මඩකලපුව, ග්‍රාම සේවා වසම් කිහිපයක් හරහා හමාගිය තද සුළඟකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් අවතැන් වී ඇති බවත්, අවතැන් වූ පුද්ගලයින් තාවකාලිකව ප්‍රදේශයේ පාසලක රඳවා ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ, සරත් ලාල් කුමාර පැවසිය.
ඊට අමතරව ඊයේ පස්වරුවේ පොළොන්නරුව හා මොණරාගල දිස්ත්‍රික්කයේ තද සුළඟක් හමාගිය බව ඔහු පැවසීය.
තවද, අද අපරභාගයේදී හා සන්ධ්‍යා කාලයේදී ඌව,මධ්‍යම, සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම නිරිත දිග වෙරළ බඩ ප්‍රදේශයන්හි උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි එම දෙපාර්තමේන්තුව පවසයි.
0 comments:
Post a Comment