් උත්තරේ නෑ. ආදරේ අත්දැකීම් නෑ කිව්වොත් ඒක බොරුවක්. ආදරේ කළ අවස්ථා නැතුව නෙමෙයි. ආදරේ ගැන කතාකරද්දි අපි බලාපොරොත්තු වන සහකරුවා කාලයෙන් කාලයට වෙනස්වෙනවා. අද වෙද්දි මම හිතන්නේ මගේ ජීවිතයට ශක්තියක් වෙන කෙනෙක් මට ලැබෙන්න ඕන. අවංකකම, පෞර්ෂය, හොඳ ආත්ම ශක්තියක් තියෙන සහකරුවෙක්ට මම කැමතියි. සමහර දේවල් අපිට කතාකරලා හදාගන්න පුළුවන්.

*
කලාවට අමතරව ඔබ දක්ෂතා දක්වන වෙනත් ක්ෂේත්‍රයන් නැද්ද?
කලාවට සම්බන්ධ ක්ෂේත්‍රවලටම තමයි මගේ හැකියාවන් තිබුණේ. මම මුල්කාලේ උඩරට නර්තනය හැදෑරුව නිසා මම පෞද්ගලික නැටුම් පන්ති ආරම්භ කරලා තිබුණා. ගායනය, නර්තනය වගේ ක්ෂේත්‍රවලටත් මම දක්ෂයි. ඇඳුම් මහන්න පුළුවන්. ලේඛනය ගැනත් මම මේ වනවිට හැදෑරීම් කරනවා.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

ගොඩක් දුරට මම නැටුම් ගුරුවරියක් වෙයි. නමුත් මගේ ආසාවකුත් තිබුණා නීති ක්ෂේත්‍රයට යොමුවෙන්න. සමහරවිට මම ඒ පැත්ත ගැනත් උනන්දු වෙන්න පුළුවන්.

HARD TALK

*කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රචාරණ කටයුත්තක් වෙනුවෙන් සැකසුණු කලා නිර්මාණයකට දායකවෙන්න අවස්ථාවක් ලැබුණොත් බාරගන්නවද?

නැහැ.

*ඔබේ ප්‍රථම ප්‍රේමය ඇතිවෙන්නේ වයස අවුරුදු කීයේදිද
?

අවුරුදු 21 දි.

*ඔබේ විවාහයේදී ජ්‍යොතිෂයට මුල්තැනක් දෙනවද
?

ඔව්.

*
ඔබ ආදරය කළ කෙනෙකුගෙන් ඔබට අවසන්වරට ලැබුණු තෑග්ග?

මුද්දක්.

*
ඔබ ආදරය කළ අයෙකු, ඔහුත් ඔබට ආදරය කළ බව සිතපු නමුත් පසුව එම ආදර බලාපොරොත්තුව බිඳවැටුණු අවස්ථාවක් තියෙනවද?

ඔව්.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts