https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgyK0hOHUpk8vtevQ88pKBye9_yb8xzE5WYZYZvLSVuqSODs4Zt0YBHkJwQLAyybZ86MySdQcwuhe7kpj7E5-bZzhYzzumU2CYS3dhGVs-MA7KkJXTZ6WYseOMLiPV-NuoQfQ8KuN7F7CHp/s1600/sl-mirrorheads.jpg
 >>>SL-MIRROR CATEGORIES 

Saturday, July 21, 2012

UDAYANTHI AND MENAKA

SLPL 2012 - Mascot will be 'Fun Lion'

Shriyantha's Daughter's Wedding

GOSSIP 2012/07/21 UPDATES

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi45757zL_hJQ0kXtXSOZJ6TDuHL0ZDJEDRzdIMu_xBmViVrT1pO6xQu562mmGkvBsYMZzgurSPEfxlVuJTnpw3RP9LLzIGAwxKpp8ufWei5InlTz4YwOB2TvPeOHLAWVQNlMnnOhRtX-0/s1600/4f4d9fa294e26f44f90908a15cafba41_XL.jpg%22%20imageanchor=%221%22%20style=%22margin-left:%201em;%20margin-right:%201em;%22%3E%3Cimg%20border=%220%22%20src=%22https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi45757zL_hJQ0kXtXSOZJ6TDuHL0ZDJEDRzdIMu_xBmViVrT1pO6xQu562mmGkvBsYMZzgurSPEfxlVuJTnpw3RP9LLzIGAwxKpp8ufWei5InlTz4YwOB2TvPeOHLAWVQNlMnnOhRtX-0/s1600/4f4d9fa294e26f44f90908a15cafba41_XL.jpg 
 
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh3BoXZ5MlB-5rclPHRVFkKmDqiP7IJ1dnZPLXmG0qKj0l5obGDn0PZfjl7VaUXE30xN5OE_EWMskDFTr-9ZnwdWXHTrOWW039O5vXky6nNJNSr61uvFQhgiQ5WHyg1jHiJVPCr9QJlbxs/s1600/55df0111232e1c4fd8c02e91888d2313_XL.jpg  



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicYM1euk0Fvmxj4Nv4s7uFnGDGilIcS7byCmvn2KRDe6PpYqcbIzoNnt62nkxGaWs6cbEeQNfciAg3MzEhv9fd2CPx71W2mU4MPdZmUUowP-m8kFXuUP7AQJuUtpg728uOFvQ2n404-t4/s1600/ffe1991fca173b5b449421f2bfcb87a0_XL.jpg%22%20imageanchor=%221%22%20style=%22margin-left:%201em;%20margin-right:%201em;%22%3E%3Cimg%20border=%220%22%20src=%22https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicYM1euk0Fvmxj4Nv4s7uFnGDGilIcS7byCmvn2KRDe6PpYqcbIzoNnt62nkxGaWs6cbEeQNfciAg3MzEhv9fd2CPx71W2mU4MPdZmUUowP-m8kFXuUP7AQJuUtpg728uOFvQ2n404-t4/s1600/ffe1991fca173b5b449421f2bfcb87a0_XL.jpg 



https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZjAfzcxP1Yxby639sLH_tyiyaHex0rmMkbCmZmM2_IJTTH6qara5rnkij8dnXFLj2Qopz6q63-xM54OVkDxQuGfuiLlmRE-n82nvCd35Wbdk-FqtBYqP0-sBU0mDjNblBVMmaRxLi0SY/s1600/mmmm.jpg
 
 

මම රස්‌තියාදුකාරයෙක්‌... - බුද්ධික ජයරත්න

නළුවෙක්‌ නොවුණා නම් පාතාල නායකයෙක්......
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh1huYdRlG59hPOfSlqu6e4Ki2xfjtADDbmSlOmFbPy4FpJuZ6sNh9WxsPUHhhoO3qYlkxTJZvXuelK7noO3YqdVRo-vcsvNsRNA7-YIbXyCj27hGXcO1OPUhRPubKmeHgDQJ1AOebWJ4w/s1600/buddika2.jpg
මීට වසර දහ තුනකට එපිටදී "රෝස වසන්තය" චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ ඔහු අද වන විට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රැසකට රංඟන දායකත්වය ලබාදී ඇත.

ක්‌ෂේත්‍රය තුළ ඔහු වඩාත් කතා බහට ලක්‌ වුයේ "හතරදෙනාම සුරයෝ" නව නිෂ්පාදනයේ අසහාය නළු ගාමිණි ෆොන්සේකා එදා කළ ප්‍රධාන චරිතය ප්‍රති නිර්මාණය කළ නිසාය.

සෑමවිටම රංඟධරයෙකු ලෙස තමන් රඟනZ චරිතය පිළිබඳව සියයට සියයක්‌ තෘප්තිමත් නොවීම බුද්ධික ජයරත්න තුළ සිටිනා රංඟෙවිදීයා දවසින් දවස ඉදිරියට ගෙන යන බව ඔහු කියයි.

"මේ දවස්‌වල මම වැඩිපුරම කරන්නෙත් රඟපාන එක තමයි." ස්‌වර්ණවාහිනීයෙන් නිෂ්පාදනය කරන සුරංජන් විඡේනාම විසින් අධ්‍යක්‌ෂණය කරන "ඉටි මල්" රූප ගත කිරීම් අතර වාරයේ ඔහු සමඟ කතා බහ ආරම්භ වුයේ එසේය.

"මම ක්‌ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 13 ක්‌ විතර වෙනවා. රෝස වසන්තයෙන් අවුරුදු 13 කට පස්‌සෙයි මමයි රංජන් රාමනායකයි එකට රඟපාන්නේ. හැබැයි ගිය වසරේ අග භාගයේ ඉඳලා මේ දක්‌වා කාලය මම ගොඩක්‌ කාර්යබහුල වෙලා. ඒක එක අතකින් හොඳයි, තවත් අතකින් නරකයි." මාගේ කතා බහට ප්‍රවිශ්ඨයක්‌ ඔහුගේ කතාවෙන්ම ලැබුණි.

ඇයි මේ හොඳ නරක දෙකක්‌...?

නරක තමයි මම කොහොමටත් ටිකක්‌ දවල් වෙනකම් නිදා ගන්න, රෑ වෙනකම් ඇහැ ඇරලා ඉන්න කැමති කෙනෙක්‌. ඒ වගේම කාර් එක අරගෙන ඔහේ අරමුණක්‌ නැතිව පදවගෙන යන්නත් කැමතියි. මම කැමති ඒ දේවල් කාර්යබහුලත්වය නිසා මඟ ඇරෙනවා. හොඳ තමයි රඟපාන චරිත ප්‍රමාණය, මුදල්, අත්දැකීම් නළුවෙක්‌ විඳිහට වැඩි වෙනවා.

නිර්මාණකරනයෙන් බැහැර වන සාමාන්‍ය බුද්ධික කවුද කියලා හඳුන්වන්න.

මම රස්‌තියාදුකාරයෙක්‌. මම මුලිනුත් කිව්වේ ඒකයි. සාමාන්‍යයෙන් ලෙඩ තියෙන වාහන අරගෙන ඒවට අවශ්‍ය වෙන කෑලි සොයන එක, ගරාඡ්වල ඉන්න එක නිර්මාණකරනයෙන් බැහැර වෙන බුද්ධික කරන දේවල්.

එතකොට බුද්ධික කියන නළුවා...

රඟපාන චරිතවලින් කිසිසේත්ම තෘප්තිමත් නොවන කෙනෙක්‌. ඒ හැඟිම තමයි බුද්ධික කියන නළුවා ඉදිරියට අරගෙන යන්නේ. නළුවෙකුගේ සාර්ථකත්වය රඟපාන චරිතවලින් තෘප්තිමත් නොවීම කියලයි මම හිතන්නේ.

නළුවෙක්‌ නොවුනා නම්...

ප්‍රසිද්ධ චරිතයක්‌වීමේ උණක්‌ තිබුණා. ඒ නිසා නළුවෙක්‌ නොවුනා නම් පාතාල ලෝකේ නායකයෙක්‌වෙලා හරි ප්‍රසිද්ධ වෙන්න ඉඩ තිබුණා. දොස්‌තර කෙනෙක්‌, ඉංජිනේරුවෙක්‌ වෙන්න ඉගෙනීමේ ආසාවක්‌ හෝ හැකියාවක්‌ කවදාවත්ම තිබිලා නැහැ.

චරිතයක්‌ තෝරා ගැනීමේදී මොනවද ඔබ හිතන්නේ...

මුලින්ම රඟපාන්න තියෙන චරිතය ගැන සැළකිලිමත් වෙනවා. ලැබෙන චරිතය මට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. දෙවනුව වැඩ කරන්න වෙන අධ්‍යක්‌ෂ ගැන අවදානය යොමු කරනවා. මිල ගැනත් හිතන්න වෙනවා. කා එක්‌කද මම රඟපාන්නේ, කොහේද රඟපාන්න තියෙන්නේ කියන කාරණා මට අදාල නැහැ.

බුද්ධිකගේ පදිංචිය කොහේද?

රාජගිරියේ, බුත්ගමුවේ.

ඉගෙන ගත්තේ මොන පාසලෙන්ද?

කොළඹ ආනන්ද විද්‍යාලයෙන්.

ජීවිතය ගැන ඔබේ හැඳින්වීම...

අනිත්‍යයි, දුක්‌කයි, අනාත්මයි. ජීවිතය තුළ කරන හැම දෙයකින්ම අපට අත්දැකීම් සහ ප්‍රතිළුල ලැබෙනවා. අත්දැකීම් ජීවිතයට ඉතා වැදගත්. ජීවිතයේ ප්‍රතිළුල හොඳ සහ නරක ලෙස කොටස්‌ දෙකකට වෙන් කළ හැකියි. නරක ප්‍රතිළුල ලැබෙන දේවල් අත්හරින්න උත්සහ කරමින් හොඳ ප්‍රතිළුල ලැබෙන දේවල් ක්‍රියාත්මක කරමින් ජීවත්වීම තමයි මම දකින ජීවිතය. 

දැන් තමයි සතුටින්ම ඉන්නේ... අයේෂා සඳමාලි

අයේෂා කීකරුයි
ඒවගේම සැරයි...
දුලිප්


https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEihLfgGkg4qxEAxDZOiHguNwECPhPuePWRftdev4i3AEkJLoW3tPg4HB1iYQO3_ZR8D2VHtipAMoMLKWN_t_pITXiz3_HVW1GEapSXFjQ_-kcFEkU88Zmr-e-NbuM3Dc8HHe-uzpvtVVeg/s1600/Ayesha1.jpg
මේ අවුරුද්ද පටන් ගන්න කොට කලා ලෝකයේ අපට නිතර දකින්න ලැබුණේ වගේම අහන්න ලැබුණේ මඟුල්තුලාවන්. හැබැයි දැන්නම් නිතර අහන්න දකින්න ලැබෙන්නේ නිළියන් මව් පදවිය ලබන පුවත්. නිරූපිකාවක්‌, නර්තන ශිල්පිනියක්‌, රංගන ශිල්පිනියක්‌ වගේම නිවේදිකාවක්‌ වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක්‌ වෙන්න යනවා කියලා අපිට පොඩි ආරංචියක්‌ ලැබුණා. ඒ ආරංචිය ඔබට කියන්න අපි ඇයගේ නිවහනට ගොඩවැදුනා.

අයේෂා මවක්‌ වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ?

ඔව්. ඇත්තටම කාලයක්‌ තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක්‌ තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක්‌ කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක්‌ තිබෙනවා.
මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?

ගොඩක්‌ විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස්‌ දීලයි තියෙන්නේ ගොඩක්‌ මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.

බබෙක්‌ ගැන බලාපොරොත්තුවෙලා කොච්චර කල්ද?

ඒ දවස්‌වල ඉඳන් මම රූපවාහිනි වැඩසටහන්වලට වගේම පුවත්පත්වලට කියලා තියෙනවා මගේ තියෙන ලොකුම සිහිනය මවක්‌ වීම කියලා. තව නොබෝ දිනකින් මගේ හීනය සැබෑවෙනවා. මම මවක්‌ වෙනවා. ගැහැනියක්‌ විදිහට ලබන්න පුළුවන් උත්තරීතරම දේ ලබන්න මම සූදානමින් ඉන්නවා.

වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?

මම නම් ඇත්තටම කැමැති දුවෙකුට. නමුත් මට ලැබෙන්නේ පුතෙක්‌. පුතෙක්‌ වුණත් දුවෙක්‌ වුණත් බොහොම සතුටෙන් භාරගන්නවා.

එතකොට සැමියා කැමැති ?

එයා නම් කැමැති පුතෙකුට.

පවුලට එකතුවන අලුත් අමුත්තාගේ වෙනස ඉදිරියේදී විඳින්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

හරිම ලොකු වෙනසක්‌ වේවි. අපි දෙන්න විවාහ වෙලා අවුරුදු හයක්‌ වෙනවා. අපි දෙන්නාගේ ජීවිතවලටත් වෙනසක්‌ ඕනෑ වෙලයි තිබුණේ. ඒ නිසා මම හිතනවා ලොකු වෙනසක්‌ දැනේවි කියලා. එය වචනවලින් කියන්න බැරි තරම්.

දුලිප්ගෙන් මේ වෙලාවේ මොනවාගේ සහායක්‌ද ලැබෙන්නේ ?

ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. මගේ පිටුපසින් හිටපු දැවැන්තම හස්‌තය විදිහට සැමියාව හඳුන්වාදෙන්න පුළුවන්. බබෙක්‌ ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු දවසේ ඉඳන් මට දැනෙන්නේ එයාට මාව ලොකු කරදරයක්‌ කියලා. මොකද ඒ තරමට මගේ වැඩකටයුතු කරන්නේ මගේ සැමියා.

මවක්‌ වීමත් සමග කලාවෙන් ඈත්වෙන්නද සූදානම?

මම පසුගිය දවස්‌වල පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වුණා. ඒ හින්දා මට කලා කටයුතුවලට දායක වෙන්න බැරිවුණා. රණවිරු රියල් ස්‌ටාර් තමයි මම අන්තිමට කරපු වැඩසටහන. මෙවරත් ඒ වැඩසටහනට ආරාධනා ලැබුණා. නමුත් ඒ වන විටත් මම අම්මා කෙනකු වෙලයි හිටියේ. මම මව් පදවිය ලබන්න ඕනෑ කාලයක, තවත් ඒක පහුකරන්න ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. ජීවිතයේ කොච්චර දේවල් කළත් ආපසු හැරී බලද්දී දැන් තමයි ජීවිතයේ සතුටුවෙන්න පුළුවන් කාලය ඇවිත් තියෙන්නේ.

මවක්‌ වෙලා කලා කටයුතු කරනවාට සැමියා විරුද්ධ නැතිද?

ඉස්‌සර නම් අපි දෙන්නා විතරයි. ඉදිරියේදී ලොකු වගකීමක්‌ පැවරෙනවා. සැමියා ගොඩක්‌ කාර්ය බහුල වුණොත් මට දරුවත් එක්‌කම ඉන්න වුණොත් වැඩකරන්න බැරිවෙයි.

ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන්නේ මොකක්‌ නිසාද?

ජීවිතයේ වැඩියෙන්ම සතුටුවෙන දවස ඉදිරියේදී තමයි තියෙන්නේ.

අපි මේ කතාබහට අයේෂාගේ සැමියා වන දුලිප්වත් එකතුකරගත්තා.

දුලිප්, අයේෂාට මොන වගේ සහයෝගයක්‌ද මේ වෙලාවේ ලබාදෙන්නේ ?

මට පුළුවන් සහයෝගය හැමවෙලාවේම ලබාදීලා තියෙනවා.

ඉදිරියේදී අයේෂාව කලාවෙන් ඈත්කරනවාද දුලිප් ?

මම කවදාවත් අයේෂාට සීමාවන් දාලා නැහැ. මම එයාගේ හැකියාවන් දකිනවා. ඒ හැකියාවන්වලට ඉඩදීලා තියෙනවා. ඉතිං ඉදිරියටත් ළමයාගේ කටයුතු බලාගෙන එයාගේ හැකියාවන් ඉදිරියට ගෙනියන්න මම ඉඩදීලා තියෙනවා.

අයේෂා ඔබ කියන දේ පිළිපදිනවාද?

බොහෝ දුරට පිළිපදිනවා. එයා දන්නවා මම දීලා තියෙන නිදහස. මම දීපු නිදහස එයා අයුතු ලෙස ප්‍රයෝජනයට අරගෙන නැහැ.

අයේෂා කියන්නේ කීකරු බිරිඳක්‌ද?

කීකරුත් තියෙනවා. ඒ වගේම සැරයි.

Friday, July 20, 2012

MALEE TELEDRAMA ON LOCATION

ANUSHA RAJAPAKSHA 2012

Related Posts Plugin for WordPress, Blogger...

Popular Posts