https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Wednesday, January 4, 2012

Dead Whale on Matara Thalalla Beach

භාර්යාවෝ ටෙලි නාට්‍යයෙන් විමල්ගේ බිරිඳ හැලේ

Tuesday, January 3, 2012

බස්නාහිර පළාතේ හොඳම සාරිය

මැහුම සහ ගෙතුම ඇගේ ආත්මයයි. ඇට ඊට අවංක යැයි හැඟේ. ඇය ඊට සාපේක්ෂ යැයි හැඟේ. ඇය මෙතෙක් කළ කී දේ සියල්ල වෙතින් එය අතිශයෝක්තියකින් තොරව ප්‍රකාශ කළ හැකිය. මැහුමට - ගෙතුමට පමණක් නොව එම අංශයේ උපදේශකවරියකල ගුරැවරියක ලෙස ද කටයුතු කරමින් ඇය පැමිණි ඒ ගමනට වසර 25 ක් හෙවත් රිදී ජුබිලියකි. ඒ ගමනේදී ලද සම්මාන ද  බුහුමන් ද බොහෝය. ඒ සම්මාන, ගරුනාමල බුහුමන් මැද ගෙත්තම් කලාවට අරැතක් එක් කරන ඇය චාන්දනී රාජපක්ෂ නමින් මෙම කේෂ්ත්‍රයේ බොහෝ කාන්තාවන් හඳුනන චරිතයකි. අද සඳැල්ල 2012 මුල්ම කවරයට පෙනී සිටින සුමුදු ඇඳ සිටින අපූරැ සාරි නිර්මාණයෙහි නිර්මාණ දායකවරිය වන්නේ මේ කියන චාන්දනීය. ඒ නිර්මාණශීලි සිතුවිලි අපි මොහොතකට අවදි කරමු.
"ක්ෂේත්‍රයට පිවිසිදා සිට එකම දේ කරන්න මට ඕන වුණේ නැහැ. නිරන්තරයෙන් අලුත් දේ කිරීම අරමුණ වුණා. පැච් පොයින්ට් කලාව අරඹන්නේ ඒ අදහස්වලට අනුවයි."
ඒ කලාව උපයෝගී කරගත්තේ?
අපේ දේශීය සාරි කලාවට අලුත් හැඩයක් ගෙනදීමේ අරමුණින්ල වටිනාකමක් ගෙනදීමේ අරමුණින් තමයි මෙය ආරම්භ කළේ.
කොහොමද මේ නිර්මාණ කටයුතු සිදුවන්නේ?
මේ රෙදි සඳහා යොදාගන්නේ අපේ අත් යන්ත්‍රවලින් නිමැවෙන දේශීය රෙදිග අත් යන්ත්‍ර නිර්මාණ බොහෝදෙනෙක් විශේෂ අවස්ථා සඳහා තෝරාගන්නේ නැහැ. ඒ නිසා ඊට කළඑළියක්, නවතාවක් දෙන්න මට ඕනෑ වුණා. ඒ අලුත් අදහස් මල්ඵල ගන්වන්න තමයි පැච් පොයින්ට් කලාව හඳුන්වා දුන්නේ. අත්හදා බැලීමක් ලෙස මුලින්ම මම මෙය කළේ අමු රෙදිවලට. පසුව අපි හිතුවට වඩා මෙය ජනතාව අතර ජනප්‍රිය වුණා. මෙහි විශේෂත්වය වන්නේ එක් නිර්මාණයක් එක් අයෙකුට විතරක් සීමාවීමයි. මේ නිසාත්, සුලභ බව වෙනුවට දුලභ බව නිසාත්, නව මුහුණුවර නිසාත් මෙය බොහෝ ජනප්‍රිය වුණ. ඉතින් මගේ රටට මම යමක් කළා නේද කියන අප්‍රමාණ සතුට තමයි අද මට තියෙන්නේ. එසේම මේ සියල්ල අපේ රටේ අමුද්‍රව්‍ය යොදා නිම කිරීම නිසා ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලෙස ලෝකයට හඳුන්වා දීමට පුළුවන්.
ඕනෑම අවස්ථාවකට මෙම නිර්මාණ ගැලපෙනවද?
ඔව්ල ඕනෑම තැනකට සුදුසු ලෙස විවිධත්වයෙන් තමයි අපි නිර්මාණ කරන්නෙ.
ඔබට මෙවැනි නිර්මාණ සඳහා සම්මානයක් ලැබුණා. ඒ ගැනත් කතා කළොත්?
මේ නිර්මාණ කලාව අපේ ශ්‍රී ලාංකීය කාන්තාව හරහා ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව මුලින්ම මේ ගමන පටන් ගත්තේ  අපේ ගරු ජනපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මැතිනියට නිර්මාණයක් පිළිගැන්වීමෙන්. එය සාර්ථක අඩිතාලමක් වුණා. පසුව අපේ කාන්තා පරපුර මේ නිර්මාණ කලාව ගැන කතා කරන්න පටන් ගත්තා. තරගකාරී ගමනට අවතීර්ණ වුණේ ජාතික ශිල්ප සභාවේ ‍"ශිල්ප" නිර්මාණ දැක්ම සමගයි. ගියවර බස්නාහිර පළාතෙන් තුන්වෙනියා වුණා. (තරගයකට ඉදිරිපත් වූ ප්‍රථම අවස්ථාවේදීම). 2011 දීත් වෙනත් ආකාරයක නිර්මාණයක් ඉදිරිපත් කළා. එහි දී බස්නාහිර පළාතෙන් පළමු ස්ථානයත්, ජාතික සම්මාන ප්‍රදානයේදී ජනාධිපති කුසලතා සහතිකයකුත් හිමි කර ගත්තා.
මේ ගැන වැඩි විස්තර සඳහන් කරනවා නම්, චාන්ඩ්ස් එක්සෙලා ස්කූල් ඔ‍ෆ් හෝම්ස් ඇන්ඩ් ටෙක්නොලොජි යන ඒ පාසල වෙතින් සහ ශිල්ප සභාවේ ශිල්ප ගම්මානයේදීත් මේ නිර්මාණ ගැන විස්තර දැනගත හැකියි. ඊට අමතරව පුහුණු මධ්‍යස්ථානයකුත් ආරම්භ කිරීමට (ජනකලා හිදී) කටයුතු සකසා තිබෙනවා. වැටි - වැටි නැගිට ආ ඒ ගමන සඳහා මට බොහෝ දෙනෙක් උදව් කළා. ඒ අයවත් සිහිපත් කරන්න කැමතියි. ඒ අතරින් ශිල්ප සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය චන්ද්‍රමාලි ලියනගේ සහ සභාපති බුද්ධි කීර්තිසේන මහතා සුවිශේෂී සහයක් ලබාදුන්නා. ජනකලා කේන්ද්‍රය අංක 2 කුටියේදී මා සහ මේ නිර්මාණ ගැන විමසීමට පුළුවනි. 0112 486 242  අංකයට කතා කර වැඩිවිස්තර ලබාගන්න පුළුවනි.
සටහන/ඡායාරුප - සඳුන් ගමගේ

Monday, January 2, 2012

THARUKA WANNIARACHCHI ACTRESS PHOTOS 103

THARUKA WANNIARACHCHI ACTRESS PHOTOS 103


Tharuka Wanniarachchi

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdXz8NEj0ETamsuRYk44qbcjzbiC4-RWOrfEebqCtHBR6kB8xqHs-ly0rVgdIT7hWOGTuqU0aX02EgXQJkRMTxQLPqvMkonicNaiLOfvQZLeLf6BdxxgZ3-xfMt6bYuOmXkjqBbQM4EWU/s1600/390968_198491896912361_100002546568333_398265_379762138_n.jpg

RANTHANA MALI YANTRA MANDALAYA

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg0laFlQr2TNrGEqUE-9oe-nXoSmdvQmh0q3omjjVX3_26UFzSGgjUrC7Tt_zD73C-VyR52NL6XL9xFZjGci1YZKhripI_pD6GR-aW-iVz6fGAbpZGzg_74U9vlpbnaDF7u0LBqx_5dSpM/s1600/385795_127748887341582_100003194134272_132219_2119313060_n1-469x500.jpg

මෙය මට සම්මානනීය වසරක් වුණා. "මාදනී"

මාදනී මල්වත්ත යන මේ රංගන ශිල්පිනිය ගැන අමුතුවෙන් යමක් කිවයුතු නැත. ඇය කවුද යන වග රංගනයෙන් ඇය අපූරැවට පෙන්නුම් කර තිබේ. ඒ විවිධ චරිත දෙස විමසා බලද්දී පසුගිය කාලයේ දී රංගන ක්ෂේත්‍රයට දායාද කළ දක්ෂතම ශිල්පිනියක ලෙස අතිශයෝක්තියකින් තොරව ඇගේ නාමය සඳහන් කළ හැකිය. විටෙක පෙම්වතියක / විටෙක මවක/ විටෙක බිරිඳක ආදී වශයෙන් විවිධ චරිත හැඩ කරන මාදනී යනු රංගනය අතින් පරිපූර්ණ නිළියක ලෙස හැඳින්වීම වටී. වත්මනෙහි ‍"රන්ගිර" හැඩකරන අතරේ සැමියා සහ පුතු සමග එක්ව ඩෙංගු මර්දන දැන්වීමකට ද ඇය පෙනී සිටී. ඒ සියල්ලට සාපේක්ෂව අපි ඇය සමග පිළිසඳරකට එක්වෙමු.
මාදනී ඔබගේ වෘත්තිය ?
සම්පූර්ණයෙන්ම වගේ කැපකරන්නේ රංගනයට
ඔබට ස්ථිර වෘත්තියක් කරන්න උවමනා නැතිද ?
මේ කාලයේ හැටියට නම් සුදුසුකම් අනුව රුකියාවක් අත්‍යවශ්‍ය බව හැඟෙනවා. නමුත් සම්පූර්ණ වශයෙන් කාලය කැප වෙන්නේ රංගනයට නිසා වැඩිපුර අවශ්‍යතාව තිබෙන්නේ රංගනයටයි.
ඔබේ නමෙහි තේරැම ?
මනා දැනුමක්, ලොකු දැනුමක් ඇතිව තමයි කියවෙන්නේ
මහා දැනුමක් තිබෙනවා කියල හිතනව ද ?
සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සහ ඊළඟට සෞන්දර්ය සරසවි අධ්‍යාපනයත් ලැබුවා. ඒ සියල්ලට අමතරව දිනෙන් දින ලබන අත්දැකීම් මත දැනුවත් වන බව හැඟෙනවා.
කෙසේ වෙතත් ඔබ වැඩිපුර හදාරලා තියෙන්නේ සංගීත අංශයෙන්. ඒත් ඔබ නියැ‍ළන්නේ රංගන ක්ෂේත්‍රයේ ? ඇයි එහෙම වෙන්නේ ?
සංගීතය කියන දේ කුඩා කාලයේ ඇඟේ තිබුණු දෙයක්. ඒ දවස්වල පේරාදෙණිය සරසවියේ එළිමහන් රංග පීඨයේ පැවැත්වූ ප්‍රසංග නරඹන්න තාත්තා මාව එක්කරගෙන ගියා. බොහෝ විට නැරඹුවේ නාට්‍යයයි. සංගීතයට හිත තිබුණටල උසස් පෙළ දක්වා සංගීතය කළාට රංගනය කියන අංශයට පුදුම ආසාවක් තිබුණේ. පසු කාලයක මහරගම තරැණා සේවා සභාවට ඇවිත් පාඨමාලාවක් හැදෑරීමත් සමග වේදිකාවට ඇවිත් රඟපෑමේ ඉඩකඩ ලැබෙනවා. ප්‍රසිද්ධ වේදිකාවට එන්න ලැබුණේ ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන්ගේ ‍"කනේරූ මල්" සමගයි.
ඒ විදිහට ඔබගේ මුල්ම රංගනය පෙන්නුවාම ඔබට ඇතිවුණේ මොන වගේ හැඟීමක්ද ?
ප්‍රසිද්ධ වේදිකාවේ රඟපෑමට ලැබීමේ වාසනාවත් එක්ක ජයලත් මනෝරත්න නැමති ප්‍රවීණ කලාකරුවා මගේ හැකියාව හඳුනාගැනීම ඇත්තටම මා ලද භාග්‍යයක්. මගේ ජීවිතයට ලබා දුන් ඒ ලොකු අවස්ථාව නිසා එතුමාගේ නාමය සිහිපත් කළ යුතුමයි.
දැන් සංගීතය විෂයයෙන් ඈත් වෙලා ද ?
ඇත්තටම ඈත්වෙලා වගේ දැනෙනවා. මූලිකව සංගීතය හැදෑරුවට මගේ හැකියාව වැඩිපුර තිබෙන්නේ රංගනයට කියලා ඔප්පු කරන්න මට පුළුවන් වුණා. යොවුන් නාට්‍ය උළෙලවල සිට රාජ්‍ය නාට්‍ය උළෙල මෙන්ම ටෙලි සම්මාන උළෙලවලදී සම්මාන ලැබීමත් ඊට හොඳම උදාහරණය යි. ඇත්තටම මේ අවුරැද්ද මට සම්මානනීය වසරක් වුණා.
මේ සම්මාන සමග අද ඔබ ගැන විශේෂයෙන් කතා වෙන්නේ"රන්ගිර" නාට්‍යයේ කරන චරිතය නිසයි. එහි ගොඩමුනේ මැඩම්ගේ චරිතය ගැන ඔබ හිතන්නේ කොහොම ද ?
සෝමා ජයකොඩි මහත්මියගේ නවකතාවකට අනුව ඒ චරිතය පාඨකයා අතර මෙන්න මේ වගේ කියන අදහස තියෙන්න ඇති. ඒ නිසා තිලකා ගොඩමුනේ කියන්නෙ මේ වගේ චරිතයක් කියල මට පිටපත වෙතින් මැවුණා. ෂර්ලී. පී දෙලංකාවල අයියාගේ අධ්‍යක්ෂණයත්ල සහෝදර ශිල්පීන්ගේ සහයත් ආදී සියල්ල වගේම මේ චරිතය මවාගෙන ගෙදරදී කළයුතු හැදෑරීම් ද කළ බව කියන්න පුළුවනි.
මෙවැනි චරිත සමහරු භාරගන්නේ බොහෝ දුරට හිතලා. චරිත රංගයෙන් පසුව සමාජය ඒ දිහා බලන විදිහ ගැන චකිතයක් ඇතිවුණේ නැද්ද ?
ඇත්තටම නැහැ. මොකද නුසුදුසු දේ මේ චරිතයේ නැහැ. නමුත් දුෂ්ඨ ගතිවලට ප්‍රේක්ෂකයන් ටිකක් අකමැතියි. මම හිතන්නේ ඒ අකමැතිකම තමයි මම චරිතයට කළ සාධාරණය වෙන්නෙත්.
මාදනී ඔබ කවුද ?
ජීවිතේ හැලහැප්පිම් සමග ශක්තිමත්ව ජීවත්වෙන කෙනෙක්. මට අනාගතය ගැන බියක් නැහැ. මගේ අනාගතය පැහැදිලියි. හොඳ අනාගතයක් ඇති වග මට දැනෙනවා. ඒ අතින් මම වාසනාවන්ත කෙනෙක් කියලා හිතෙනවා.
සැමියා කීර්ති කලා ක්ෂේත්‍රයෙහි ජනප්‍රිය චරිතයක්. කොහොමද ඔහුගේ හමුව ඇතිවෙන්නේ ?
මට වඩා කීර්ති කලාවේ දැනුමින් සහ අත්දැකීම්වලින් පොහොසත්. තරැණසේවා සභාවේ සිටිය දී එයා රාජ්‍ය සම්මාන සහ යෞවන සම්මාන දිනූ ලොකු ඉතිහාසයක් ඇති කෙනෙක්. අපේ හමුව ඇති වෙන්නේ ඒ කාලයේදීමයි. එයා මේ දිනවල දීර්ඝ නාට්‍යයක් නිර්මාණය කිරීමේ කටයුත්තකට අත ගහලාග ‍"මීයෝ නැතුව බැහැ" කියන ඒ නාට්‍යයේ මංගල දැක්ම තියෙන්නේ පෙබරවාරි දෙවෙනිදා සහ තුන්වෙනිදායි.
පුතා, ඔබ සහ සැමියා මේ දිනවල දායකවන දැන්වීම ගැන කතා කළොත් ?
පුතා නම් මීට පෙර දැන්වීම් ගණනාවකටම පෙනී සටියා. මේ දැන්වීමට කලින් අපි තුන්දෙනා සෝයාමීට් දැන්වීමකට පෙනී සිටියා. මේ දැන්වීම් කළේ ආර්ථික වාසිවලට වඩා සමාජ අවශ්‍යතාවක් හැටියට සමාජය දැනුවත් කිරීමේ අරමුණ ඇතිවයි.
ඔබ චරිත පිපාසයෙන් හඹා යන කෙනෙක් කිව්වොත් ?
සහතිකෙන්ම ඔව්. මෙතෙක් කළ එකදු චරිතයකදී වත් මම මම වෙන්න ගියේ නැහැ. ඇත්තටම මම විවිධ චරිතවලට පිපාසයෙන් සිටින කෙනෙක්.
රංගන ශිල්පිනිය කියන කෙනා ඔබ දකින විදිය ?
නිළිය කියන චරිතයට අද වන විට ඒ නම භාවිත කරලා කරන වැඩ නිසා වපර ඇහැකින් බලන බව ඇත්ත. එවැනි අය පිංතූර වශයෙන් පළ කිරීම ඉතා වැදගත්. නැත්නම් නිළි පරපුරට ම එය කැළලක්. නමුත් රංගන ශිල්පිනිය කියන කෙනා ඇත්තටම ගෞරවාන්විතයි.
සටහන / ඡායාරුප - සඳුන් ගමගේ

2012 New Year Fireworks - Around The World

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts