
අඩි තුනක් පමණ දිග මෙම නාගයා සත්වෝද්‍යානයට භාර දෙන විටම විෂ දළ විෂ කෝෂ වලින්ම ගලවා ඉවත්කර තිබු බවත් මෙය සම්පුර්ණයෙන්ම සත්ත්ව හිංසාවක් බවත් ඔහු පවසනවා.
විෂ කෝෂ වලින්ම දළ ගලවා ඉවත්කළ පසු කිසිදාක එම දළවල නැවත විෂ හට ගැනීමක් සිදු නොවන අතර දළ ගැලවීම නිසා ගොදුර අඩපණ කරගැනීමට නොහැකිව එම සතාට ආහාර ලබාගැනීම තරමක් දුරට අපහසුවක් නිසා දිනක් වයසැති කුකුළු පැටවුන් හා සතියකට වරක් මී පැටවුන් වැනි සජීවී ගොදුරු ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.

එබැවින් අදාළ නළඟනට පමණක් නාගයා හිලෑ බව හා ආදරය කරන බව පැවසීම මෙන්ම ආමන්ත්‍රණය කලවිට අසලට පැමිණෙන බව පැවසීමත් මිත්‍යාවක් යැයි සත්වෝද්‍යානයේ උරග විශේෂඥයෙක් ප්‍රකාශ කර තිබෙනවා.

ඕනෑම සර්පයෙකු වර්ධනයත් සමග මාස දෙකකට වරක් පමණ හැව ඇරීම සිදුකරයි. හැව මෝරණ විටදී සතාගේ වර්ණය තද පැහැයක් ගනී.
දේශගුණය පළාත හා ජාන අනුව නයින් ගේ වර්ණයත් දේහ ප්‍රමාණයත් තීරණය වේ. ඇතැම් නාගයින් අවුරුදු 20 ක් පමණ ජීවත් වන අතර දිගින් අඩි 6 ක් පමණ දක්වා වර්ධනය වේ.
මේම නළඟන සමග සිටින නාගයාගේ වයස වුරුදු 6 ක් පමණ වන බැව් වාර්තාවේ.

-GOSSIP9.COM-
0 comments:
Post a Comment