https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Tuesday, February 21, 2012

චිත්‍රසේන-වජිරා පරපුරේ වත්මන් තාලය 'තජිතාංගනී'

ඇගේ ආච්චි අම්මා ඇයට තජිතාංගනී කියා නම දැමුවේ එය අරුත්බර කරනු ඇතැයි කියාය. නැතහොත් පරම්පරාවේ උරුමය රැගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙනු ඇතැයි සිතාය. නර්තනයේ ශ්‍රී ලාංකීය උරුමය රකින මේ මිණිබිරිය කවුද? නර්තන ලෝකයේ බොහෝ දෙනා ඇය ආමන්ත්‍රණය කරන්නේ තජී (තජ්ජි) නමිනි. මේ තජී යනු චිත්‍රසේන වජිරා පරපුරේ නව ප්‍රවණතාවයයි. වජිරා යන ඒ ප්‍රවීන නර්තනවේදිනිය තජීගේ ආදරණීය ආච්චි අම්මාය. චිත්‍රසේන වජිරා නමැති ශ්‍රී ලාංකීය නර්තන හැඩතලයේ වත්මන් නියෝජනය වන තජිතාංගනීගේ තාලයට මොහොතකට සවස් දෙන්න.


තජිංතාංගනී ගැන කෙටියෙන්
තජිතාංගනී ඩයස් ඇගේ සම්පුර්ණ නාමයයි. කොළඹදී උපන්න තජී වජිරාගේ පුතු අනුදත්ත ඩයස්ගේ දියණියයයි. තජීගේ අක්කා උමදන්තිද නර්තන ශිල්පිනියකි. මේ අයගේ නැන්දා වන අංජලීගේ දියණිය හේෂ්මා චිත්‍රසේන කලායතනයේ කටයුතු මෙහෙයවන්නීය. තජී උදේවරුවේ ඒ.බී.සී. නමැති පෙර පාසලක උගන්වන අතර හැන්දෑවේ නර්තන කටයුතුවලට දායක වන්නීය.

තජී ඔබ නර්තනය කරන්නේ පරපුරේ ආභාසය සහ උරුමය ඉදිරියට ගෙන යන්න ඕන නිසාද? පවුලෙන් එය ගිලිහී යයි කියලා හිතන නිසාද?
ඒ අභිමානය නිසාම නෙවෙයි. කුඩා කාලයේ ඉඳලාම මම දැක්කෙ නර්තනයයි. නර්තනය මගේ ලෝකය වුණා. ආච්චි නටන හැටිල අම්මා නටන හැටි මං බලාගෙන හිටියා. ඒත් කවුරුත් නර්තනය කරන්න කියලා මට බලකළේ නැහැ.

වෙන අරමුණක් තිබුණේ නැද්ද?
ඇත්තටම නැහැ.

ඒ කියන්නේ නර්තනය ඔබ ආදරයෙන් වැළඳ ගන්නා කියන එකද?
සහතිකෙන්ම ඔව්. අපි එහෙම කරන්න ඕන. නර්තනය හෝ තමුන් කරන ඕනෑම විෂයයකට අපි අවංක වෙන්න ඕන.
ඒත් පරපුරක ආභාසය තියෙන අයට ඒ උරුමය හරියට ගෙන යන්න බැහැ.

ඔබ හිතනවද ඔබ මේ උරුමය රකිනවා කියලා? අඩු තරමින් හඳහනවත් බලල නෙමෙයිද මේ අංශයට ආවේ ?
හඳහන නම් බලල තියෙනවාද කියලා නම් දන්නෙ නැහැ. මම හිතන්නෙ පෙර ආත්මයේ ඉඳලම අපි නැටුමට සම්බන්ධ වෙලා ඇති. ඒ නිසාම නර්තනයට සාධාරණයක් කරනවත් ඇති.

මේ ක්ෂේත්‍රයේ බොහෝ අය කියන්නෙ තජී හරි වෙනස් කියලයි? මොකක්ද මේ වෙනස ? මොන විදියටද? ඔබගේ බාහිර පෙනුම සහ නර්තන ක්ෂේත්‍රයේ චරිතයක් ලෙස ?
මම හිතන්නෙ මේ සියල්ල පරපුරේ ආභාසය නිසා වෙන්න ඇති. ඒ කාලයේ අපේ ආච්චිට වගේම නැන්දා උපේඛාටත් තිබුණේ සිහින් සිරුරක්. එය නර්තනයේ ලාලිත්‍යයට පෑහුණා.

ඒ හැර වෙනත් අභ්‍යාස නැද්ද?
සිරුරට වඩා නර්තනයේ නම්‍යශීලීත්වය උදෙසා අභ්‍යාස කළ යුතුයි. ආහාර පාන ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. කොහොම වුණත් සිරුරේ හැඩය උරුමයෙන් එන දෙයක් කියල හිතෙනවා.

තජී දැන් වයස කීයද?
අවුරුදු 23 යි

නර්තනය කියනදේ ඔබට දැනෙන්නෙ හැඟෙන්නෙ කොහොමද?
මම හිතන්නෙ නර්තනය කියනදේ ඕනෑම කෙනෙකුට කරන්න බැහැ. සංගීතය, රංගනය ආදී අනෙකුත් සෞන්දර්යය විෂයයන් ඒ විදියයි. ඕනෑම කලාවක නියැලීම සඳහා ලොකු කැපවීමක් විනයක් තිබෙන්න ඕන.

එතැනින් එහාට කතා කළොත් සංගීතයෙන් අපි වින්දනයක් ලබනවා වගේ. නර්තනයෙන් මොකක්ද ලබන්න පුළුවන්?
නර්තනයෙන් වින්දනයක් ලබාදීම වගේම ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. මොකද අද වනවිට අපේ නර්තන කලාව පිරිහීගෙන යන තත්ත්වයට පත්වෙලා.

ඇයි එහෙම වෙන්නෙ?
බොහෝ දුරට වාණිජකරණයට ලක්වෙලා නිසා වෙන්න ඇති. එය ආට් එකකට, නැත්නම් කලාවකට වඩා වාණිජමය පරමාර්ථ උදෙසා කරන දෙයක් වෙලා.

එහෙම වෙන්න බැරිද? වටිනාකමක් ලැබීම නරකද?
වටිනාකම ලැබෙන්න ඕන. එය ලැබෙන්නෙ ගුණය - හරය සහ මූලික පදාර්ථ සමගයි. ඒ නිසා අප නටන නැටුම් හරියට කරන්න ඕන. පහතරට නම් එය හරියට කරන්න ඕන. උඩරට නම් එය හරියට කරන්න ඕන. ඒ අනුව කරන නිර්මාණයට අවංක වෙන්න ඕන.

නිර්මාණයක් කරන්න ආර්ථික පිරිවැයක් අවශ්‍යයිනෙ?
ඒක හරි. නමුත් මූලික දේ ගැනයි අපි හිතන්න ඕන. ජීවිතේ පවත්වාගෙන යන්න මුදල් අවශ්‍යයි. නමුත් නිර්මාණයක් මුදල්වලින් බිහිකරන්න බැහැ. බිහිකරන නිර්මාණයට පසුව සෑම අතකින්ම වටිනාකමත් ලැබේවි. මුදල් මුල්කරගෙන ගියොත් පැවැත්මක් නැහැ.

ඇය ඔබලා නර්තන වේදිකාවේ දකින්න නැත්තෙ? ලොකු මිලක් අය කරනවාද? නැත්නම් කරළියට එන්න අකමැතිද? ඇයි විශේෂිත අවස්ථා සඳහා පමණක් නටන්නෙ?
අද කාලයේ බොහෝ දුරට විදෙස්ගත වන්නෙ කණ්ඩායම් ලෙස ගිහින් ඒ අවස්ථාවට සහභාගී වෙන්නයි. නමුත් අපි ඒ යන තැන, සිටින තැන, කාටද නටන්නෙ කියන තැන වගේ සියලු දේ ගැන මූලිකව සොයා බලන්න සිද්ධ වෙනවා. මොකද අපට පාරේ නටන්න වේවිද? සංදර්ශනවල නටන්න වේවිද? කියලා දන්නෙ නැතුව ගිහින් නටන කලාවක් අපි කරන්නෙ නැහැ. සමහර විට අපේ නිර්මාණය ඒ මොහොතකට විතරක් කරන ඒ වෙනුවෙන්ම බොහෝ වෙහෙස මහන්සි වී කළ සංකල්පයක් වගේම රටේ උරුමය රුගත් දෙයක් වෙව්.

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts